Home FoodRecipes පුංචිම වෙලාවකින් හදාගන්න පුළුවන් easy snacks

පුංචිම වෙලාවකින් හදාගන්න පුළුවන් easy snacks

by ladylk

බඩගිනි වෙන හැම වෙලාවකම බර ආහාර වේල් ගන්න එක සෞඛ්‍යයට නම් එතරම් ගුණදායක දෙයක් නෙවෙයි. ඒ වගේ පොඩි බඩගිනි වෙලාවකට කෑමට ගන්න, ගෙදරට එන අමුත්තොන්ට සංග්‍රහ කරන්න වගේම, පොඩ්ඩගේ lunch box එකට දාලා යවන්නත් සුදුසු විදියේ snacks කිහිපයක් හදාගන්න ආකාරය තමයි අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ. මේ හැම snack එකක් ම මිනිත්තු 30ට අඩු කාලයක් ඇතුළත සකස් කරගන්න පුළුවන් වීමත් අමතර වාසියක් විදියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා.

Protein Bars

අවශ්‍ය ද්‍රව්‍ය:- fresh milk කෝප්ප ½, chunky peanut butter කෝප්ප 1, මී පැණි කෝප්ප ½, whey protein කෝප්ප 1, rolled oats කෝප්ප 2, කුරුඳු කුඩු තේ හැඳි 1, chocolate chips/ chopped dates/ raisins/ melted chocolate ඕනෑම වර්ගයකින් කෝප්ප 1 (topping එක සඳහා)

සකසා ගන්නා ආකාරය:- බඳුනක් ගෙන එයට fresh milk, peanut butter සහ මී පැණි දමා සියල්ලම හොඳින් මිශ්‍ර වන සේ මඳ ගින්නේ හැඳිගාමින් රත් කරන්න. ඉන් පසු ලිපෙන් ඉවත්කර එයට protein powder, oats සහ කුරුඳු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රනය thick වැඩිනම් fresh milk ස්වල්පයක් එකතු කරන්න. 8*8 ප්‍රමානයේ pan එකක butter ආලේප කර මේ මිශ්‍රණය එයට දමා oil paper එකක් භාවිතා කර හොඳින් press කරන්න. මෙය පැය කිහිපයක් ශීත කර අවශ්‍ය ප්‍රමානයේ bars වලට කපාගෙන තෝරාගත් topping එක උඩින් දමාගන්න. මේ protein bars තදින් වැසිය හැකි container එකක දමාගෙන දවස් කිහිපයක් හෝ ශීතකරණයේ දමා සති 2-3ක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්.

Egg Roll Mozzarella Sticks

අවශ්‍ය ද්‍රව්‍ය:- roll wrappers 5, string cheese sticks 10, වතුර, බැද ගැනීමට තෙල්, Marinara sauce

සකස් කරගන්නා ආකාරය:- 

දිග හැරගත් roll wrapper එකේ එක් කොනකින් cheese stick එක තියා roll එකක ආකාරයට wrap කරගන්න. වතුර ස්වල්පයක් ආලේප කර අලවාගෙන හොඳින් seal කරගන්න. ගැඹුරු තෙලේ රන්වන් පැහැ වෙනතුරු බැදගෙන marinara sauce සමඟ පිළිගන්වන්න.

Apple cinnamon chips

පිරිසිදු කරගත් ඇපල් ගෙඩි කිහිපයක් සිහින් පෙති ආකාරයට කපාගන්න. Parchment paper එකක් සහිත baking pan එකක මේ ඇපල් පෙති අතුරා සීනි සහ කුරුඳු කුඩු ස්වල්පය බැගින් ඉසින්න. 200 °f ට preheat කරගත් oven එකක පැයක් පමණ bake කරගන්න. Oven එක off කර තවත් පැයක් පමණ ඒ තුළම baking tray එක තියෙන්නට ඉඩ හරින්න.

Chocolate cookies

අවශ්‍ය ද්‍රව්‍ය:- peanut butter කෝප්ප ½, oats කෝප්ප ⅔, dark chocolate 50g, කැමති වර්ගවල nuts, පොල් තෙල් මේස හැඳි 1

සකසාගන්නා ආකාරය:- බඳුනක් ගෙන peanut butter, oats සහ කැබලි කරගත් nuts මේස හැඳි 3 ක් එයට දමා හොඳින් මිශ්‍ර කරන්න. Dark chocolate සහ පොල්තෙල් double boil ක්‍රමයට melt කරගෙන එයට oats මිශ්‍රනය එක් කර හොඳින් කවලම් කරගන්න. Oil paper එකක් අතුරාගත් tray එකක තැන් තැන්වලට මෙයින් මේස හැන්ද බගින් දමා පැයක් පමණ ශීත කරගෙන කෑමට ගන්න පුළුවන්. (සාමාන්‍ය කාමර උශ්නත්වයේදී මේ cookie එක melt වෙනවා)

Chia pudding

අවශ්‍ය ද්‍රව්‍ය:- chia seeds මේස හැඳි 2, almond milk කෝප්ප ½, මී පැණි තේ හැඳි ½, වැනිලා ස්වල්පයක්, almond butter තේ හැඳි 1, nuts කැබලි ස්වල්පයක්

සකසා ගන්නා ආකාරය:-

Chia seeds, මී පැණි, වැනිලා සහ almond milk වීදුරුවකට දමා හොඳින් මිශ්‍ර කර lid එකෙන් වසා පැය 8-10ක පමණ කාලයක් ශීතකරණයේ තියන්න. කැබලි කරගත් nuts සහ almond butter ස්වල්පයක් topping එක විදියට දමා කෑමට ගන්න.

Chicken quesadilla

අවශ්‍ය ද්‍රව්‍ය:- chicken තීරු කෝප්ප 1 ,cream cheese මේස හැඳි 2, tomato paste මේස හැඳි 2, සිහින්ව කපාගත් සුදුළූණු බික් 3, සූදුරු කොත්තමල්ලි සහ කෑලි මිරිස් ස්වල්පය බැගින්, සිහින්ව කපාගත් අමු මිරිස් කරලක්, baby spinach/ basil කෝප්ප 1, grated mozzarella cheese කෝප්ප ½, 2 tortillas

සකස් කරගන්නා ආකාරය:- 

Cream cheese, සුදු ළූණු, tomato paste, සූදුරු කුඩු, කොත්තමල්ලි කුඩු, කෑලි මිරිස් සහ වතුර තේ හැන්දක් බඳුනකට දමා මෘදු paste එකක් සකස් කරගන්න. අමු මිරිස්, Chicken තීරු සහ baby spinach/ basil කොළ ඒ මිශ්‍රනයට එකතු කරන්න. Tortilla එකක් ගෙන එයින් බාගයක මේ මිශ්‍රනයෙන් බාගයක් තවරා ඊට උඩින් mozzarella cheese දමන්න. ඉතිරි tortilla එකත් ඒ ආකාරයටම් සකස් කරගන්න. Tortilla එක දෙකට නවා තෙල් ගාගත් pan එකක දෙපැත්ත දමමින් toast කරගන්න. Slices 2-3 ට කපා කෑමට එක් කරගන්න.

Related Articles