Home FoodRecipes අලිගැට පේර සලාදය

අලිගැට පේර සලාදය

by LADY.LK

අලිගැට පේර කියන්නේ රසවත් පළතුරක්. හැබැයි හැමෝම නොදන්නවා වුණාට අලිගැට පේර වලින් රසවත් සලාදයක් හදා ගන්නත් පුළුවන්.

මේ සලාදය ඔබට ටිකක් නුහුරු වුණාට එක
පාරක් හදලා කෑවොත් ඔබ නැවත නැවතත් රසවිදින්න පුරුදු වේවි.

ඒ සදහා අවශ්‍ය
කරන්නේ මෙන්න මෙ ද්‍රව්‍ය…

අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැටපේර ගෙඩි 1 ක්
සලාද කොළ ග්‍රෑම් 200 ක්
කුඩා තක්කාලි ගෙඩියක්
ලුණු කුඩු රස අනූව
පිපිඤ්ඤා කුඩා ගෙඩියක් (ග්‍රෑම් 150 ක පමණ)
බී ලූනු ගෙඩියක් (ග්‍රෑම් 50ක්)
ඔලිව් තෙල් මේස හැඳි 1 ක්
ලෙමන් යුෂ මේස හැඳි 1 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
සාදා ගන්නා අන්දම
පිපිඤ්ඤා ගෙඩිය දෙපැත්තෙන් කපා තිත්ත අයින්කර පොතු හැර ගන්න. අලිගැටපේර මදය,
සලාද කොළ, පිපිඤ්ඤා ගෙඩිය පොඩි කොටස්වලට කපාගන්න. ලූනු සහ තක්කාලි පොඩියට
කපාගන්න. මේ සියල්ල ඔලිව් තෙල්, ලෙමන්, ගම්මිරිස් කුඩු, ලුණු එකතුකර කලවම්
කරගන්න.

Related Articles