Home #BossladyEntrepreneurship ස්වයං ව්‍යාපාරය දියුණු කරගන්න කැමති ද

ස්වයං ව්‍යාපාරය දියුණු කරගන්න කැමති ද

by ladylk

තමන්ගේම කියලා ව්‍යාපාරයක් ඇරඹීම හෝ දියුණු කරගැනීම එතරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි ඔබ නම්‍යශීලි නම්, සැලසුමකට අනුව වෙහෙස වී වැඩ කරනවා නම් ලාභදායි ව්‍යාපාරයකට උරුමකම් කීම තවදුරටත් සිහිනයක් නෙවෙයි. ඉතින් මේ ලිපිය සකස් කෙරෙන්නේ, තමන්ගේම කියලා ව්‍යාපාරයක් පවත්වාගෙන යන සහ ඒ ව්‍යාපාරය තව තවත් දියුණු කරගන්න උත්සහ දරන දිරිමත් ඔබ වෙනුවෙන්ම යි.

සැලසුම් සහගත වන්න

ඔබ විසින් සම්පූර්ණ කළ යුතු සියලුම කාර්‍යන් ඒවා සම්පුර්ණ කළ යුතු අනුපිළිවෙලට “To do” list එකක් යටතේ පෙළ ගස්වා ගන්න. එවිට ඔබට තමන්ගේ වගකීම් අමතක වීම හෝ මඟහැරී යෑම සිදුවන්නේ නැති බවට තහවුරු කරගන්න අවස්ථාව ලැබෙනවා.

Records තියාගන්න

ඔබ විසින් සිදු කරකරන සෑම ගනුදෙනුවක් ගැනම පිළිවෙලට සටහන් කරගැනීම සහ ආදායම් වියදම් ගිනුම් වැනි අත්‍යවශ්‍ය සටහන් පවත්වාගෙන යෑමට අමතක කරන්න එපා. ව්‍යාපාරයේ මූල්‍යමය තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට, තමන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග හඳුනාගැනීමට සහ පැන නඟින ගැටළුවලට පිළියම් සොයා ගැනීමට මෙය ඉවහල් වෙනවා නොඅනුමානයි.

Business plan එකක් සකස් කරගන්න

තමන්ට තරඟකාරී වන ව්‍යාපාර හඳුනාගැනීම සහ ඒ තරඟයට සාර්ථකව මුහුණදීමට  හැකි ආකාරයේ සුවිශේෂී ලක්ෂණ සහිත නිෂ්පාදන වෙළඳපළට සැපයීම, ඔබේ ව්‍යාපාරය ඉහළ ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීමට හේතුවෙනවා. මේ නිසා තරඟකාරී නිෂ්පාදන හඳුනා ගැනීමට සහ අධ්‍යනය කිරීම වෙනුවෙන් ඔබට අනිවාර්යයෙන් කාලය වෙන් කිරීමට සිදුවෙනවා. ඔබ සතුව ඇති නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන හැකියාව වඩාත් ප්‍රයෝජනවත් වන්නේ මෙන්න මේ අවස්ථාවේදියි. ඊට අමතරව ඔබේ ව්‍යාපාරයට බලපෑම් සිදු කළහැකි weaknesses/ risks/ treats සහ දියුණුවට හේතුවිය හැකි ආකාරයේ strengths/ opportunities/ rewards හඳුනා ගැනීමත්, ගැටළු පැනනඟින අවස්ථාවලදී පිළියම් සොයාගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. සරලව කියනවා නම් මෙහිදී සිදුකළ යුත්තේ තමන්ගේ ව්‍යාපාරයේ සත්‍ය තත්ත්වය ඇත්ත ඇති සැටියෙන් වටහාගෙන අවශ්‍ය අවස්ථාවලදී ක්‍රියාත්මක වීමයි. ඔබේ ව්‍යාපාරයක් කුමන පරිමාණයක එකක් වුණත්, ව්‍යාපාරයට අදාළව Business plan එකක සකස් කරගැනීමේ අවශ්‍යතාවය ගැන අපි නිතරම සිහිපත් කරන්නේත් මේ හේතුව නිසයි.

Professional වෙන්න

ස්වයං ව්‍යාපාරය සිදු කරන්නේ නිවසේ සිට වුවත්, තමන්ගේ පාරිභෝගිකයින් හෝ සැපයුම්කරුවන් සමඟ ගනුදෙනු කරනවිට ඔබ අනිවාර්යයෙන් professional විය යුතු වෙනවා. දුරකතන සංවාදවලදී, message එකක් හෝ email පණිවිඩයක් සටහන් කරන  අවස්ථාවලදී විතරක් නෙවෙයි සමාජ ජාල මාධ්‍යවලදි ඔබ ක්‍රියා කරන ආකාරයත් ඔබේ ව්‍යාපාරයේ දියුණුවට ඍජුවම බලපාන බව අමතක කරන්න එපා. 

Customer is the king

සුළු අතපසුවීම්, නොසැළකිලිමත්කම් සහ ලාභ ඉපයීම් වෙනුවෙන් සිදුකරන නොපනත්කම් නිසා පහසුවෙන්ම ඔබගේ පාරිභෝගිකයින් ගිළිහී යෑමට ඉඩ ඇති බව නිතරම සිහි තබාගන්නට සිදුවෙනවා. සාධාරණ මිලකට උසස්ම තත්ත්වයේ භාණ්ඩ මිලදී ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව වන නිසා සහ ඒ වෙනුවෙන් තවත් බොහෝ තරඟකාරී ව්‍යාපාර සැදී පැහැදී සිටින නිසා, පාරිභෝගික අපේක්ෂාව නිසියාකාරව ඉටු කිරීමෙන් ඔබේ ව්‍යාපාරය වෙත ඔවුන් රඳවා තබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ මිලට ගැනීමට පෙර customer reviews පිළිබඳව සළකා බැලීම බහුතරයක් දෙනාගේ පුරුද්දක් වන නිසා පාරිභෝගිකයින් විසින් bad reviews ලබා නොදෙන ආකාරයට කටයුතු කිරීම ඔබේ උත්සහය විය යුතු වෙනවා.

Marketing/ Advertising අමතක කරන්න එපා

මෙන්න මේ කාරණය ගැන ඔබ සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු වෙනවා. ව්‍යාපාරය සම්බන්ධව සිදු කරන ප්‍රචාරනය එහි දියුණුවට ඍජු බලපෑමක් එල්ල කරන නිසා වඩාත් ඵලදායි මාධ්‍යයක් භාවිතයෙන් ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු වෙනවා. බහුතර පිරිසක් පාවිච්චි කරන සමාජ ජාල වෙබ් අඩෙවි යොදාගනිමින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම මෙහිදී පහසුම සහ ලාභදායිම ක්‍රමය විදියට සැළකීමට හැකියාව තියෙනවා.

අන්තර්ජාලය යොදාගන්න

ව්‍යාපාරයේ තරාතිරම කුමක් වුණත් online business කියන කාරණය මඟහැර ගන්නවා නම් එය ඔබේ ව්‍යාපාරයට එතරම් සුබවාදී තත්ත්වයක් වන්නෙ නැහැ. ඔබ විසින් අනිවාර්යයෙන් සිදුකළ යුතු market research එකේ සිට advertising, customer/ supplier contacting, customer care යනාදී සියලුම කටයුතු වලදි අන්තර්ජාලය, facebook, instagram වැනි සමාජ ජාල මාධ්‍ය භාවිතා කිරීමට ඔබට සිදුවෙන නිසා ඒ සම්බන්ධව නිසි දැනුමක් ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.

නීතීමය කටයුතු මඟහරින්නෙපා

ඔබගේ ව්‍යාපාරයේ නීත්‍යානූකූල බව, ලබාගත යුතු license මොනවාද, බදු ගෙවීම සම්බන්ධව දැනුවත් විය යුතු කරුණු මොනවාද, රජයෙන් ලැබෙන සහන, උපදෙස් සහ පුහුණුව ලබාගත හැකි රාජ්‍ය ආයතන, බැංකු ණය සම්බන්ධව ඇති සහන වගේ දේවල් ගැන සොයා බලා ඒ කටයුතු නිසියාකාරව සම්පූර්ණ කරගැනීම ඔබේම පහසුවට හේතුවක් වන බවත් අමතක කරන්න එපා.

Office area එකක් පවත්වාගෙන යන්න

ඔබගේ ව්‍යාපාරය ඉතා සුළුවෙන් සිදු කෙරුණත් ඒ වෙනුවෙන් තමන්ගේ නිවසෙන් කුඩා ඉඩක් වෙන් කරගැනීමට කිසිසේත්ම පසුබට වෙන්න එපා. එවිට ව්‍යාපාරයට අදාළ සියලුම දෑ ඒ ස්ථානයේ රඳවා තබා ගනිමින්, පිළිවෙලක් ඇතුව ක්‍රියා කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.

වැදගත්ම දේ කැපවීමයි කැපවීමකින් තොරව සාර්ථකත්වයක් ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැති බව ඔබ නිරන්තරයෙන් සිහියේ තබාගත යුතු වෙනවා. ව්‍යාපාරය ක්ෂණිකව දියුණු වීම සහ ලාභ ඉපයීම ප්‍රායෝගික නොවන නිසා ඔබට මුල් අවධියේදී හෝ අසීරු අවධිවලදි වඩා වෙහෙස මහන්සි වී, ධෛර්‍යමත්ව කටයුතු කිරීමට සිදු වෙනවා. අසීරු අවධිවලදි පහසුවෙන්ම අතහැර දැමීම බොහෝ කුඩා ව්‍යාපාර හිමියන් අසමත් වීමට ප්‍රධාන හේතුව විදියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. එවැනි අවස්ථාවලදී අතහැර දැමීම කියන පිළියමට නොයා, strategies වෙනස් කර ව්‍යාපාරය නැවත ගොඩ ගැනීමට උත්සහ කිරීම වඩා සුදුසු

Related Articles