Home FoodRecipes කළු දොදොල් හැදිගාන නියම පදම

කළු දොදොල් හැදිගාන නියම පදම

by LADY.LK

කළු දොදොල් කියන්නේ අපේ රටේ ඉතාමත් ජනප්‍රිය කෑමක්. කඩෙන් අරගෙන කනවා වගේ නෙමෙයිනේ ගෙදරම හදලා කන එක. ඔන්න ඉතින් අපි හිතුව කලු දොදොල් හදන්න දන්නේ නැති අයට දොදොල් පදම කියලා දෙන්න

අවශ්‍ය වෙන්නෙ…

පොල් ගෙඩි 3ක් පොල්
වලින් කිරි ලීටර් 11/2 යි
හකුරු 300g
දුඹුරු සීනි 300g
රතුහාල් පිටි 250g
කජු 100g
එනසාල් කුඩු
හකුරු වල ලුනු රස නිසා මම න්ම් ලුණු දැම්මෙ නෑ .

හකුරු ටිකයි පිටි ටිකයිපොල්කිරි ටික්කන් දියකර ගන්නව

සීනි,ඉතුරු පොල්කිරි එකට දියකර ගත් කකුරු සහ පිටි මිස්‍රනය එකතු කරල ,එනසාල් ටිකත් දාල ලිපේ තියල හැඳිගාන්න..

විනාඩි 30ක් විතර යද්දී ටික ටික උකු වෙලා
තෙල් මතු වෙන්න ගන්නව

ඒ එකතුවෙන තෙල් හැන්දකින් ඉවත් කරන්න .

කජු ටික එකතු කරන්න

පොල් කටු හැන්දකින් මිස්‍රනය උඩින් තෙරපන විට හැන්දේ නොඇලෙන පදමට එනක්ම් ලිපේ තබා හැඳිගාන්න …
(පත්ත්ක් පාවිච්චි කරන්න .)

විනාඩි 40ක් 50 ත් අතර කාලයකදී ලිපෙන් බාගන්නට හැකි වෙනව

තැටියකට දමා හොඳින් නිවුනු පසු අවශ්‍යතාව අනුව කැලී කපාගන්න

හැකි තරම් කිරි වල දියර ගතිය අඩුවෙන් කිරි මිරිකා ගන්න

මේ සාදා ඇත්තේ ගෑස් ලිපේ nonstick වළඳක..මෙයසටහන් කිරීමට විශේෂ හේතුව වන්නේ පිටරටවල් වල සහ ලංකාවේ ත් ඇතැම් නිවෙස් වල දර ලිප් සහ ලොකු චාත්ති නොමැති අය ඉන්නව…ඒ අයටත් පහසුවෙන් සාදා ගන්න පුලුවන් කියල කියන්නයි ඕනෙ වුනේ

Related Articles