Home FoodRecipes Healthy විදියට හදාගත්ත Unhealthy foods

Healthy විදියට හදාගත්ත Unhealthy foods

by ladylk

පහසුව නිසා වගේම දිව පිනවන රස හන්දත් unhealthy කෑම වර්ග ගන්න අපි බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. අකමැත්තෙන් healthy කෑම වර්ග විතරක් ගන්න උත්සහ කරනවා වෙනුවට unhealthy කෑම healthy විදියට සකස් කරගන්න හිතුවොත් හොඳ නැද්ද? ඒ ක්‍රමය හොඳයි කියලා හිතනවා නම් මේ ලිපිය සකස්වෙලා තියෙන්නේ, කටට රසට වගේම පෝශ්‍යදායි විදියටත් ආහාර ගන්න කැමති ඔබ වෙනුවෙන්මයි.

Cauliflower and chicken koththu

අවශ්‍ය ද්‍රව්‍ය:- cauliflower කෝප්ප1, කැරට් කෝප්ප ¼, ලීක්ස් කෝප්ප ¼, මාලු මිරිස් කරල් 1, තක්කාලි ගෙඩි 1, බෝංචි කරල් 4, ඉඟුරු සහ සුදු ළූණු paste තේ හැඳි 1,  කරපිංචා, බිත්තර 1, කුඩාවට කපාගත් කටු රහිත chicken කෝප්ප ½, ලොකු ළූණු ගෙඩි 1, කහ කුඩු, බැදපු තුනපහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, මිරිස් කුඩු, පොල්තෙල්

සදාගන්නා ආකාරය:- කුඩාවට කඩාගත් cauliflower ලුණු වතුරෙන් සහ පිරිසිදු වතුරෙන් හොඳින් සෝදාගෙන මිනිත්තු 4-5ක් පමණ කාලයක් තම්බා ගන්න. වතුර ඉවත් කර හොඳින් වියළෙන තෙක් තෙත මාත්තු කරගන්න. තාච්චියක් ලිප තබා පොල්තෙල් දමා රත් කරගෙන, එයට chicken කැබලි, ඉඟුරු සහ සුදුළූණු paste, කරපිංචා, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, බැදපු තුනපහ කුඩු, කහ කුඩු ස්වල්පයක් බැගින් සහ තරමක් විශාලව කපාගත් ලොකු ළූණු  එකතු කර තෙම්පරාදු කරගන්න. හොඳින් whisk කරගත් බිත්තරය එයට එක් කර බැදෙන්නට හරින්න. එයට සිහින්ව කපාගත් කැරට්, බෝංචි, ලීක්ස්, මාලු මිරිස් සහ තක්කාලි දමා කලවම් කර මඳ වෙලාවක් තැම්බෙන්නට ඉඩ හරින්න. අවසානයට cauliflower කැබලි සහ රස අනුව ලුණු එක් කරගන්න. අවශ්‍ය නම් චීස් එකතු කරගෙන රසය වැඩි කරගන්න.

Oats and Atta pizza

අවශ්‍ය ද්‍රව්‍ය:- ආටා පිටි කෝප්ප ½, oats පිටි කෝප්ප ½, ලුණු කුඩු, cinnamon powder තේ හැඳි 1, ලොකු ළූණු ගෙඩි 1, මාළු මිරිස් කරල් 2, උණු වතුර, තක්කාලි ගෙඩි 1, තම්බාගත් කුඩා chicken කැබලි, mozzarella cheese, mayonnaise sauce, tomato sauce, තෙල්, 

සදාගන්නා ආකාරය:- ආටා පිටි, oats පිටි, ලුණු, කුරුඳු කුඩු සහ උණුවතුර එක්කර තරමක් ඝනකම් batter එකක් හදාගන්න. Pan එකකට තෙල් දමා රත් කර කලින් සදාගත් batter එක ඊට උඩින් දමාගන්න. එය මඳ ගින්නේ විනාඩි 5ක් පමණ පිසගෙන අනිත් පැත්තට දමාගන්න.  ඊට උඩින් පෙති කපාගත් ළූණු, මාලු මිරිස් සහ තක්කාලි අතුරාගෙන විනාඩි 2ක් පමණ පියන වසා තබන්න. ඉන්පසු ඊට උඩින් chicken කැබලි අතුරාගෙන අවසානයට sauce සහ cheese දමාගන්න. ගම්මිරිස් සහ ලුණු ස්වල්පයක් උඩින් ඉස pan lid එකෙන් වසා විනාඩි කිහිපයක් පිසගන්න.

කුරක්කන් පාන්

අවශ්‍ය ද්‍රව්‍ය:- කුරක්කන් පිටි කෝප්ප 1, පාන් පිටි කෝප්ප 1, කිරි පිටි කෝප්ප ¼, yeast තේ හැඳි 2 , උණු වතුර කෝප්ප 2, රතු සීනි මේස හැඳි 2, butter මේස හැදි 1, ලුණු අවශ්‍ය පමණ

සදාගන්නා ආකාරය:- සීනි සහ yeast මඳ උණුසුම් ජලය ස්වල්පයක දියකර විනාඩි 20-30 ක පමණ කාලයක් පිපෙන්නට තියන්න. තරමක් විශාල බඳුනක් ගෙන එයට කුරක්කන් පිටි, පාන් පිටි, කිරි පිටි සහ ලුණු දමා හොඳින් මිශ්‍ර කරගන්න. මෙයට උණුවතුර, yeast මිශ්‍රනය සහ බටර් එකතුකර හොඳින් අනාගන්න. පිටි dough එක උඩට පොල්තෙල් ස්වල්පයක් ආලේප කර වතුර මිරිකා ඉවත් කළ තෙත serviette එකකින් වසා පැය 4 පමණ කාලයක් පිපෙන්නට තියන්න. පාන් සැදීමට භාවිතා කරන tray එකේ butter ස්වල්පයක් ආලේප කර ඊට උඩින් පිටි ස්වල්පයක් ඉසගන්න. පැය 4කින් පසුව, හොඳින් පිපුණු dough එක තදකර එහි වාතය ඉවත්කර, පාන් සැදීමට භාවිතා කරන tray එකට දමාගන්න. නැවතත් එහි butter ස්වල්පයක් ආලේප කර තෙත serviette එකෙන් වසා පැය ½ පමණ පිපෙන්නට තියන්න. 260°c ට preheat කරගත් oven එකක විනාඩි 30-45 පමණ කාලයක් bake කරගන්න.

Cereal

අවශ්‍ය ද්‍රව්‍ය:- කඩල, කව්පි, මුං ඇට, රටකජු, සෝයා, බඩ ඉරිඟු, ඇට පරිප්පු, තෝර පරිප්පු, ආමන්ඩ්, තල, සහල් වගේ තමන් කැමති ධාන්‍ය වර්ග කැමති ප්‍රමාණ වලින්.

සදාගන්නා ආකාරය:- හොඳින් සෝදා පිරිසිදු කරගත් ධාන්‍යවල වතුර බේරා, තෙත ගතිය නැතිවෙන තෙක් හොඳින් වියළාගන්න. විශාල භාජනයකට ධාන්‍ය දමා, මඳ ගින්නේ කර නොවෙන සේ ඉතා හොඳින් බැදගන්න (තෙත් ගතිය සම්පූර්ණයෙන් ඉවත්වෙන තෙක්ම බැදගැනීම අත්‍යවශ්‍යයි). ඉන්පසුව Grinder එකක දමා පිටි වන තෙක් හොඳින් කුඩු කරගෙන පෙනේරයකින් හලාගන්න. මේ ආකාරයට සකසාගන්නා cereal, සුළං නොවදින ආකාරයට බඳුනක අසුරාගෙන මාසයක් පමණ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.

Chicken sausages

අවශ්‍ය ද්‍රව්‍ය:- කටු රහිත chicken 500g, ලොකු ළූණු ගෙඩියක්, සුදු ළූණු බික් 3-4, ඉඟුරු ස්වල්පයක්, කරපිංචා, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, corn flour.

සදාගන්නා ආකාරය:- කුඩාවට කපාගත් මස්, ලොකු ළූණු, සුදු ළූණු, කරපිංචා කොළ 3-4, ඉඟුරු, ගම්මිරිස්, මිරිස්, තුනපහ, කහ ස්වල්පය බැගින්, corn flour තේ හැඳි 1ක් සහ ලුණු කියන සියලුම ද්‍රව්‍ය grinder එකක දමා ඉතා හොඳින් අඹරාගන්න. Corn flour වෙනුවට පොල්තෙල් ස්වල්පයක් දාන්නත් පුළුවන්. අමුද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර වන ආකාරයට නැවතත් ඉතා හොඳින් අනාගන්න. lunch sheets හෝ cling wraps වලට දමා sausage හැඩයට සකසාගෙන ටොෆියක ආකාරයට දෙපසින් ගැටගසා ගන්න. Cling wraps වෙනුවට ගින්නෙන් තවාගත් කෙසෙල් කොළ පාවිච්චි කරන්නත් පුළුවන්. විනාඩි 15ක පමණ කාලයක් steam කරගෙන, පසුව අවශ්‍ය ආකාරයට සකසා කෑමට ගන්න.

  .

Related Articles