Home LifestyleFashion කුරුදුවලින් කුරුලෑ සුව කර ගමු

කුරුදුවලින් කුරුලෑ සුව කර ගමු

by LADY.LK

 අද වන විට බොහෝ පිරිසක් මුහුණපා ඇති ප්‍රදානම ගැටළුවක් තමයි කුරුලෑ කියන්නේ. ඔබත් ඒ පිරිසෙන් එක් අයෙක් වෙන්න පුලුවන්. බොහෝදෙනා මේ කුරුලෑ සුවකරගන්න නොයෙකුත් බෙහෙත් වර්ග, ආලේපන වර්ග භාවිත කරනවා. සමහර අවස්ථා වලදී එම ප්‍රතිකාර වලින් තාවකාලික කුරුලෑ පාලනය වීමක් සිදුවුවත් නිට්ටාවටම සුව වීමක් නැති වෙන්න පුළුවන්.ඔබ ආහාර රසගැන්වීමට යොදාගන්නා කුරුඳු වලට කුරුලෑ සුව කිරීමේ හැකියාවක් ඇති බව ඔබ දන්නවාද? ඔබත් කුරුලෑ නිසා දුකින් පසුවෙන කෙනෙක්නම් ඔබත් මෙය අත්හදා බලන්න. කුරුඳු කුඩු මේස හැඳි -1ක්පිරිසිදු මී පැණි මේස හැදි – 2ක්
කුරුඳු කුඩු මේස හැදි 1, මීපැණි මේස හැදි 2 සමගින් හොදින් මිශ්‍රකර ගන්න. එම මිශ්‍රනය  මුහුණේ අලේප කර විනාඩි 20 ක් පමන තබන්න ඉන් පසුව එම  ආලේපය මත  තෙමාගත් ඇගිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කර සිසිල් ජලයෙන් සෝදා හරින්න.ඔබට තෙල් සහිත සමක් ඇත්නම් මෙය එම තෙල් ගතිය පාලනය කරගැනීමට සතියකට වතාවක්  භාවිතා කල හැකි අතර, කුරුලෑ සහිත සමකට කුරුලෑ පාලනය කරගැනීම සදහා සතියකට දෙවතාවක් හෝ  තෙවතාවක් මෙම ආලේපය භාවිතා කල හැක. මෙසේ සති 2-3ක කාලයක් ඔබ මෙය භාවිතා  කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිපලයක් ලබාගත හැකිවේ.

Related Articles