Home FoodRecipes කංකුන් රයිස්

කංකුන් රයිස්

by LADY.LK

 කංකුං කියන්න ඉතාමත් රසවත් වගේම ගුණදායී පළා වර්ගයක් ලොකු පොඩි කොයි කවුරුත් කන්කුන් ආහාරයට ගන්න කැමතියි. ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ කංකුන් රයිස් එකක් හදාගන්නෙ කොහොමද කියලා. ඒ සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ හදාගන්න විදිහ පහතින්..
අවශ්‍ය ද්‍රව්‍ය:

උයාගත් බත්
සෝදා සාමාන්‍ය ප්‍රමාණයට කපා ගත් කංකුන්
පොඩියට කපා ගත් සුදු ළූනු
පොඩියට කපා ගත් ඉගුරැ
පොඩියට කපා ගත් කැරට්
බිත්තර
ලුනු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
රස අනුව සුප් කැට
ඔයිස්ට සෝස් ටිකක්
තෙල් ස්වල්පයක් (තල තෙල් නම් වඩාත් සුදුසුයි)
(කැමතිනම් මස් වර්ගද එක්කල හැක)

සාදන ආකාරය:
සුදුසු බාජනයක් ලිපේ තබා 

තෙල් ස්වල්පයක් එක්කරන්න.

එය යාන්තම් රත්වන විට කපාගත් ඉගුරැ සුදු ළූනු වලින් බාගයක් එක්කරන්න

එයටම කැරට් එක් කරන්න
සුප් කැට, ලුනු, ගම්මිරිස් ස්වල්පය බැගින් එක් කර තෙම්පරාදු කර ගන්න
තෙම්පරාදුව බාජනයේ පැත්තකට කර බිත්තර එක්කරන්න.
බිත්තරය ඉදීගෙන එන විට කැරට් තෙම්පරාදුවත් සමග හොදින් කලවම් කරන්න. 
සියල්ල හොදින් කලවම් වූ පසු බත් එක් කරන්න
එයටම ඔයිස්ටර් සෝස් එක් කර වැඩි ගින්නේ බත් එක හොදින් කලවම් කර ෆ්‍රයි කරගන්න. 
ෆ්‍රයි කරගත් බත් එක පැත්තකින් තබා වෙන බාජනයකට හෝ එම බාජනයටම හෝ නැවත තෙල් ස්වල්පයක් දමන්න. 
එයට ඉතිරි ඉගුරැ,සුදු ළූනු දමන්න.(සුදු ළූනු වලට වැඩි ආසාවක් නැති අය මේ අවස්ථාවේදී සුදු ළූනු නොදා ඉන්න)
එයටම කංකුන් එක් කරන්න.
ඔයිස්ටර් සෝස් සහ ලුනු, ගම්මිරිස් ස්වල්පයක්ද එක් කරන්න(මේවා එක් කිරීමේදී සැලකිලිමත්වන්න. බත් එකටත් එක් කල නිසා)
කංකුන් එක ලාවට තෙම්පරාදු වෙන්නට දෙන්න. (වර්ණය නොවෙනස් වන ලෙසට)
මේ විදිහටත් නිකන් බත් එක්ක කන්නට පුලුවන්
දැන් එම කංකුන් එකටම මුලින් සකස් කරගත් බත් එක දමා හොදින් කලවම් කරගන්න
(මස් ආදිය එක් කරනවානම් කැරට් දැමීමට පෙර එක් කර කර කරගන්න. සම්පූර්ණ නිර්මාංශ අයෙක් නම් බිත්තර වෙනුවට පනීර් එක් කර ගත හැක. එයද කැරට් දැමීමට පෙර එක් කර මදක් ෆ්‍රයි කර ගන්න.) 

Related Articles