Home LifestyleAstrology ඔබ උපන් නැකත අනුව ඔබ කොහොම කෙනෙක්ද ?

ඔබ උපන් නැකත අනුව ඔබ කොහොම කෙනෙක්ද ?

by LADY.LK
මෙලොවට බිහිවන කුඩා දැරිවියක්, තරුණියක්, මවක්, සහෝදරියක් ආදි නොයෙක් පදවි ලබමින් ජිවිතයේ ගමන් කරයි.  විශේෂ වශයෙන්ම එම නැකැත් වලට අදාල චරිත ලක්ෂණ සහ විශේෂතා පහත පරිදි වේ.
නැකැත් 27ක් ජ්‍යොතිෂ්‍යය අනුව පවතිනවා. ඒ අනුව නැකැත් වලට අදාලව විවිධාකාර ලක්ෂණ එක එක්කෙනාට තියෙනවා. අද අපි මුල් නැකැත් 9ට අනුව ලක්ෂණ බලමු.

1 අස්විද නැකත
මෙම නැකතින් උපන් කාන්තාව බොහෝ දුරට ක්‍රියාශීලි පිරිසිදු ගති ඇති ලදකි. තම ස්වාමියාට ප්‍රිය වේ. ධනය ලැබේ.
අශ්ව යෝනිය හිමිවන බැවිනුත් පුරුෂ ලිංගික නැකත බැවිනුත් ලිංගික කටයුතු වලින් තම ස්වාමියාව ප්‍රමෝදයට පත් කරයි.
2 බෙරණ නැකත
මේ නැකත හිමි කාන්තාව කිසියම් ආකාරයකට ආධිපත්‍ය පතුරන කාන්තාවක් විය හැක.
බොහෝවිට රණ්ඩු සරුවල් ආදියට පැටලීමට රුචිකමක් දැක්වූවත් බියගුළු ස්වභාවයක්ද පෙන්වයි. මෙම නැකතින් උපන් අය කොයිතරම් මුදල් තිබ්බත් ඒවා පරිහරණයට නොගෙන ජීවත් වීමට වග බලා ගනී. සමහරවිට දිළිදු වීමට ඉඩ ඇත. මෙම නැකතින් උපන් කාන්තාව මේ නැකතටම ගැලපෙන පුරුෂයෙකු විවාහ කරගත යුතුය. මන්ද ලිංගික කටයුතු වලදි යම් තෘප්තිමත් භාවයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇති නිසාය.
3 කැති නැකත
කැත්තක් ආකාරයට පිහිටා ඇති මේ නැකැත් තාරකාවෙන් උපන් ලදුන් සැබවින්ම රණ්ඩු සරුවල් වලට මැදිහත් වේ. විශේෂයෙන්ම දත් විශාලය. හිතේ ඒකාග්‍රතාවය අඩුය. වචනය නිසා බොහෝ දේවල් නැතිකරගැනිමට ඉඩ තිබේ. ලිංගික ශක්තිය යහපත්ය.
4 රෙහෙණ නැකත
උපන් කාන්තාව බොහෝම ශුද්ධාත්ම චරිතයකි. බොහෝවිට රූපශ්‍රීය ඇතිවේ. තම ස්වාමියාට දැඩිව ආදරේ කරයි. මව්පියන්ටද හිතවත් වේ. යහපත් දරුවන් ලැබේ. සන්සුන් හා යහපත් ලිංගික ආශ්වාදයක් බලාපොරොත්තු වේ.
මෙවැනි කාන්තාවන්හට ඉතාම හුරුබුහුටි ලිංගික අවයව පිහිටයි.
5 මුවසිරස නැකත
මේ නැකතින් උපන් කාන්තාව පැහැදිලිවම ජයග්‍රාහි ලීලාවෙන් කටයුතු කරයි. විශේෂයෙන්ම රූමත් ලලනාවන් මේ නැකතින් උපදී. විවාදාත්මක චරිතයකි. වාසනා ගුණය ඇතිවේ. බලය ධනය ලැබෙන සේ කටයුතු කරයි. දරුවන් වාසනාවන්ත වේ. එසේම සැපිනි යෝනිය නිසා ඒ යෝනියට ගැලපෙන ආකාරයට සහකරුවෙක් සොයා ගත යුතුය. කේන්දරයේ අනිකුත් ග්‍රහචාරත් සමග මනාව අනිත කේන්දරයක් හා ගැලපුනොත් ලිංගික ජීවිතය යහපත් වේ.
6 අඳ නැකත 
මේ නැකත හිමි කාන්තාව කිසියම් ආකාරයක ඉවසීමෙන් තොරව කටයුතු කරන කාන්තාවකි. එසේම තැනක් නොතැනක් බලා කතා කරයි. බොහෝවිට මෙවැනි අය සමාජයේ විවේචන වලට බදුන් වේ. බුද්ධිමත්ව කටයුතු නොකරන්නේ නම් ජිවිතයේ මධ්‍ය කාලය දුකින් ගත වේ.සාමාන්‍ය ලිංගික ශක්තියක් පෙන්වයි.
7 පුනාවස නැකත
මෙම කාන්තාව ඉතාම ගෞරවාන්විත චරිතයකි. බොහෝවිට වාසනාවන්තයි. ආගම දහමට නැඹුරුව කටයුතු කරන අතර අන් අයට උදව් උපකාරද කරයි. සන්සුන් ගමනින් ඇවිදී. සුන්දර ලිංගික ඇසුරක් ස්වාමියා හා පවත්වා ගනී.
8 පුෂ නැකත
මේ නැකත හිමි කාන්තාව ඉතාම රූමත් බව කිව යුතුය. ගුණ යහපත්කම උපතින්ම රැගෙන ආ ගුණාංගයකි. ආගම දහමට ඇල්මක් දක්වන අතර වෘක්ෂ සංකේතයද බෝ වෘක්ෂයයි.
මේ නැකතින් උපන් කාන්තාවටද බෝ කොළයක් හැඩැති සුන්දර පියකරු යෝනි පෙදෙසක් පිහිටයි. එසේම ස්වාමියාට ඉතාම ප්‍රියමනාප වේ. සියලුම ඥාතින් සමග බොහෝම සාමකාමිව දිවි ගෙවයි. සතුරා මිතුරා කරගෙන දිවි ගෙවීමට මොවුන් දක්ෂයි.
9 අස්ලිස නැකත
උපන් කාන්තාවගේ චරිතය බොහෝවිට රළු පරළුය. සමහර වෙලාවට දුකින් කාලය ගතකිරීමට ඉඩ ඇත. අනුන්ගේ සිත් රිදවෙන ආකාරයට දැඩි වාග් ප්‍රහාර එල්ල කරයි. තරමක අහංකාරයක්ද ඇති අතර සමහරවිට කුඩා දරුවෙක් මෙන් හැසිරීමටද ඉඩ තිබේ.රාක්ෂ ගණයේ බැවින් තදබල ලිංගික ආශාවක් සපුරා ගනී. මේ අයගේ යෝනි පෙදෙස කුඩා වන අතර සංවේදිභාවය තරමක් අඩු බව නිගමනය කල හැක.
පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය අනුව ලියන ලද්දකි.

Related Articles