Home FoodRecipes චොක්ලට් මුසුකළ රසවත් කෑම බීම

චොක්ලට් මුසුකළ රසවත් කෑම බීම

by ladylk

චොක්ලට් කන්න අකමැති කෙනෙක් හොයාගන්න එක ඒ තරම් ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. ගෑවුණු තැන කන්න ආසා හිතෙන චොක්ලට් එකතු කරලා හදන රසවත් කෑම බීම වලට පොඩිහිටි වැඩිහිටි කොයි කවුරුත් එක වගේ ප්‍රිය කරනවා. ඒ නිසා lady.lk අපි මේ ලිපියෙන් ඔබට කියලා දෙන්නේ කොයි තරම් කෑවත් එපා වෙන්නේ නැති චොක්ලට් එකතු කරලා පහසුවෙන් හදාගන්න පුළුවන් ආහාර වර්ග කිහිපයක් ගැනයි.

Chocolate Mocha

අවශ්‍ය ද්‍රව්‍ය:- Dark cooking chocolate 100g, fresh milk කෝප්ප 1, සීනි තේ හැඳි 4, instant coffee තේ හැඳි 4, chocolate syrup තේ හැඳි 2, whipped cream සහ cocoa powder අවශ්‍ය පමණට

සදාගන්නා ආකාරය:- පිරිසිදු බඳුනකට Cooking chocolate, fresh milk සහ සීනි දමා මිශ්‍ර කර රත්වෙන්න තබන්න. චොකලට් ටික දියවෙන තුරු හොඳින් හැඳි ගාමින් මදගින්නේ උණු කරගන්න. ලිපෙන් ඉවත් කරගත් චොක්ලට් මිශ්‍රනයට කෝපි සහ chocolate syrup එකතුකර strainer එකක් භාවිතා කර පෙරා ගන්න. කෝප්ප වලට දමාගත් චොක්ලට් කිරි උඩින් whipped cream සහ chocolate powder ස්වල්පයක් ඉස පානයට ගන්න.

Chocolate bread pudding

අවශ්‍ය ද්‍රව්‍ය:- පාන් පෙති 4, දිය කරගත් butter මේස හැඳි 2, fresh milk කෝප්ප 1 ½, වැනිලා ස්වල්පයක්, cooking chocolate කෝප්ප 2 ½, බිත්තර කහමද 3, සීනි මේස හැඳි 4, cocoa powder ස්වල්පයක්

සදාගන්නා ආකාරය:- පිරිසිදු භාජනයක් ගෙන පාන්, cocoa powder, බිත්තර සහ සීනි හැර අනෙක් සියල්ල දමා හොඳින් මිශ්‍ර කරගන්න. මේ චොක්ලට්  මිශ්‍රනය ලිපේ තබා මඳ ගින්නේ රත් කරමින් උතුරන තුරු දිගටම හැඳිගාන්න. වෙනත් භාජනයක් ගෙන එයට සීනි සහ බිත්තර කහ මද 3 දමා හොඳින් whisk කරගන්න. කලින් සාදාගත් චොකලට් මිශ්‍රනය ටිකින් ටික මෙයට එක් කරමින් නැවතත් නොනවත්වා whisk කරන්න. වීදුරු බඳුනක් ගෙන කැබලි කරගත් පාන් පෙති හතර එයට දමා, ඊට ඉහළින් චොක්ලට් මිශ්‍රනය වත් කර එය පාන් කැබලි වලට හොඳින් උරාගන්නා තෙක් හැන්දකින් තද කරන්න. Baking pan එකක butter ස්වල්පයක් ආලේප කර මේ පාන් මිශ්‍රනය එයට දමාගෙන සෙල්සියස් 160° ට preheat කරගත් oven එකක විනාඩි 20-25 ක පමණ කාලයක් bake කරගන්න. නිවුනු පසු cocoa powder ස්වල්පයක් උඩින් ඉස ශීත කරගන්න.

Chocolate fudge

සදාගන්නා ආකාරය:- dark chocolate 100g, Chopped dark chocolate කෝප්ප 1, දිය කරගත් butter කෝප්ප ¾, සීනි කෝප්ප 1, බිත්තර 2, වැනිලා ස්වල්පයක්, පාන්පිටි කෝප්ප ¾, cocoa powder කෝප්ප ¼, ලුණු ස්වල්පයක්

සදාගන්නා ආකාරය:- Double boil ක්‍රමය භාවිතා කරලා dark chocolate 100g දිය කරගන්න. දිය කරගත් butter වලට සීනි මිශ්‍ර කර හොඳින් whisk කරගෙන එයට බිත්තර 2 සහ වැනිලා එක් කරමින් නැවතත් හොඳින් whisk කරගන්න. සීනි හොඳින් දියවෙනතුරු මිශ්‍ර කරගත් මිශ්‍රනයට කලින් දිය කරගත් dark chocolate දමා හොඳින් කලවම් කරගන්න. ඉන්පසු මෙයට හලාගත් පාන්පිටි, cocoa powder හා ලුණු ටිකින් ටික එක් කරගනිමින් හොඳින් කලවම් කරගන්න. අවසානයට chop කරගත් චොකලට් දමා කලවම් කරගන්න. මේ මිශ්‍රනය butter ආලේප කරගත් baking pan එකකට දමා සෙල්සියස් 180° ට preheat කරගත් oven එකක විනාඩි 20ක් පමණ කාලයක් bake කරගන්න.

Molten Chocolate cake

අවශ්‍ය ද්‍රව්‍ය:- dark chocolate 150g, කුඩු කරගත් සීනි 150g, බිත්තර 5, බටර් 100g

පාන්පිටි 100g, වැනිලා ස්වල්පයක්, chocolate essence ස්වල්පයක්, cocoa powder ස්වල්පයක්

සදාගන්නා ආකාරය:- double boil ක්‍රමය භාවිතා කර චොක්ලට් 150g සහ butter 100g දියකර හොඳින් මිශ්‍ර කරගන්න. බිත්තර 5 හොඳින් beat කරගෙන, එයට වැනිලා සහ chocolate essence එකතු කර නැවතත් beat කරන්න. මෙයට පිළිවෙලින් සීනි සහ චොක්ලට් butter මිශ්‍රනය දමා නැවතත් beat කර අවසානයට පිටි 100g එක් කර කලවම් කරන්න. Cupcake tray එකක butter ආලේප කර, cocoa powder ස්වල්පයක් ඉසින්න. Tray එකෙන් ¾  ක් පමණ පිරෙන්නට cake  batter දමා, 230°C විනාඩි 5ක් පමණ preheat කරගත් oven එකක විනාඩි 8ක පමණ කාලයක් bake කරගන්න.

Chocolate Lassi

අවශ්‍ය ද්‍රව්‍ය:- fresh milk කෝප්ප 1, මී කිරි කෝප්ප ½, සීනි කෝප්ප ¼, dark chocolate 50g, cocoa powder තේ හැඳි 1, අවශ්‍ය පමණට අයිස් කැට

සාදන ක්‍රමය:- double boil ක්‍රමය භාවිතා කරමින් dark chocolate 50g  දිය කරගන්න. මී කිරි, fresh milk, සීනි, දියකරගත් චොක්ලට්, cocoa powder හා අයිස් කැට blender එකට දමා හොඳින් blend කර වීදුරුවලට වත් කරන්න.

Related Articles