Home LifestyleEntertainment දෙහි යුෂ පානයෙන් ලැබෙන ඔබ නොදන්නා වාසි

දෙහි යුෂ පානයෙන් ලැබෙන ඔබ නොදන්නා වාසි

by LADY.LK

දෙහි යුෂ පානයෙන්, ඔබ නොදන්නා ප්‍රතිලාභ බොහොමයක් අත්කර ගන්න පුළුවන්. ආහාර සැකසීමේදී රසකාරකයක් ලෙස ද දෙහි යුෂ යොදා ගන්නවා. විවිධ රෝගාබාධවලට ඉතාමත් ම ගුණදායක පලතුරක් ලෙස ‍ද දෙහි ඉතාමත්ම වැදගත්. ඔබට හැකි වෙලාවට දෙහි යුෂ වීදුරුවක් පානය කරනවානම්, එය ඉතාමත්ම වටිනවා.

දෙහිවල අන්තර්ගත ස්වභාවික තෙල් සාරය සමට බෙහෙවින් හිතකර නිසා, සමෙහි ඇතිවන විවිධ රෝගාබාධවලට (සමේ රෝගවලට) දෙහි සමඟ මී පැණි ආලේප කිරීම ඉතාමත්ම යෝග්‍යයි. එමඟින් සමට පෝෂණයක් ලබා ගැනීමට පුළුවන්. හිස්හොරි හේතුවෙන් හිසෙහි හටගන්නා විවිධ ආසාදනවලට සහ හිසකෙස්වල ප්‍රාණවත් බව සුරැකීමට ද දෙහි ඉතාමත් ම හොඳ ඖෂධයක්. ඔබ ස්නානය කරනවිට හිසෙහි දෙහි යුෂ ගල්වන්නේ නම්, එය වඩාත් ම සුදුසුයි. සමෙහි මැරුණු සෛල ප්‍රාණවත්ව සකස් කිරීමට, දෙහිවල අඩංගු විටමින් C සංඝටකය ඉතාමත් ම ගුණදායයි. දෙහි යනු රූපලාවන්‍ය කටයුතුවලදී ප්‍රමුඛස්ථානයේ තිබෙන පලතුරු වර්ගයක්.

දෙහිවල අන්තර්ගත ආම්ලික ස්වභාවය හේතුවෙන් අප ගන්නා ආහාර ඉක්මනින් ජීර්ණය වීමට උපකාරී වෙනවා. විවිධ ව්‍යංජන සැකසීමේදී දෙහි බිංදු කිහිපයක් එකතු කරන්නේ ඒ නිසයි. ව්‍යංජනය රසවත් කර ගැනීමට යොදන රසකාරයක් වගේම ආහාර ජීර්ණයට ද එය හිතකරයි. බොහෝ ඉන්දියානු භෝජනාගාරවල දෙහි අච්චාරු පිළියෙළ කරන්නේ, දෙහි මඟින් ශරීරයට උත්තේජන ලබා දෙන නිසයි.

දෙහි යුෂ මිශ්‍ර මී පැණි පානය, මළබද්ධය වැළඳීම වළක්වා ගැනීමට ඉතාමත් ම හිතකර ඖෂධයක්. දෙහි තුළ අඩංගු ආම්ලික ස්වභාවය හේතුවෙන් සිරුරට යම් උත්තේජනයක් ලැබෙනවා. දෙහි පිරිසුදු කාරකයක් ලෙස හඳුන්වන්නේ, පොළොව පිරිසිදුකාරකවලට, දෙහි සාරය අන්තර්ගත කර ඇති නිසයි. එමඟින් පොළොවට ඉතාමත් ම සිත්ගන්නාසුළු ස්වභාවයක් එක් කෙරෙනවා.

දෙහි යනු ආම්ලික පලතුරු වර්ගීකරණය කිරීමේදී ප්‍රමුඛත්වයේලා ගිනිය හැකි පලතුරු වර්ගයක්. අමෙරිකානු දියවැඩියා සංගමයේ පරීක්ෂකවරුන් පවසන්නේ, දෙහි මඟින් රුධිරයේ අන්තර්ගත සීනි ප්‍රමාණය මනාව පාලනය කිරීමට පුළුවන් බවයි. ශරීරයේ නිපදවෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉක්මනින් අවශෝෂණය කිරීමේ හැකියාව දෙහිවල අඩංගුයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීමට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය දෙහි තුළ අඩංගු විටමින් සංඝටකය නිසා පාලනය කර ගැනීමට පුළුවන්.

Related Articles