Home FoodRecipes ගමේ පදමට අඹ ව්‍යංජනයක්

ගමේ පදමට අඹ ව්‍යංජනයක්

by LADY.LK

මේ කාලේ අඹ රඹුටන් ඉදෙන කාලය.  කොහොමද ඔබට අඹ ව්‍යංජනයක රස විඳින්න ලැබුණොත්  දැනටමත් කටට කෙල උනනවා නේද? එහෙම එකේ වැඩි කතා මොකට ද ? අපි රසම රසට ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදන විදිහ ගැන කියල දෙන්නමි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඹ ගෙඩි 03ක්

පිරිසිදු කර සිහින්ව කපා ගත් රතු ළුණු 50g

අමු මිරිස් කරල් 03ක් 

තක්කාලි ගෙඩි 02ක්

සුදුළුනු

කුරුඳු පොතු කැබැල්ලක්

අබ තේ හැඳි 1/4ක්

රම්පෙ, කරපිංචා

මිරිස් කුඩු මේස හැඳි 02ක්

තුන පහ කුඩු මේස හැඳි 02ක්

කහ කුඩු ස්වල්පයක් සහ සීනි මේස හැඳි 02ක්

රස අනුව ලුණු

පළමුව මිරිකා ගත් පොල් කිරි කෝප්ප 01ක්

දෙවනුව මිරිකා ගත පොල් කිරි කෝප්ප 01ක්

සාදා ගන්නා ආකාරය
අඹ පොතු ඉවත් කර සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න. එළවළු ද සිහින්ව කපා ගන්න. භාජනයක් ගෙන රත් කර එයට තෙල් ස්වල්පයක් දමා අබ, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු එකතු කර හොඳින් කවලම් කර එයට රතු ළුණු, තක්කාලි, අමු මිරිස් ද එකතු කර සියල්ල රත් වූ පසු එයට මිරිස්, තුනපහ, කහ එකතු කර හොඳින් රත් කරගන්න. ඉන්පසු එයට කපා ගත අඹ ටික එකතු කර ලුණු සහ සීනි දමා දෙවනුව පෙරාගත් පොල් කිරි එකතු කර හොඳින් තම්බා ගන්න. එය තැම්බූන පසු පලමුවපෙරා ගත් කිරි ටික එකතු කර එය පසුන පසුව එය ලිපෙන් බා ආහාරයට එකතු කර ගන්න.

Related Articles