Home LifestyleLiving Interior Design – කාමරය ලස්සනට තියා ගමු 02

Interior Design – කාමරය ලස්සනට තියා ගමු 02

by LADY.LK

පහුගිය ලිපියකින් කාමරය පොඩි තැනක් උනත් ලස්සනට තියාගන්න අවශ්‍ය කාරණා කීපයක් කතා කරා නේද ?
ඔයාට උවමනාවක් තියෙන්න ඕන තමන් ඉන්න තැන ලස්සනට පිලිවෙලට තියාගන්නට. එතනදි මතක තියාගන්න, බෝඩිම් කාමරයක, කුලියට ඉන්න තැනක ඔබ හිටියත් ඒකියන්නෙ ඔබේම නිවසක නොවුනත්, යම් කාලයක් ඔබට ඉන්න වෙනවා. එනිසා ඒ ඉන්න කාලයෙදි පිලිවෙලට ඉන්නව නම්, ඒක එදිනෙදා කරන වැඩ වලටත් බොහෝම වටිනවා මනස නියම ඒකාග්‍රතාවයෙන් තියාගෙන ඉදිරියට යන්නට.

කාමරය උසින් වැඩි නම් හෝ තරමක උසක් තියෙනවා නම් තට්ටු ඇඳක් ඔයාට පුලුවන් භාවිත කරන්නට. ඒකියන්නෙ එක තට්ටුවක ඔයා නිදාගන්න අතර අනිත් තට්ටු වල ඔයාගේ භාණ්ඩ තියන්නට ඔබට පුලුවන්.
කෑම උයන්න අවශ්‍ය භාණ්ඩ තැන්පත් කිරිමට පොඩි කබඩ් 1ක් හෝ 2ක් ඉඩ ඇති ආකාරයට ගසා පැන්ට්‍රි එකක් ආකාරයට නිර්මාණය කරගන්න. කුඩා ඉඩක සින්ක් එකක් තබා මයික්‍රොවේව් හෝ ගෑස් කුකර් එක සකස් කරගන්නත් ඔයාට පුලුවන්.

කාමරය පොඩි නිසා ඔබට හැකි නම් කතා කරලා අවසර අරගෙන හරි සුදු පාට ටිකක් කාමරේට ආලේප කරන්න. එතකොට කාමරයේ ඉඩ වැඩියෙන් තියෙන බවක් පේනවා. ඒක මනෝවිද්‍යාත්මකව කරන දෙයක්. සිවිලිමටද ලා වර්ණ එකතු කිරිමෙන් සහ කාමරය උස වැඩි නම් තද වර්ණ ආලේප කර සිවිලිම පහල ආකාරයට සකසා ගන්නත් පුලුවන්.

ඔබ ඉගෙන ගන්නවා නම්, මේසයක් අනිවාර්ය අවශ්‍යයි. ඔබට පුලුවන් මේසය තියලා මේසයට උඩින් බිත්තියේ කණ්ණාඩියක් සවි කරන්නට. ගෑණු ළමයි කොහොමත් රූපය ගැන සෑහෙන්න හිතන නිසා නිතරම කණ්ණාඩියෙන් මූණ බලනවනෙ. මේ ක්‍රමයට මේසයේ විතරක් නෙමෙයි කණ්ණාඩියේ අවශ්‍යතාවයත් හදාගන්න පුලුවනි ඉඩත් ඉතිරි කරගෙනම. කෑම කන්න භාවිත කරන පොඩි මේසයක් අරගෙන ඒකම ලියන කියන වැඩ වලටත් භාවිත කරන්නත් පුලුවන්. ඇදුම් තියන්නට නම් වැඩි උසක් නැති පලලින් වැඩි කබඩ් එකක් වඩා සුදුසුයි.

අපි ඊළග දවසක තව කතා කරමු.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to keep your clean. You can read the article and put your feedback on it. you have to kep your room clean and tidy, remember if you stay on a rented place or its not a place that you own you have to keep tidy and clean your bed room.

Related Articles