Home FoodRecipes පවුලේ හැමෝටම රස බලන්න කැරමල් පුඩිං හදමු

පවුලේ හැමෝටම රස බලන්න කැරමල් පුඩිං හදමු

by LADY.LK

නිවාඩුපාඩුවේ ගෙදර ර ඉන්න එකේ රස කෑමක් හදාගෙන පව්ලේ හැමෝමත් එක්ක රසවින්දොත් කොහොමද? රසවත් කැරමල් පුඩිං එකක් හදලා රස බලන්න කවුද අකමැති.. ඔන්න ඉතින් අපි හිතුවා කැරමල් පුඩිං එකක් ගෙදරදි බොහොම පහසුවෙන් හදගන්න පුලුන් විදිහක් ගැන ඔබට කියල දෙන්න.අවශ්‍ය ද්‍රව්‍ය සහ සාදා ගන්නා ආකාරය පහතින්

අවශ්‍ය ද්‍රව්‍ය:
කිරි 500 ml,
සීනි අවශය පමණ,
බිත්තර 3,
වැනිලා 2 tsp
බටර් 1 tsp.

සාදන ක්‍රමය:

මුලින්ම සීනි මේස හැදි 2ක් භාජනයකට දමා වතුර සවල්පයක් දමා දුබුරු පැහය එනතුරු කර,කර කැරමල් එක සාදා ගන්න.
ඒක පුඩිම හදන භාජනයෙ අඩියට දමා කරකවා ( වටෙම ගෑවෙන ලෙස) පසෙකින් තියන්න.
කැරමල් එක දාන්න කලින් භාජන්යේ බටර් ටික ගාන්න.දැන් බිත්තර 3 හොදින් සීනි සමග බීට් කරන්න.
කිරි ටික භාජනයක දමා මදගින්නේ රත් කරන්න.
ඒ කිරි ටික බිත්තර එකට බීට් කරන ගමන් එක් කරන්න.දැන් වැනිලා එක්කරන්න.කැරමල් දැමු භාජනයට දමා වාශ්පයෙන් තම්බන්න..(මිල්ක් මේඩ් නම් කිරි වෙනුවට ගන්නෙ ඒ ටින් එක පිරවු වතුර එකක්ද එක් කරන්න..සියල්ල පෙර ලෙසම බීට් කරන්න.milkmaid රත් කරන්නෙ නෑ.) තම්බුනාට පස්සෙ fridge එකෙ තියන්න.පැය 3ක් වගේ ගියාට පස්සෙ ,පැතලි භාජනයකට තබා අනිත් පැත්ත හරවා ගන්න..

Related Articles