Home FoodRecipes පොල් සම්බෝල රෙසිපි

පොල් සම්බෝල රෙසිපි

by LADY.LK

පොල් සම්බෝල කියන්නෙ ආඉ කන්න කැමතිම බොහොම සරලව හදා ගන්න පුලුවන් ආහාරයක්. ලොකු පොල් ග්ඩිෙයකින් හදන්න යනවා නම් කොටන්න ඉස්සෙල්ලා සිනි තේ හැදි 1/2 විතර දලා පොල් ටිකත් එක්ක කොටන්නකෝ එතකොට හොද රසට එනවා.

පොල් සම්බෝල රෙසිපිය

සිහින්ව ගාගත් පොල් කොප්ප 1
හිනියට කැපු රතුලුනු ගෙඩි 6
තලලා හිනියට කැපු සුදුලුනු ගෙඩි 2
කැලිමිරිස් තේ හැදි 2
උම්බලකඩ මේස හැදි 2ක් 3ක්
මීරිස් කුඩු තේ හැදි 1
ගම්බිරිස් ඇට තේ හැදි 1/2
සිනී තේ හැදි 1/4
ලුණු කුඩු තේ හැදි 1
දෙහි හෝ සියඹලා යුශ

මුලින් ම ඔයා සම්බෝලය කොටලා හදන කෙනෙක් නම් කැලිමිරිස් උම්බලකඩ සිනි ලුණු ගම්බිරිස් ටික දලා හොදට කොටා ගන්න. ඊලගට මිරිස්කුඩු දලා කොටන්න. ඉන්පසු සුදු ලුනු රතුලුනු දලා කොටන්න. මෙකට ම පොල් ටිකත් දලා දෙහි හෝ සියඹලා දලා කොටලා ගන්න. සම්බොලේට සියඹලා යුශ දැම්මාම ගොඩාක් රසයි.

ඔයාට කොටන්න බැරි නම් කරන්න ඔනා පොල් වලට කැලිමිරිස් මිරිස්කුඩු ලුණු කුඩු ගම්බිරිස් කුඩු ගන්න ඇට එපා සිනි ටික දලා අතින් හොදට පොඩි කරන්න. පොල්වලන් කිරි එලියට ගන්න වගේ අත තද කරලා අනාගන්න. ඊටපස්සේ පිහියේ මිටෙන් තලලා සුදු ලුනු රතුලුනු හිනියටම කපලා දාන්න. ඔයා ලග කොච්චි මිරිස් තියෙනවා නම් එකත් මේ වෙලාවේ හිනියට කපලා දාන්න. දැන් නැවත අත තද කරලා හොදට අනාගන්න. උම්බලකඩ කඩ නම් දාන්න ඔනා හොදට ම පොඩි කැලි හෝ කුඩු වශයෙන් අරගෙන එකත දලා මිශ්‍රණය කරන්න. අවසානයට සියඹලා දලා ලුණු රස බලලා බත් එක්ක කන්න ගන්න පුලුවන්.

ඔයා සම්බෝලය කෝටලා හදන්නේ නැති කෙනෙක් නම් ආනිවාරයෙන්ම හොදින් අතින් ආනාගන්න ඔනා. එවගෙම සිනි චුට්ටක් දැම්මාම සැර ඇඹුල් රස එක්ක හරිම රසයි. මං දෙහි වලට වඩා ගෝඩාක්ම ආසා සියඹලා වල එන රසට ඔයාත් ට්‍රයි කරලා බලන්නකෝ …

Related Articles