Home FoodRecipes කොස් ඇට කලුපොල් මාලුව

කොස් ඇට කලුපොල් මාලුව

by LADY.LK

අවශ්‍ය ද්‍රව්‍ය.

-කොස් ඇට
-පොල් ගෙඩියක මිටි කිරි.
-ගා ගත පොල් මිටක් හෝ දෙකක්.
-රතුනුලු
-ලොකු සුදු ලුණු ගෙඩි 2ක්
-අමු මිරිස් කරල් 4ක්
-රම්පෙ හා කරපිංචා
කුරුඳු පොත්තක්
-එනසාල් හා කරාබු නැටි
-මිරිස් කුඩු
-කහ කුඩු
-අබ තේ හැන්දක්
-සුදුරු කුඩු.
-කොත්තමල්ලි කුඩු
-කළු පහේ කුඩු
-අමු පහේ කුඩු.
-ගම්බිරිස් කුඩු
-ලුණු කුඩු

මැටි ඇතිලියක් රත් වෙන්න තබා ඊට අබ හා රම්පෙ කරපිංචා,රතු ලුණු ,සුදු ලුණු ,අමුමිරිස් දම තෙම්පරාදු කරන්න.. කැමති නම් වියලි මිරිස් කරල් 4ක් හා උම්බලකඩ දාන්න..එයටම කොස් ඇට ටිකත් එකතු කරන්න.ගා ගත පොල් මිට හෝ 2ක ද එයටම එකතු කරන්න,.දැන් ඉහත සඳහන් සියලු පහේ ද්‍රව්‍ය දමා හොඳින් හැඳි ගාමින් කොස්ඇට ටික ඒ මේ අත පෙරලන්න
රස අනුව ලුණු කුඩු ද දමා ගන්න. කොස් ඇට තැම්බීමට අවශ්‍ය තරම් වතුර දමා කරමුඩියකින් වසා ඉදෙන්නට හරින්න.
කොස්ඇට හොඳින් ඉදුණ පසු එයට මිටි කිරි ටික එකතු කරන්න .. ගින්දර අඩු කර ඉතාම චුටි දැල්ලකින් විනාඩි 45 ක් පමණ කොස් ඇට හිඳී තෙල් පැදෙන තුරු උයා ගන්න.දල ලිපක නම් හොඳින් ගිනි අඟුරු දමා රැයක් පුරා අඟුරු වල රස්නයෙන් ඉදෙන්නට හරින්න..

Related Articles