Home FoodRecipes කර කර ගාලා හැපෙන ආප්ප හදාගන්න රහස් ක්‍රමයක්

කර කර ගාලා හැපෙන ආප්ප හදාගන්න රහස් ක්‍රමයක්

by LADY.LK

මේ දවස් හැමෝම ගෙදර ඉන්න එකේ ආප්ප හදලා බලමුද වරදින්නේ නැතුව. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඉක්මනටම කර කර ගාලා හැපෙන ආප්ප හදාගන්න රහස් ක්‍රමයක්.

අවශ්‍ය දේවල්

කැකුලු හාල් පිටි 500g
යීස්ට් තේ හැදි 1
සීනි තේ හැදි 2-3
පොල් වතුර කෝප්ප 1
මාරි බිස්කට් එකක් දාපුවහම් ආප්පෙ හොදට කර කර ගාලා හැපෙනවා. ක්‍රිස්පි වෙනවා.
ලුනු
හොදින් වේලුනු පොල් බෑයක පොල්

සාදාගන්නා ආකාරය

පොල් ටික උනු වතුරෙන් මිරිකා මිටි කිරි, දිය කිරි සාදා ගන්න.
පිටි ටික බ්ලෙන්ඩරයට දමා පොල් වතුර දමා මිශ්‍ර කරන්න. ඉන්පසු යීස්ට් සහ සීනි දමා බ්ලෙන්ඩ් කරන්න.
දැන් බිස්කට් එක සහ ලුනු මිටි කිරි දමා උකු මිශ්‍රණයක් සාදා ගන්න. මෙය පැය බාගයක් වසා තබන්න.
දැන් දිය කිරි අවශ්‍ය ප්‍රමානයට එක් කර, පදම් වූ තාච්චියක පුච්චා ගන්න.

තාච්චිය පදම් කිරීම:
තාච්චිය පිරෙන්න පොල් තෙල් දමා උනු කර බිත්තරයක් බදින්න.
ආප්පෙන් ආප්පයට තාච්චිය පිස දැමීමට එම බිත්තර කහමදය යොදා ගන්න.

හාල්පිටි නැති නම්, කැකුලු හාල් ටික පැය 2 ක් පොගවා, පොල් වතුර ටික දමා ටිකක් බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු ඉහත ආකාරයටම සකස් කරගන්න පුලුවන්.

Related Articles