Home FoodRecipes රාත්‍රී ආහාරයට රසවත් soup එකක් හදා ගමුද

රාත්‍රී ආහාරයට රසවත් soup එකක් හදා ගමුද

by ladylk

උදේට සහ දවල්ට බඩ පිරෙන්න බර ආහාර වේලක් ගත්තත් රෑ කෑම වේල සැහැල්ලු ආහාරයක් වෙන තරමට එය ඔබේ සෞඛ්‍යට ගුණදායක වෙනවා. ඒ වගේම දවසම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න ඔබට රාත්‍රී ආහාරය වෙනුවෙන් වැඩි වෙලාවක් වෙන් කරන එකත් එතරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් රාත්‍රී ආහාරය වෙනුවෙන් ලේසියෙන් ම හදාගන්න පුළුවන් රසවත්, ගුණදායක සහ පවුලේ හැමෝටම රස විඳින්න පුළුවන් soup එකක්  හදාගත්තොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? ඔන්න ඒ නිසා lady.lk අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ ඔය අපි කියප් ආකාරයේ soup වර්ග 4ක් පිසගන්නා ආකාරය ගැනයි.

Carrot and coriander soup

අවශ්‍ය ද්‍රව්‍ය:- Olive oil මේස හැඳි 1, කුඩා කැබලි කපාගත් ලොකු ළූණු ගෙඩි 1, කොත්තමල්ලි කුඩු තේ හැදි 1, සූදුරු ඇට තේ හැදි ½, කහ කුඩු තේ හැඳි ½, කුඩා කැබලි කපාගත් කැරට් ග්‍රෑම් 500, කුඩා කැබලි කපාගත් අර්තාපල් ගෙඩි 1, vegetable stocks ලීටර 1, කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්, ගම්මිරිස් කුඩු, ලුණු  සහ croutons අවශ්‍ය පමණට

පිසගන්නා ආකාරය:- pan එකකට olive oil දමා එයට ලොකු ළූණු කැබලි සහ අවශ්‍ය පමණට ලුනු කුඩු දමා ළූණු කැබලි මෘදු වනතෙක් විනාඩි 5ක් පමණ හොඳින් බැදගන්න. එයට කොත්තමල්ලි කුඩු, සූදුරු සහ කහ කුඩු දමා තවත් විනාඩියක් පමණ තෙම්පරාදු කරගෙන කැරට් සහ අර්තාපල් කැබලි එකතු කරන්න. මේ තෙම්පරාදුවට vegetable stock මිශ්‍ර කර තවත් පැය බාගයක් පමණ මඳගින්නේ පිසගන්න. Soup එක මඳක් නිවුනු පසු මෘදු cream එකක් වනතෙක් blend කරගෙන කොත්තමල්ලි කොළ සහ ගම්මිරිස් කුඩු එකතු කර මිශ්‍ර කරගන්න. උඩින් croutons සහ තවත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් ඉස ආහාරය සඳහා පිළිගන්වන්න.

Leek and potato soup

අවශ්‍ය ද්‍රව්‍ය:- butter, olive/ coconut oil,  සිහින්ව ලියාගත් ලීක්ස් ග්‍රෑම් 600, කුඩා කැබලි කපාගත් අර්තාපල් ගෙඩි 3, vegetable/ chicken stock ලීටර 1 ½, single cream මිලි ලීටර 150, ගම්මිරිස් කුඩු

පිසගන්නා ආකාරය:- තරමක් විශාල pan එකක් ගෙන එයට butter සහ තෙල් ස්වල්පයක් දමා රත් කරගන්න. පසුව පාවිච්චියට ගැනීමට ලීක්ස් මේස හැඳි 2ක් පමණ ඉතිරි කර අනික්වා pan එකට දමා මෘදු වනතෙක් මිනිත්තු 10ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට අර්තාපල් කැබලි එකතු කර තවත් මිනිත්තු කිහිපයක් තෙම්පරාදු කරගෙන පසුව stock එක දමා අර්තාපල් හොඳින් තැම්බෙන තෙක් විනාඩි කිහිපයක් පිසගන්න. මේ මිශ්‍රනය මඳක් නිවුණු පසු smooth වනතුරු blend කරගන්න. එයට single cream, ගම්මිරිස් කුඩු සහ රස අනුව ලුණු එකතු කරගන්න. ඉතිරි කරගත් ලීක්ස් කැබලි ගැඹුරු තෙලේ බැද soup එකට උඩින් ඉස උණුවෙන්ම පිළිගන්වන්න. (Soup එක thick වැඩි නම් උණු වතුර, stock හෝ single cream මඳක්වැඩිපුර එකතු කරන්න)

Mulligatawny soup

අවශ්‍ය ද්‍රව්‍ය:- එළවලු තෙල් මේස හැඳි 1, සූදුරු ඇට තේ හැඳි 1, අබ ඇට තේ හැඳි 1, සිහින්ව ලියා ගත් ලොකු ළූණු ගෙඩි 1, grate කරගත් කැරට් අල 2, සිහින්ව ලියාගත් සුදු ළූණු බික් 3, තලාගත් ඉඟුරු කැබැල්ලක්, තම්බාගෙන තීරු කරගත් chicken ග්‍රෑම් 400, අමු තුනපහ කුඩු මේස හැඳි 1, chicken stock ලීටර 1, බාස්මති සහල් ග්‍රෑම් 75, කොත්තමල්ලි කොළ ස්වල්පයක්

පිසගන්නා ආකාරය:- හොඳින් වැසිය හැකි pan එකක් ගෙන එයට තෙල් දමා අබ ඇට ටික පිපිරෙන තුරු රත් කරගන්න. එයට සූදුරු ඇට තේ හැන්දත් එකතු කරන්න. ඉන් පසු සිහින්ව ලියාගත් සුදු ළූණු, ලොකු ළූණු, තලාගත් ඉඟුරු, කැරට් සහ අවශ්‍ය පමණට ලුණු එකතු කර බඳුනේ පියන වසා මඳ ගින්නේ විනාඩි 20ක් පමණ පිසගන්න. මෙයට chicken තීරු සහ තුනපහ කුඩු මේස හැන්දක් එකතු කර තවත් විනාඩි කිහිපයක පිසගෙන stock එක එකතු කරන්න. විනාඩි 5ට පසු සහල් එකතු කර තවත් විනාඩි 20ක් පමණ පිසගෙන කොත්තමල්ලි කොළ උඩින් ඉස පිළිගන්වන්න.

Pumpkin Soup

අවශ්‍ය ද්‍රව්‍ය:- olive oil මේස හැඳි 2, කුඩාවට කපාගත් ලොකු ළූණු ගෙඩි 2, කැට කපාගත් කැරට් ගෙඩි 2, කැබලි කපාගත්  celery sticks 2, තලාගත් සුදු ළූණු බික් 2, කුඩා කැබලි කපාගත් වට්ටක්කා කිලෝ ග්‍රෑම් 1, chicken stock ලීටර 1.2, double cream මිලි ලීටර 150, ගම්මිරිස් කුඩු, ලුණු, අවශ්‍ය නම් සාදික්කා කුඩු ස්වල්පයක්

Toasties

Cream cheese ග්‍රෑම් 150, grated mozzarella cheese, butter, පාන් පෙති 8, sage/ thyme/ oregano/ rosemary/ bay ඕනෑම වර්ගයකින් මේස හැන්දක්.

පිසගන්නා ආකරය:- pan එකකට olive oil දමා රත් කර එයට ලොකු ළූණු, කැරට්, celery සහ සුදු ළූණු දමා හොඳින් මෘදු වනතෙක් තෙම්පරාදු කරගන්න. මේ තෙම්පරාදුවටෞ වට්ටක්කා කැබලි සහ රස අනුව ලුණු එකතු කර තවත් විනාඩි 5ක් පමණ පිසගෙන stock එක එකතු කර වට්ටක්කා තැම්බෙන තුරු පිසගන්න. ඒ අතරතුර හැන්දක් භාවිතා කර වට්ටක්කා කැබලි පොඩි කරගන්න. මෙයට double cream එකතු කර විනාඩි 2-3ක් තබා මඳක් නිවුණු පසු blend කරගන්න. ගම්මිරිස් සහ සාදික්කා කුඩු ස්වල්පයක් ඉස, toasties සමඟ උණුවෙන්ම පිළිගවන්න.

Toasies සකසා ගැනීම:- cream cheese, mozzarella cheese සහ seasonal powder එකට මිශ්‍ර කර පාන් පෙතිවල තවරා sandwiches 4ක් සකස් කරගන්න. Sandwiches වල පිටත butter තවරා nonstick pan එකක් භාවිතා කර දෙපැත්ත දමමින් fry කරගන්න. මේවා Sticks ආකාරයට කපා soup සමඟ පිළිගන්වන්න.

Related Articles