Home Health & WellnessMental Wellness & Psychology අතීතයේ දොර වහලම දාන්න

අතීතයේ දොර වහලම දාන්න

by LADY.LK
ඔබේ හිතෙන් අතීතය ගැන සිතමින් සිටිනවාට වඩා, එම අතීතය ගැන සිතන එක නතර කොට, අතීතයෙන් ලැබූ අත්දැකීම් අනාගතය වාසනාවන්ත කරගැනීමට භාවිත කරන්න. ඒ කියන්නෙ අතීතයෙන් ලැබුනු පාඩම වර්තමානයේ හරියට භාවිත කලොත් අපිට අනාගතයේ හොඳින් ඉන්න පුලුවන් බව අපි තේරුම් ගන්න ඕන.
 දැන් ඔබ කුමන තත්වයක සිටියද, සමහරවිට එය අභාග්‍යසම්පන්න තත්වයක් විය හැකියි. එසේ වුවද, සෑම කරදර බාධකයකම වෙස්වලාගත් ආශිර්වාදයක්ද ඇති බව හිතේ තියෙන්න උවමනයි. ඇත්තටම අපි වෙනුවෙන් අපේ ජීවිතය හොඳ තැනකට ගේනන කිසි කෙනෙක්ට බැහැ. ඒක කරන්න පුලුවන් අපිටම විතරයි.
නිකමට හිතන්න ඔයා අතීතය ගැන උවමනාවට වඩා හිතන්න ගියාම මොකද වෙන්නෙ කියල ? ඇත්තටම වෙන්නෙ හිතට ඇතිවන්නේ කණගාටුව ඇති වෙනව විතරයි නේද ?   එහෙම නම් අපි කරන්න ඕන හැම  යහපත් දේ ගැනම හිතන එකයි.  අයහපත් දේ ගැන හිතන්න හොඳ නැහැ.
කරල බලන්න,  ඔයා ඒ දුක්බර, කණගාටුදායක සිදුවීම් ගැන සිතීම නතර කරාම, කාලය විසින්ම ඔයාට වඩා හොඳ අනාගතයකට ඉඩක් හදල දේවි.
දන්නවද ? ලෝකයේ බොහෝමයක් කරදර බාධක ජයගෙන ලෝක ප්‍රසිද්ධ වූ සියලුදෙනාම අතීතයේ කරදර බාධක වලින් පන්නරය ලැබ ජිවිතය දියුණු කරගත් අය බව !
* වසර ගණනාවක් එංගලන්තයේ අගමැති පදවිය දැරූ John Major, වතාවක් ‘කොන්දොස්තර‘ විභාගයද ෆේල් වූ කෙනෙක් බව ඔබ දන්නවාද ?

John Major (Image Source: telegraph.co.uk)

* Knut Hamsun නෝවීජියන් සංක්‍රමණිකයෙක් වූ අතර, ඇමරිකාවට ඇතුළු වීමට කල සියලු උත්සහයන් අසාර්ථක වූවෙක් විය.
තමා විඳි කරදර බාධක සහිත අරගලය ගැන ග්‍රන්ථයක් ඔහු ලියූ අතර, එයට නොබෙල් ත්‍යාගය පවා හිමිවිය( Hunger).

Knut Hamsun ( Image Source: Famous Authors)

* රැකියා ගණනාවක් කර ඒවායින් අසාර්ථක වී තමා අසාර්ථක කෙනෙක් බව පිලිගත් Harry S. Truman, ඇමරිකාවේ 33වන ජනාධිපතිවරයා විය,
මේ ආකාරයටම ඉංජිනේරුවෙක් වන්නට උත්සහ කල, ගබඩා පාලකයෙක් වන්නට උත්සහ කල, යුද්ධයට බැඳී කපිතාන්වරයෙක් වූ ආදරය කර පසුව විවාහ වූ කාන්තාව අකාලයේ මරණයට පත්වූ, දේශපාලනයට පිවිස මුලින් පරාජය වූ Abraham Lincoln අදටද ලෝකයේම පිලිගැනෙන ජනාධිපතිවරයෙකි !
ලෝකයේ ඉහලටම පැමිණි කිසිවෙක් සරල සුන්දර ජිවිතයකට හිමිකම් කියා ඒ තැන්වලට පැමිණ නැත.

Abraham Lincoln ( Image Source: Guideposts)

මතක තියාගන්න ජිවිතය මෙහෙමයි.
ඔයා කල යුත්තේ ජිවිතය ගැන කම්පා වීම හෝ දොස් තැබීම තමන් ගැන කණගාටුවට පත්විම නොව, ඉදිරිය යහපත් කරගැනීමට සහ තිබෙන යහපත ඇති කරගැනිමට, තිබෙන යහපත රැකගැනීම උනන්දුවෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමයි.

Related Articles