Home LifestyleFashion ලස්සන වීමේ රහස්: පිපිඤ්ඤා සහ මී කිරි face pack

ලස්සන වීමේ රහස්: පිපිඤ්ඤා සහ මී කිරි face pack

by LADY.LK

පිපිඤ්ඤා යනු ප්‍රධාන පවිත්‍ර කරන කාරකයක්. මෙය රසායනික ද්‍රව්‍ය මෙන් නොව, සමේ තෙල් ගතිය සමතුලිතව පවත්වා ගනිමින්ම එය පිරිසිඳු කරයි. පිපිඤ්ඤා සමේ තෙතමනය රකින්නට උපකාර වනවා. පිපිඤ්ඤා කුරුලෑ ලප කැළැල් මකා සමේ මෘදු බවක් ඇති කර එයට නැවුම් බවක් සහ පෝෂණයත් ලබා දෙනවා.

  • පිපිඤ්ඤා ගෙඩියක ලෙලි ඉවත් කර බ්ලෙන්ඩ්රයක මිරිකාගන්න.
  • දැන් මේ ලබාගත් පිපිඤ්ඤා යුෂ වලට මි කිරි මේස හැඳි 2ක් හෝ 3ක් එකතු කරගන්න.
  • මිශ්‍රණය හොඳින් මුහුණ සහ බෙල්ලේ අලේප කරගන්න. මද වෙලාවකට පසු සීතල වතුරෙන් මුහුණ සෝදාහරින්න.

Related Articles