Home Health & Wellness නියපොතු ලස්සනට තියාගන්න tips

නියපොතු ලස්සනට තියාගන්න tips

by ladylk

නියපොතු වල ස්වභාවය අනුව ශරීරයේ නිරෝගී බව ගැන අදහසක් ලබාගන්නට හැකියාව තියෙන බව ඔබ සමහරවිට දන්නවා ඇති. ඉතින් ඒ තරම් වටින නියපොතුවලට, සිරුරේ අනිත් අංගවලට ලබාදෙන සැළකිල්ල ලබා දෙන්නේ නැත්නම් එය අඩුවක් නේද? Salon එකකින් manicure, pedicures කරගැනීම තරමක් වියදම් අධික රූපලාවණ්‍ය සත්කාරයක් වගේම නිතර නිතර manicures සහ pedicures කරන එකත් එතරම් සුදුසු කටයුත්තක් නෙවෙයි. හැබැයි අපි මේ කියලා දෙන tips ටික හරියට අනුගමනය කරනවා නම් නිය සත්කාර වෙනුවෙන් නිතරම salon යන්න කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නැහැ කියලා අපි විශ්වාස කරනවා.

Cuticles රැකගන්න

Cuticles තියෙන්නේ අපේ නියපොතුවල ආරක්ෂාවට. ඉතින් ඔබ නිය සත්කාර වලදී cuticle එක කපා දානවානම් හෝ පිටතට තල්ලු කරනවා නම්, අවසන් ප්‍රතිඵලය වන්නේ නියපොත්තට හානි වීමයි. සරලවම කියනවා නම් මේ නිසා nail bed එක infect වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. Cuticle එක සහ නියපොතු ආශ්‍රිත සම රතුවීම, වේදනාවක් ඇතිවීම, ඉදිමීම සහ සැරව ඇතිවීම infection එකක ලක්ෂණ විදියට පෙන්වන්න පුළුවන්. මේ නිසා කැපීම හෝ තල්ලු කිරීම මඟින් damage කරනවා වෙනුවට cuticle එක moisturise කිරීම මඟින් ඔබේ නියපොතුවලට සුන්දරත්වයක් සහ නිරෝගී පෙනුමක් එක් වනවා නොඅනුමානයි.

නියපොතු trim කරන්න

දැන් fashion trend එක වෙලා තියෙන්නේ neat, short සහ natural looking නියපොතු නිසා ඒ විදියට නියපෙළ සකස් කරගැනීම වඩාත්ම සුදුසු වෙනවා. උල් හැඩැති නියපොතු කැඩීම සහ ගැළවී යාම සිදුවෙන්නට ඇති ඉඩකඩ වැඩි අතර විශේෂයෙන්ම කකුලේ නියපොතු කෙටි කර කැපීම වඩා ආරක්ෂාකාරී බව අමතක කරන්න එපා. මේ කටයුත්තේදී හොඳින් කැපෙන nail cutter/ nail scissors භාවිතා කරලා straight across ආකාරයට trim කිරීමත්, nail file එකක් මඟින් අවශ්‍ය පරිදි  smooth කරගැනීමත් සිදු කරන්නට ඔබට හැකියාව තියෙනවා.

nail polish remover භාවිතයේදී

Nail polish remover උවමනාවට වඩා භාවිතා කිරීම මඟින් cuticle එකට වගේම ආශ්‍රිත සමට හානි වෙන්නට ඉඩ ඇති නිසා remover ස්වල්පයක් භාවිතා කිරීම වඩා ආරක්ෂාකාරී වෙනවා. විශේෂයෙන්ම ඔබ නිතරම nail polish මාරු කරනවා නම් මේ සම්බන්ධව විශේෂයෙන් සැළකිලිමත් විය යුතු වෙනවා.

ගැළපෙන tools විතරක් පාවිච්චි කරන්න

නියපොතු වලට සත්කාර කිරීමේදී nail brush, nail cutter/ nail scissors, nail file වගේ ගැළපෙන සහ පිරිසිදු උපකරණ විතරක් භාවිතා කිරීම, නියපොතුවල ආරක්ෂාවට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තියුණු සහ උල් සහිත tools වලින් නියපොතු ඇතුළ පිරිසුදු කිරීම bacterial infections ඇතිවෙන්න හේතුවක් වන බවත් අමතක කරන්න එපා. නිතරම manicures, pedicures සිදුකිරීම එතරම් සුදුසු නැතිවෙන්නේ, ඒ සත්කාර වලදි නියපොතු ඇතුල ඉතා තදින් පිරිසිදු කිරීමත් එහිදී නියපොත්ත සහ nail bed එක අතර gap එකක් ඇතිවෙන තරමට පිරිසිදු කිරීමකට ලක්වීමත් නිසයි.

නියපොතු හැපීම නරකයි

නියපොතු හැපීම සහ cuticle එක ඉවත් කිරීම පුරුද්දක් විදියට කරනවා නම් ඔබ වහාම ඒ පුරුද්ද අතහැරගත යුතු වෙනවා. මේ ඇබ්බැහිය, නියපොත්ත සහ ආශ්‍රිත සමට හානි කරන අතරම ඔබගේ සෞඛ්‍යට එතරම් හිතකර වන්නේ නැහැ.

නියපොතු කියන්නේ tool එකක් නෙවෙයි

වෙනත් tools භාවිතා කරමින් සිදු කරන්න අවශ්‍ය වන කටයුතුවලට ඒ ගැළපෙන tools භාවිතා කරනවා මිසක ඔබගේ නියපොතු පාවිච්චි කිරීම නම් එතරම් සුදුසු වන්නේ නැහැ. Cuticles වියළි වීමට, hangnails ඇති වීමට, නියපොතු කැඩී යාමට, නිය වර්ධනය සහ ශක්තිමත් බව බාල වීමට මෙය හේතුවක් වන්නට ඉඩ තියෙනවා.

නියපොතු කපන්න අමාරුයිද

විශේෂයෙන්ම කකුලේ නියපොතු ඝනකම් බවින් වැඩි සහ කැපීමට අපහසුයි වගේ නම් ලුණු මිශ්‍ර මඳ උණුසුම් වතුරේ මිනිත්තු 5-10ක් පමණ පෙඟෙන්නට තබා ඉන් පසුව කපන්නට පුළුවන්. හැබැයි ඊට වඩා කාලයක් වතුරේ පෙඟවීමත්, සබන් හෝ වෙනත් detergent වර්ගයක් මුසු වතුරේ පෙඟවීමත් එතරම් සුදුසු වන්නේ නැහැ.

වෛද්‍ය උපදෙස්

දෑතේ දෙපයේ නියපොතු ආශ්‍රිතව ආසාදන ඇතිවීම එතරම් සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. Bacterial infection එකක ලක්ෂණ පෙන්වනවා නම්, එහෙමත් නැත්නම් ingrown toenails වලට පිළියමක් ඔබට අවශ්‍ය නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. නියපොතු ආශ්‍රිතව ඇතිවන ගැටළු මඟින් ඔබගේ සම්පූර්ණ සෞඛ්‍ය තත්ත්වය ගැනත් යම් යම් ඉඟි ලබාදෙන නිසා නිය ආශ්‍රිත යම් ගැටළුවක් පැන නැඟී ඇත්නම් සුදුසුකම් සහිත dermatologist කෙනෙක් හමු වීම සුදුසුයි කියලත් අපි මතක් කරන්න කැමතියි.

තවත් දේවල්

සබන් හෝ dish soap වැඩි වෙලාවක් දෑතේ තැවරීම නියපොතු සහ cuticles වලට හානිදායක වන නිසා භාජන සෝදන අවස්ථාවලදී ගැළපෙන gloves පැළඳීමට අමතක කරන්න එපා.

අතපය සේදූ පසු ඉබේ වේලීමට ඉඩ නොදී හොඳින් පිසදා වියළීමත්, ගැළපෙන cream වර්ගයක් යොදා මෘදුව සම්බාහනය කිරීමත් දෑතේ සහ දෙපයේ සුවදායක බවට හේතුවක් වෙනවා.

ගැළපෙන සුවපහසු මේස් සහ පාවහන් පැළඳීම මඟින් ආසාදන වළකා ගැනීමටත්, දෙපයේ නියපොතුවල ආරක්ෂාව සහතික කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

කෘත්‍රීම නියපොතු සවි කිරීම, infections ඇතිවීමට හේතුවක් විය හැකි නිසා අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් ඒවා පැළදීම ගැන සැළකිලිමත් වෙන්න.

Related Articles