Home FoodRecipes කැකිරි ඇඹුල

කැකිරි ඇඹුල

by LADY.LK

කැකිරි කියන්නේ හැමෝම කන්න කැමති කෑමක් නෙමෙයි. හැබැය හැමෝටම කන්න ආස වෙන විදිහට කැකිරි ඇඹුලක් හද ගන්න පුළුවන් .අද අපි කියලා දෙන්න යන්නේ රසට කැකිරි ඇඹුලක් හදා ගන්න විදිහ ගැනයි. අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය

අවශ්‍ය ද්‍රව්‍ය :-

කැකිරි ග්‍රෑම් 500

බැදගත් තුනපහ කුඩු ග්‍රෑම් 10

බැදගත් මිරිස් කුඩු ග්‍රෑම් 5

එන්සාල් කරාබු නැටි 4-5ක්

කුරුඳු ‍පොතු කැබැල්ලක්

කපාගත් රතු ලූනු ග්‍රෑම් 50

සුදුලූනු බික් 2-3ක්

අමු මිරිස් කරල් 4යි

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

ගොරකා ඉති 2ක්

ලුණු රසට අනුව

දිය කිරි හා මිටි කිරි අවශ්‍ය තරමට

තෙල් ටිකක්

සාදන ආකාරය :-

කැකිරි ‍පොතු මද ඉවත් කර සෝදා තරමක කැබැලිවලට කපා වෙන් නොවන සේ ඉරි ගසා ගන්න. දැන් ඒවා බඳුනකට දමා පහේ වර්ග, ලුණු එකතු කර පසෙකින් තබන්න. තෙල් ටිකක් ළිප තබා රත්වන විට කපාගත් රතු ලූනු, රම්පේ, කරපිංචා, අමු මිරිස්, තලාගත් එන්සාල්, කරාබු නැටි, කරුඳු ‍පොතු දමා තෙම්පරාදු කරගන්න. දැන් එයටම කැකිරි කැබැලි ද දමන්න. එම භාජනයටම දියකිරි ටිකක් දමා කලතා එයට දමා තවත් දියකිරි එකතු කර හොඳින් තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බුණු පසු මිටිකිරි එකතු කර නටවා කෑමට ගන්න.

Related Articles