Home Food හිතට ෂුවර් විදියට ගෙදරදීම ඉදිආප්ප කොත්තු හදමු

හිතට ෂුවර් විදියට ගෙදරදීම ඉදිආප්ප කොත්තු හදමු

by LADY.LK
Rice

අවශ්‍ය ද්‍රව්‍ය 

තම්බාගත් ඉදිආප්ප
උයගත් කුකුල්මස් හොදි, සහ එයින්ම කුඩාවට කඩාගත් කුකුල්මස් කැබලි
කපාගත් ලීක්ස්,කැරට්,ලූනු, කරපින්චා
තලාගත් ඉගුරු සුදුලූනූ
රස පමනට ලුනු
බිත්තරයක්
බටර් ස්වල්පයක්

හදනක්‍රමය

භාජනයක් ලිප තබා එය රත්වන විට එයට බටර් ටිකක් දමන්න 
ඉන්පසු එයටම ඉගුරු සුදුලූනු දමා රන්වන්පාට වන තෙක් බැදගන්න 
එයටම පිසගත් කුකුල්මස් කැබලි ටික ලූනූ එකතු කරන්න.
කැරට් කරපින්චා එකතු කර මදක් කලවම් කර එයටම බිත්තරය දමා හොන්දින් කලවම් කරන්න. 
දැන් රස පමනට ලුනු යොදන්න. 
හොදින් කඩාගත් ඉදිආප්ප ටික මෙයටම දමන්න කුකුල් මස් හොදිත් දමා හොදින් කලවම් කරන්න.
අවසානයේ ලීක්ස් එකතු කර ලිපෙන් බාන්න

Related Articles