Home FoodRecipes රසම රස chicken soup එකක් හදමුද?

රසම රස chicken soup එකක් හදමුද?

by ladylk

Chicken soup කියලා කියන්නේ නිකන්ම කටට රස පානයක් විතරක් නම් නෙවෙයි. ඔබේ immunity වැඩි කරලා ඔබට නව පණක් ලබාදෙන්න සමත්වෙන ආහාර වේලක් විදියට chicken soup හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ විවිධ ක්‍රම කිහිපයකට සකස් කරගන්න පුළුවන් chicken soup වර්ග කිහිපයක් ගැනයි. බලන්න ඔබත් ප්‍රිය කරන විදියේ soup එකක් මේ අතර තියෙනවද කියලා.

Chicken soup with couscous

අවශ්‍ය ද්‍රව්‍ය:- olive oil තේ හැඳි 2, සුදු ළූණු බික් 3, ලොකු ළූණු ගෙඩි ½, කැරට් අල 1, celery stalks 1, ඉඟුරු paste තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/2, ලුනු අඩු chicken stocks කෝප්ප 3, කටු සහ සම රහිත chicken 250g, ලුණු රස අනුව, rosemary/ thyme වැනි herbs කුඩු තේ හැඳි 1, ගම්මිරිස් කුඩු රස අනුව, couscous කෝප්ප ½, තම්බාගත් green peas කෝප්ප 1/3

සකස් කරගන්නා ආකාරය:- බඳුනක් ලිපේ තියා රත් කර එයට olive oil එකතු කරන්න. තෙල් රත්වූ පසු එයට සුදු ළූණු පෙති, ලොකු ළූණු කැට, සිහින් කැරට් පෙති සහ කුඩාවට කපාගත් celery එකතු කර මිනිත්තු කිහිපයක් පිසගන්න. ඉන්පසු එයට ඉඟුරු සහ කහ කුඩු එක් කර තත්පර 30ක් පමණ තියා, chicken stocks, කුඩා chicken කැබලි, ලුණු, ගම්මිරිස් සහ herb powder එකතු කරන්න. මේ මිශ්‍රණය උතුරන විට couscous එකතු කර හොඳින් හැඳි ගාන්න. ඉන්පසු ගින්දර අඩු කර chicken කැබලි හොඳින් තැම්බෙනතුරු මිනිත්තු 20ක් පමණ මඳගින්නේ පිසෙන්නට ඉඩ හරින්න. අවසානයට වෙනම තම්බාගත් green peas එකතු කර ලිපෙන් බාගන්න. දියර ගතිය අඩු නම් රුචිය පරිදි තවත් stocks කෝප්පයක් පමණ එකතු කරගන්න.

Chicken soup with Egg noodles

අවශ්‍ය ද්‍රව්‍ය:- unsalted butter මේස හැඳි 1, ලොකු ළූණු ගෙඩි 1/2, කැරට් අල 1, celery stalks 1, සුදු ළූණු බික් 1, chicken stocks කෝප්ප 4, bay leaf 1 (thyme, oregano, rosmery ස්වල්පයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්), ලුණු ගම්මිරිස් සහ දෙහි යුෂ රස අනුව, සම රහිත chicken 500g, Egg noodles කෝප්ප 1, කුඩාවට කපාගත් parsley කොළ මේස හැඳි 1, රස අනුව දෙහි යුෂ

සකස් කරගන්නා ආකාරය:- butter රත්කර එයට කොටු කපාගත් ලොකු ළූණු, කැරට් පෙති සහ කුඩාවට කපාගත් celery එකතු කර මිනිත්තු 3-4ක් පමණ කාලයක් හැඳි ගාමින් පිසගන්න. එයට සුදු ළූණු පෙති එකතු කර තවත් මිනිත්තුවක් පමණ පිසගන්න. Chicken stock, Bay leaf, අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් යන සියල්ලම බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය සහ කුඩාවට කපාගත් chicken කැබලි කැරට් තෙම්පරාදුවට එකතු කර මඳ ගින්නේ මිනිත්තු 30ක් පමණ කාලයක් පිසගන්න. මෙයටම egg noodles එකතු කර තවත් මිනිත්තු 6-7ක් හැඳිගාමින් පිසගන්න. ලිපෙන් ඉවත් කරගෙන  රස අනුව ලුණු ගම්මිරිස් දෙහි යුෂ සහ parsley කොළ එකතු කරගන්න.

Chicken soup with feta cheese

අවශ්‍ය ද්‍රව්‍ය:- chicken stocks කෝප්ප 5, olive oil මේස හැඳි 2, සුදුළූණු බික් 4, ලොකු ළූණු ගෙඩි ½, zested lemon ½, කටු සහ සම රහිත chicken 500g, කෑලි මිරිස් තේ හැඳි 1, crumbled feta cheese මේස හැඳි 2, කුඩාවට කපාගත් ලූණු කොළ මේස හැඳි 2, ලුණු ගම්මිරිස් රස අනුව

සකස් කරගන්නා ආකාරය:- බඳුනක් ලිපේ තියා එයට olive oil එකතු කර මඳගින්නේ රත් කරගන්න. ඉන්පසු සිහින්ව කපාගත් ලොකු ළූණු සහ සුදුළූණු පෙති එයට එකතු කර විනාඩි 3-4 ක් තෙම්පරාදු කරගන්න. මෙයට කුඩා chicken කැබලි, chicken stocks, lemon zest සහ කෑලි මිරිස් එකතු කර මිශ්‍රනය උතුරන තෙක් විනාඩි 5ක් පමණ රත් කරන්න. ගින්දර අඩු කර අවශ්‍ය පමණට ලුණු ගම්මිරිස්, feta cheese සහ ලූණු කොළ එකතු කර ලිපෙන් බාගන්න.

Chicken soup with broccoli

අවශ්‍ය ද්‍රව්‍ය:- olive oil මේස හැඳි 2, ලොකු ලූණු ගෙඩි 1, කැරට් අල 1, broccoli කෝප්ප ½, celery stalk 1, සුදු ළූණු බික් 2, bay leaf/ mixed herbs/ කෑලි මිරිස් වැනි herbs, ලුණු සහ ගම්මිරිස්, chicken stock කෝප්ප 3, fresh milk කෝප්ප 1, corn flour මේස හැඳි 1, roast chicken කුඩා කැබලි 250g

සකස් කරගන්නා ආකාරය:- බඳුනක් ලිපේ තියා එයට olive oil එකතු කර රත් කරගන්න. සිහින්ව කපාගත් ලොකු ළූණු, සුදු ළූණු පෙති, celery කැබලි, කැරට් පෙති සහ broccoli කැබලි එයට එකතු කර විනාඩි කිහිපයක් තෙම්පරාදු කරගන්න. ඉන්පසු මෙයට කැමති seasoning herbs වර්ගත් එක් කර විනාඩි 2ක් පමණ කාලයක් පිසගන්න. fresh milk සහ corn flour බඳුනකට දමා කැටි නොගැසෙන සේ හොඳින් whisk කරගෙන, එයටම chicken stock එකත් මිශ්‍රකර මඳ ගින්නේ හොඳින් හැඳි ගාමින් තරමක් thick වනතුරු පිසෙන්නට ඉඩ හරින්න. ඉන් පසු chicken කැබලි සහ කලින් පිළියෙල කරගත් තෙම්පරාදුව එකතුකර විනාඩි 5-7ක් පමණ තබා රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරන්න.

 Creamy chicken soup

අවශ්‍ය ද්‍රව්‍ය:- olive oil තේ හැඳි 1, කුඩාවට කපාගත් කැරට් කැබලි කෝප්ප ½, කුඩාවට කපාගත් celery stalks කෝප්ප ⅓, කැට කපාගත් ලොකු ළූණු ගෙඩි 1, chicken stocks කෝප්ප 2, bay leaf 1,  Parsley ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක්, mixed herbs තේ හැඳි 1, සුදු ලූණු පෙති තේ හැන්දක්, ගම්මිරිස් කුඩු සහ ලුණු රස අනුව, fresh milk කෝප්ප 2, තම්බාගෙන කැබලි කරගත් chicken කෝප්ප 2, parmesan cheese powder ස්වල්පයක්

Roux:- all- purpose flour මේස හැඳි 3, olive oil තේ හැඳි 3, butter තේ හැඳි 3

සකස් කරගන්නා ආකාරය:- බඳුනකට olive oil දමා රත් කර එයට කැරට්, celery සහ ලොකු ළූණු එක් කර මඳක් තෙම්පරාදු කරන්න. ඉන් පසු එයට chicken stock, bay leaf, mixed herbs, කහ, සුදු ළූණු සහ ගම්මිරිස් යන අමුද්‍රව්‍ය සියල්ලම එකතු කර හොඳින් මිශ්‍ර කරමින් විනාඩි 15ක් පමණ කාලයක් පිසගන්න.

කුඩා බඳුනකට butter, olive oil සහ පිටි එක් කර, whisk කරමින් මඳ ගින්නේ රත් කර smooth sauce එකක් පිළියෙල කරගන්න.

කලින් පිළියෙල කරගත් soup එකට fresh milk සහ sauce එක මිශ්‍ර කර හැඳිගාමින් මිනිත්තු 6-7ක් මඳ ගින්නේ පිසගන්න. මෙයට තම්බාගත් chicken කැබලි, රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කර අවසානයට parmesan cheese ස්වල්පයක් උඩින් ඉස පිළිගන්වන්න.

Related Articles