Home FoodRecipes Egg සැන්විච්

Egg සැන්විච්

by LADY.LK

එග් සැන්විච් කාලා තිබුණට ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ වෙනස්ම විදිහකට එග් සැන්විච් එකක් හදා ගන්න විදිහ ගැනයි. ඒ සදහා අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය..

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 3 ක්

බටර් ග්‍රෑම් 20 ක්

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු

තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය

පළමුව භාජනයක් ළිප තබා රත්වන විට එයට තෙල් ටිකක් දමා බිත්තර තුන කඩා දාන්න. ඉන්පසු බටර්, ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු ද එයට එකතුකර කෑලි කැඩෙන විදිහට හැඳිගාන්න.

දැන් ළිපෙන් බාගන්න. පාන් පෙතිවල බටර් ස්වල්පයක් ගා මෙම මිශ්‍රණයෙන් ටික ටික තබා අනෙක් පාන් පෙත්තෙන් වසන්න.

Related Articles