Home Parenting පොඩ්ඩෙක්ට හුරු කරවන්නම අවශ්‍ය life skills.

පොඩ්ඩෙක්ට හුරු කරවන්නම අවශ්‍ය life skills.

by ladylk

වැඩිහිටි අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ අපේ පොඩ්ඩෝ හොඳට ඉගෙනගෙන අනාගතයේදි සෑහෙන තරමේ උගතෙක් වෙනවා දකින්නයි. හැබැයි ඒ අරමුණ වෙනුවෙන් වෙහෙසෙන අතරවාරයේදි, එදිනෙදා ගතකරන ප්‍රායෝගික ජීවිතය සාර්ථක කරගන්නට අත්‍යවශ්‍ය වෙන life skills ටිකකුත් පොඩ්ඩාට හුරු කරවනවා නම් ඉතාමත් සුදුසුයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා පොඩ්ඩෙකුට කුඩා කාලයේ ඉඳලම හුරු කරවන්න අවශ්‍ය වන  life skills වලින් කිහිපයක් ගැන මේ ලිපිය හරහා කතා කරන්න. ඒ වගේම, මේ දේවල් හුරු පුරුදු කරවන්නට නම් පොඩ්ඩා teenage වෙනකල් කල් යවන්නට අවශ්‍ය නැහැ කියන කාරණයත් අපි මුලින්ම සිහිපත් කරනවා.

Decision making

දරුවා ඉතා කුඩා කාලයේ ඉඳලාම ඔහුට ස්වාධීන වීමට, තෝරාගැනීම් සිදු කරන්නට සහ තීරණ ගන්නට අවස්ථාව දීම අතිශය වැදගත් වන අතර වැඩිහිටියන් විදියට ඔබේ නිසි මඟපෙන්වීම පමණක් මෙහිදී ප්‍රමාණවත් වෙනවා. කාලයක් ගත වෙනකොට නිවැරදි සහ වැරදි තීරණවලින් ලැබෙන එකිනෙකට වෙනස් ප්‍රතිඵල ගැනත්, තමන් ගන්නා තීරණවල වගකීම තමන්ට ම දැරීමට සිදුවන බවත් පොඩ්ඩා වටහා ගන්නට පටන් ගන්නවා. හැබැයි, පොඩ්ඩා කරන කියන හැමදේටම ඔබ මැදිහත් වෙනවා නම් ඔහු තුළ තමන් සම්බන්ධව කිසිම ආත්ම විශ්වාසයක් ගොඩනැඟෙන්නේ නැහැ වගේම තීරණ ගැනීමේදි අතරමං වූ ස්වභාවයකට පත් වීමටත් ඉඩ තියෙනවා.

Health and hygiene

නිරෝගී වීම සඳහා වගේම ප්‍රියජනකක පුද්ගලයෙක් විදියට සමාජයට යන්නත් මේ life skill එක ඉතාම වැදගත් වෙනවා. පොඩ්ඩා කලට වේලාවට නාන්න, දත් මදින්න, අත් සෝදන්න එහෙම ඒ තරම් කැමති නැත්නම් point chart එකක් හදලා හෝ පොඩ්ඩව දිරි ගන්වන්න උත්සහ කරන්න ඔබට හැකියාව තියෙනවා. කාලයක් තිස්සේ මේ දේ හුරුවෙනකොට පිරිසිදුව සිටීමේ වටිනාකම පොඩ්ඩාටම තේරුම් යන්න ඉඩ තියෙනවා.

Time management

කාලය කළමනාකරණය කරගැනීම කොයි තරම් වැදගත්ද කියලා වැඩිහිටි අපිට මේ වෙනකොට වැටහුනාට පොඩ්ඩොන්ට ඒ ගැන ඒ තරම් තේරුමක් නැහැ. මේ නිසා කල්‍ යල් බලලා වැඩ කිරීම්, නියමිත වැඩ කොටස අදාළ කාලය ඇතුළත නිම කිරීම සහ schedules පවත්වාගැනීම හරහා වැඩකටයුතු පහසු කර ගැනීම වගේ කාරණා ගැන කියාදීම ඔවුන්ගේ ජීවිත සාර්ථක වීමට විශාල බලපෑමක් ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි වැඩ ගොඩ ගැහෙන්නේ නැති නිසා, අමතර වාසියක් විදියට හිතේ සැනසීම කියන දේත් ලබාගන්න හැකියාව ලැබෙනවා.

Meal preparation

අපි මේ කතා කරන්නේ අංග සම්පූර්ණ කෑම වේලක් පිළියෙල කිරීම ගැන නම් නෙවෙයි. බීමක්, තේ කෝප්පයක්, sandwich එකක්, omelette හෝ salad එකක් වගේ පොඩි දෙයක් සකස් කරගන්නා ආකාරය ගැන තමයි අපි අදහස් කරන්නේ. මුළුතැන්ගෙයි වැඩකටයුතු වලට පොඩි පොඩි අත් උදව් ගැනීමෙන් මේ පාඩම පටන්ගන්න ඔබට හැකියාව තියෙනවා. කාලයක් ගත වෙනකොට කෑම වේලක් හදාගන්නවාට අමතර කෑම බීමවල ගුණ අගුණ, ලේසි පහසු ක්‍රම සහ විධි, මුළුතැන්ගෙයි උපකරණ භාවිතය වගේ කාරණා ගැන පොඩ්ඩා හොඳින් දැනුවත් වෙන්න පටන් ගනීවි.

Money management

තමන්ගේ මුදල් හරි හැටි කළමණාකරණය කරගන්නට බැරි වීම නිසා කරදරයට පත් වන පුද්ගලයින් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. තමන් මහන්සිවෙලා උපයන මුදල් නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද, මුදල් කියන දේ කොයි තරම් වටිනවද, ඉතිරි කිරීම, බැංකු කටයුතු, ණය වීම කොයි තරම් අවදානම්ද  වගේ කරුණු ගැන ප්‍රායෝගික පුහුණුවක් පොඩ්ඩාට ලබාදීම අත්‍යවශ්‍ය වන්නේ මෙන්න මේ කාරණය නිසයි. මූල්‍ය කළමනාකරණය හුරු කිරීමට ආරම්භයක් විදියට පොඩි කැටයක් අරන් දීලා මුදල් ඉතිරි කි‍රීමට හුරුකරන්න පටන් ගන්න ඔබට හැකියාව තියෙනවා.

Cleaning

තමන් ජීවත්වෙන වටපිටාව හැකිතාක් පිළිවෙලට සහ පිරිසිදුවට පවත්වා ගැනීමට උත්සහ කිරීම වටිනා ම life skill එකක් විදියට පෙන්වන්න පුළුවන්. නිවසේ ගෘහණිය විදියට හැමදේම තමන් විසින්ම සිදු කරනවාට වඩා නිවසේ වැඩ කටයුතු පවුලේ සියළුම සාමාජිකයින් අතර බෙදාදීම ඔබටත් විශාල පහසුවක් වනවා නොඅනුමානයි. නිදාගත් ඇඳ සැකසීම, කෑමෙන් බීමෙන් පසුව පිඟාන කෝප්පය සේදීම, සෙල්ලම් බඩු අස්පස් කිරීම, සේදීමට ඇති රෙදි අදාළ බඳුනට දැමීම, තමන්ගේ කාමරය අතුගා පිරිසිදු කිරීම වගේ සරල ක්‍රියාකාරකම් හරහා මේ දේ ආරම්භ කරන්න හුරු කරවන්න ඔබට පුළුවන්කම තියෙනවා.

Laundering

කිළිටි රෙදි වර්ග කිරීමෙන් අනතුරුව washing machine දැමීම, detergent පාවිච්චි කරන ආකාරය, රෙදි වේළුනු පසුව වෙන් කර නවා තැබීම වගේ සරල කාර්‍යයන් පොඩ්ඩාට භාර දෙන්න ඔබට පුළුවන්. හැබැයි මෙහිදී safety first කියන කාරණාව අමතක කරන්න එපා කියලත් අපි සිහිපත් කරන්න කැමතියි.

Comparison shopping

දකින ඕනෑම දෙයක් ඉවක් බවක් නැතිව මිලට ගන්නවා වෙනුවට භාණ්ඩවල මිල ගණන් සහ තත්ත්වය සසඳා බලමින් භාණ්ඩ මිලට ගැනීමට හුරු වීම පොඩ්ඩෙක් ඉගෙන ගත යුතුම පුරුද්දක් කියලා අපි විශ්වාස කරනවා. මෙවැනි පුරුද්දක් පොඩි දරුවෙකුට හුරු කිරීම තරමක් කාලය ගතවන සහ අසීරු දෙයක් වුණත් එය පොඩ්ඩගේ අනාගතයට ආශිර්වාදයක් වනවා නොඅනුමානයි.

Getting dressed and ready

පාසල් හෝ වෙනත් ගමනක් යෑමට පෙර දිනයේ තමන්ගේ බෑගය, ඇඳුම්, සපත්තු සහ අනෙකුත් අවශ්‍ය දේවල් සූදානම් කරගැනීමට සහ alarm එකට අවදි වී සූදානම් වීමට හුරු වීම පොඩ්ඩට විතරක් නෙවෙයි ඔබටත් විශාල සහනයක් වන බව අපි හිතනවා. දරුවන් බොහෝ දේවල් ඉගෙනගන්නේ මව්පියන්ගෙන් වන නිසා වචනයෙන් වචනය උපදෙස් දෙනවාට වඩා හැකිතාක් ආදර්ශයෙන්ම මේ දේවල් ඉගැන්වීම වඩා සාර්ථක ක්‍රමයක් බවයි අපි විශ්වාස කරන්නේ.

Related Articles

1 comment

דירות דיסקרטיות בגבעתיים-israelnightclub September 9, 2022 - 8:45 am

I was extremely pleased to uncover this page. I want to to thank you for your time due to this wonderful read!! I definitely savored every little bit of it and i also have you book marked to look at new things in your site.

Comments are closed.