Home FoodRecipes වට්ටක්කා කලුපොල් මාලුව

වට්ටක්කා කලුපොල් මාලුව

by LADY.LK

වට්ටක්කා කියන්නේ ඉතාමත් රසවත් වගේම ගුණවත් ආහාරයක් .ඒ වගේම තමයි වට්ටක්කා කරිය එකත් විවිධ රසයෙන් හදාගන්නත් පුළුවන් .ඔන්න අද කියලා දෙන්න යන්නේ වට්ටක්කා කලුපොල් කළුපොල් මාළුව කතා කලු පොල් මාලුව හදා ගන්නෙ කොහොමද කියලා .

අවශ්‍ය ද්‍රව්‍ය:
වට්ටක්කා
බැදපු තුනපහ කුඩු
බැදපු මිරිස් කුඩු
ලූණු
සුදු ලූණු
අමු මිරිස්
කරපිංචා
රම්පේ 
අබ ඇට
කුරුඳු පොතු
එනසහල් කරල් 2-3
ලුනු 
පොල් කිරි – දිය කිරි සහ මිටි කිරි (නැති නම් ෆෙෂ් කිරි වුණත් කමක් නෑ)

සාදන ආකාරය:
• වට්ටක්කා ගෙඩිය සෝදා කැබලි කපා ගන්න. ඇට සහ මදය ඉවත් කර සොදන්න. 
• වට්ටක්කා කැබලි වලට බැදපු තුනපහ, මිරිස් කුඩු අතගා ගන්න. 
• හට්ටියක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමා රත් වන විට ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ, කුරුඳු පොතු සහ එනසාල් දමා බැදෙන්න හරින්න. 
• මේවා බැදෙන විට අබ ටිකක් දමා පුපුරුවා ගන්න. 
• දැන් වට්ටක්කා කැබලි දමා විනාඩියක් දෙකක් කවලම් කරන්න. 
• මෙයට අවශ්‍ය තරම් දිය කිරි දමා වට්ටක්කා කැබලි හොඳින් තැම්බෙන තුරු පියන වසා උයන්න. 
• කෑලි තැම්බුන පසුව හාල් පොල් බැද ගත් අඔරා සාදා ගත් කුඩු, මිටි කිරි, රස අනුව බැදපු තුනපහ, බැදපු මිරිස් කුඩු සහ ලුණු දමා හැඳි ගාන්න. 
• උතුරන්න පටන් ගත් විට විනාඩි 2-3කින් බාන්න.

මම හාල් පොල් කුඩු හදන්නේ අපේ අම්මා හදන විදියට. පොල් සහ රතු හාල් වෙන වෙනමම ලා දුඹුරු පාට වෙන තුරු බදිනවා. කරපිංචා කොල කීපයක් කුරුඳු පොතු කෑල්ලකුත් හාල් එක්කම බදිනවා. පොල් ප්‍රමාණය වගේ බාගයක් හාල් ගන්නේ. මම නම් පොල් වෙනුවට ඩෙසිකේටඩ් කොකනට් ගන්නේ. වැඩේ ලේසියිනේ. ඔක්කොම බැදුනාම නිවෙන්න තියලා ග්‍රයින්ඩ් කර ගන්නවා. මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕන නෑ. ඒත් සුවඳ හොඳින් තියා ගන්න නම් වහලා තියන්න ඕන.

Related Articles