Home FoodRecipes වෙනස් රසයකින් අල කමු

වෙනස් රසයකින් අල කමු

by LADY.LK

අල කිරි හොද්දයි, අල බැඳුමයි කාලා එපා වෙලා ඉන්න අයට අද අපි කියන්න යන්නේ වෙනස්ම ආකාරයකට අලවලින් රසවත් කෑමක් පිළියෙළ කරන ගන්නේ කොහොමද කියන එක .

ඇත්තටම වෙනත් රසයක් දැනෙන  මේ අල ව්‍යංජනයට ගෙගාඩක් දෙනෙක් කැමති වේවී.

අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය…

 

අවශ්‍ය ද්‍රව්‍ය

පොඩි අල ගෙඩි ග්රෑම් 250ක්

කබලේ බැද ගත් පොල් මේස හැඳි 3ක්

බැදපු මිරිස් කුඩු තේ හැන්දක්

රතු ලූනු ගෙඩි 2ක්

සුදු ලූනු බික් 2ක්

රම්පා

කරපිංචා

කුරුඳු පොත්තක්

ගොරකා කැබැල්ලක්

අබ ඇට ස්වල්පයක්

බැදපු උළුහාල් ස්වල්පයක්

ලුණු

 

සාදන ක්‍රමය

 

පොත්ත පිටින් අල තම්බා ලෙලි ඇර ගන්න. අල ප්‍රමාණයෙන් විශාල නම් කැබලි වලට කපා ගන්න.

පොල්, රම්පා, කරපිංචා සිහින්ව අඹරා ගන්න.

අල, පොල් මිශ්‍රණය, බැදපු තුන පහ කුඩු, ලුණු, බැදපු උළුහාල් සහ ගොරකා හැර ඉතිරි ද්‍රව්‍ය වලින් තෙම්පරාදුවක් සාදා ගන්න.

එයට අල, පොල් මිශ්‍රණය, බැදපු තුන පහ කුඩු, ලුණු, බැදපු උළුහාල් සහ ගොරකා දමා, වතුර අඬු කෝප්පයක් දමන්න. ඉන් පසු එය හින්දා ගන්න.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how cook potato in a different way. You can read the article and put your feedback on it. if you a fed of the way cooking potato today we introduce a new way of cooking potato.

Related Articles