Home FoodRecipes මැන්ගෝ එක්ක චිකන් කමු

මැන්ගෝ එක්ක චිකන් කමු

by LADY.LK

මැන්ගෝ එක්ක චිකන් කමු

අවශ්‍ය ද්‍රව්‍ය
 
බෙරි නොවන සේ ඉදුනු අඹ ගෙඩි 2ක්
කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 250
රතු පාට බෙල් පෙපර් ගෙඩි 1/2
කොළ පාට බෙල්පෙපර් ගෙඩි 1/2
ඔරිගානෝ ස්වල්පයක් 
රෝස්මරී ස්වල්පයක් 
ලුණු රසට අනුව 
ගම්මිරිස් රසට අනුව 
බටර් මේස හැඳි 1 1/2 පමණ
 
සාදන ආකාරය 
 
මස් සෝදා ඉතා සිහින් කූරු වැනි තීරු කපා ගන්න. එයට ලුණු, ගම්මිරිස්, රෝස්මරී ඔරිගානෝ කලවම් කර පසෙකින් තබන්න. දැන් අඹ ගෙඩිය ‍පොතු සහ ඇට ඉවත්කර සිහින් දිගු තීරු ලෙස කපා ගන්න. බෙල් පෙපර්ද සිහින් තීරු ලෙස කපන්න. දැන් බටර් ටික ළිප තබා රත්වන විට මස් කැබැලි දමා හොඳින් තැම්බෙන්නට හරින්න. මස් කැබැලි තැම්බි ගෙන එනවිට බෙල් පෙපර් තීරු සහ අඹ කැබැලිද දමා හොඳින් මිශ්‍ර කර පිස ගන්න. 

Related Articles