Home FoodRecipes ලේසියෙන් ම හදාගන්න පුලුවන් chicken curries වර්ග 3ක්

ලේසියෙන් ම හදාගන්න පුලුවන් chicken curries වර්ග 3ක්

by ladylk

කෑමක් හදනකොට ඒකේ රස ගුණ විතරක් නෙවෙයි කෙටි කාලයකින් පිළියෙල කරගන්න පුළුවන් ද කියන කාරණය ගැනත් හිතන්න ම වෙනවා. මොකද පැය ගාණක් තිස්සේ කෑම හද හද ඉන්න එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඔන්න ඒ නිසා මිනිත්තු 30කට අඩු කාලයකින් කෑමට ලෑස්ති කරගන්න පුළුවන් chicken curry එකක් හදන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් කියලා දෙනවා. ඉතින් එහෙනම් වැඩි විස්තර කතා නොකර අපි හැරෙමු ගෑවුනත් කන්න පුළුවන් මේ රසවත් chicken curries හදන්නේ කොහොමද කියලා බලන්න.

තක්කාලි රසට chicken curry

අවශ්‍ය ද්‍රව්‍ය:- Olive oil මේස හැඳි 1, කුඩාවට කපාගත් ලොකු ළූණු ගෙඩි 1, සිහින්ව ලියාගත් සුදු ළූණු බික් 2, curry powder මේස හැඳි 1, මිරිස් කුඩු තේ හැඳි 2, තක්කාලි 500g, උකු පොල් කිරි කෝප්ප ⅓, ලුණු රස අනුව, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, තම්බා කුඩා කෑලි කැපූ chicken කෝප්ප 1 ½, Greek yogurt කෝප්ප ½, කුඩාවට කපාගත් රටකජු සහ parsley කොළ ස්වල්පයක්

සකස් කරගන්නා ආකාරය:- මුලින්ම  බඳුනක් ලිපේ තියා අඩු ගින්දරේ olive oil ටික රත් කරගන්න. එයට සිහින් පෙති කපාගත් තක්කාලි එකතු කර හොඳින් තැම්බෙන පරිදි තෙම්පරාදු කරගන්න. ඉන්පසු එයට curry powder, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කපාගත් ළූණු, සුදුළූණු, chicken කැබලි සහ පොල්කිරි එකතු කර තරමක් උකු ව්‍යංජනයක් හැදෙන පරිදි පිසෙන්නට ඉඩ හරින්න. කැටි නොගැසීම සඳහා වරින් වර හැඳි ගාන්නට අමතක කරන්න එපා. ලිප නිවා දමා greek yogurt සහ රස අනුව ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. Parsley සහ රටකජු කැබලි උඩින් ඉස පිළිගන්වන්න.

Chicken Kuzhambu curry

අවශ්‍ය ද්‍රව්‍ය:- කටු සහිත chicken 500g, පොල්තෙල් මේස හැඳි 4, සූදුරු සහ මහදුරු ඇට තේ හැඳි ½ බැගින්, කුඩා කුරුඳු පොතු කැබැල්ලක්, කරඳමුංගු ස්වල්පයක්, Bay leaf 1, කරපිංචා ඉත්තක්, කුඩා කැබලි කපාගත් ලොකු ළූණු ගෙඩි 1, රතුළූණු ගෙඩි 12, කුඩාවට කපාගත් ලොකු තක්කාලි ගෙඩි 1, ඉඟුරු සුදු ළූණු paste මේස හැඳි 1, මිරිස් කුඩු මේස හැඳි 1, කොත්තමල්ලි කුඩු මේස හැඳි 1 ½, කහ කුඩු තේ හැඳි 1, garam masala powder මේස හැඳි 1, ලුනු, වතුර,

ඊට අමතරව

ගාගත් පොල් කෝප්ප 1, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, මහදුරු තේ හැඳි 1 අවශ්‍ය වෙනවා.

සකස් කරගන්නා ආකාරය:- සූදුරු, මහදුරු, කුරුඳු සහ කරඳමුංගු කියන කුළු බඩු සියල්ලම සිහින් powder එකක් වනතුරු grind කරගන්න. Pressure cooker එකට තෙල් දමා රත්කර මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, garam masala powder, bay leaf සහ කරපිංචා කොළ එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න. එයට ලොකු ළූණු සහ රතුළූණු එකතු කර විනාඩි 5ක් පමණ කාලයක් බැදගන්න. ඉන්පසු ඉඟුරු සහ සුදු ළූණු paste එකතු කර තවත් මිනිත්තු දෙකක් බැදගෙන තක්කාලි කැබලිත් එකතු කර හොඳින් පිසෙන්නට ඉඩ හරින්න. කලින් සකස් කරගත් කුළුබඩු මිශ්‍රනය, chicken කැබලි  සහ රස අනුව ලුනු මේ තෙම්පරාදුවට එකතු කරන්න. ඉන්පසු වතුර ස්වල්පයක් එකතු කර, පියන වසා whistle 2k වන තුරු පිසගන්න. ඉන්පසු පියන විවෘත කර තවත් වතුර ස්වල්පයක් එකතු කරන්න. පොල්, ගම්මිරිස් සහ මහදුරු ඇට grind කරගෙන සකස් කරගත් coconut masala එක එයට එක් කර තෙල් පෑදෙන තුරු පිසගෙන පිළිගන්වන්න.

Chicken tikka masala curry 

අවශ්‍ය ද්‍රව්‍ය:- sunflower oil මේස හැඳි 2, සිහින්ව කපාගත් ලොකු ළූණු ගෙඩි 1, තලාගත් සුදු ළූණු බික් 2, තලාගත් කුඩා ඉඟුරු කැබැල්ලක්, chicken thighs 6 (සම සහ කටු රහිත), tikka spice paste මේස හැඳි 3, තක්කාලි ගෙඩි 2, මී කිරි මේස හැඳි 3, කපාගත් කොත්තමල්ලි කොළ සහ කැබලි කරගත් almonds ස්වල්පයක්.

සකස් කරගන්නා ආකාරය:- බඳුනක් ලිපේ තියා මඳ ගින්නේ රත් කරගෙන තෙල් එකතු කරන්න. කපාගත් ළූණු සහ ලුණු ස්වල්පයක් එයට එක් කර මිනිත්තු 10ක් පමණ බැදෙන්නට ඉඩ හරින්න. එයට ඉඟුරු සහ සුදු ළූණු එකතු කර තවත් විනාඩි 4-5 ක් පමණ තෙම්පරාදු කරගන්න. මේ තෙම්පරාදුවට කුඩා කැබලි කපාගත් chicken එකතු කර හැඳි ගාමින්, විනාඩි 5ක පමණ කාලයක් බැදෙන්නට ඉඩ හරින්න. කුඩාවට කපාගත් තක්කාලි, spice paste සහ වතුර 250ml ඊට එකතු කර විනාඩි 30ක් පමණ මඳ ගින්නේ පිසගන්න. ඉස්ම හිඳීගෙන එන විට ලිප නිවා දමා රස අනුව ලුණු සහ මී කිරි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. කොත්තමල්ලි කොළ සහ Almonds කැබලි එකතු කර පිළිගන්වන්න.

Related Articles