Home FoodRecipes ඇපල් කේක්

ඇපල් කේක්

by LADY.LK

ඇපල් කියන්නේ රසවත් පළතුරක්. ඇපල්වලින් හදපු කේක් එකක් කන්න ලැබුණොත් කොහොමද? ඔන්න අද කියලා දෙන්න යන්නේ ඇපල් කේක් එකක් හදා ගන්න විදිහ ගැනයි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 150 ක්

සීනි ග්‍රැම් 150 ක්

බටර් ග්‍රෑම් 150 ක්

බිත්තර 3 ක්

කොටු කපාගත් රතු

ඇපල් ග්‍රෑම් 100ක්

බේකිං පවුඩර් තේ හැඳි 1 1/2 ක්

වැනිලා තේ හැඳි 1 1/2 ක්

සාදන ක්‍රමය

පළමුව බටර් සහ සීනි බඳුනකට දමා බීට් කරන්න. ඉන්පසු එයට බිත්තර එකින් එක දමමින් නැවත බීට් කරන්න. දැන් පිටිවලට බේකිං පවුඩර් එකතුකර තෙවරක් හළාගන්න. පසුව කොටු කපාගත් ඇපල් මත පිටි තවරා එය ඉහත මිශ්‍රණයට දමන්න. එයටම පිටි ද දමා හැන්දකින් කලවම් කරන්න. වැනිලා ද එකතුකරන්න. දැන් බටර් තවරාගත් තැටියකට මෙම මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 40 ක් පමණ බේක් කරගන්න.

Related Articles