Home FoodNutrition වවිටමින් ඌණතාවයන් ගැන ඇඟවෙන සංඥා

වවිටමින් ඌණතාවයන් ගැන ඇඟවෙන සංඥා

by LADY.LK

කාන්තාවන් බොහෝවිට සැලකිලිමත් වෙන්නේ තමන්ගේ භාහිර රූපය ගැන විතරයි. නමත් ඔවුන්ට නොදැනිම ශරීර අභ්‍යන්තරයේ වෙන දුරුවල තාවයන් හඳුනා ගැනීමට කාන්තාවන් අපොහොසත් වෙනවා. විශේෂයෙන්ම විටමින් ඌනතාවයන්ට කාන්තාවන් නිරන්තරයෙන් පත් වෙනවා. ගොඩක් මව්වරු තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ගුණවත් කෑම බීම දුන්නත්, තමන් ගැන සැලකිලිමත් වෙන ප්‍රමාණය ගොඩක්ම අඩුයි. එහෙමයි කියලා විටමින් පෙති අහුරු පිටින් ගිල දැම්මා කියලා මේකට විසඳුමක් ලැබෙන්නේ නෑ. ඒ සඳහා ශරීරයට අවශ්‍ය විටමින් සමබරව ලබා ගත යුතුයි.

කෙසේ වෙතත් මේ ලිපිය කියවන ඔබත් විටමින් ඌණතාවයන්ගෙන් පෙළෙන්නට පුළුවන්. එහෙනම් ඒ මොනවද කියලා දැන ගන්න මේ ලිපිය දිගටම කිවලා බලන්න…

  1. හිස කෙස් වැටීම

හිස කෙස් වැටීමට හේතු වන්නේ සිරුරේ අඩංගු බයෝටීන් (B7) ප්‍රමාණයේ මදි කමයි. මේ ගැටළුව සඳහා සිරුරේ බයෝටීන් මට්ටම වැඩි කර ගත යුතුය. මේ වෙනුවෙන් ආමන්ඩ්, සෝයා ඇට, අර්තාපල් අල සහ කෙසෙල් ආහාරයට ගැනීම වැඩි කරන්න.

  1. කෙණ්ඩා පෙරලීම

නිතර නිතර ඔබේ කෙණ්ඩා පෙරළෙනවා නම්, එය ඔබේ සිරුරේ තිබිය යුතු කැල්සියම්, මැග්නීසියම් සහ පොටෑසියම් ආදි පෝෂක ගුණ මඳ බව හඟවන සංඥාවක් විය හැකියි. ඇතැම් විට මෙය සිදු වන්නේ අධික ලෙස වෙහෙසීම හා ක්‍රීඩා කිරීම නිසා සිරුරේ අඩංගු මිනරල් වර්ග දහදිය හරහා පිට වීම නිසායි. මේ වෙනුවෙන් ඇට වර්ග (ආමන්ඩ්, හේසල්නට්), වට්ටක්කා, කෙසෙල් සහ ඇපල් වැඩිපුර ආහාරයට ගන්න.

  1. මුහුණේ පලු ඇති වීම

මේ තත්වය ඇති වීමට හේතුව වන්නේ සිරුරේ බයෝටීන් හිඟතාවයයි. මේ ගැටළුව විසඳා ගැනීම සඳහා ඔබට පුළුවන් චීස්, හතු, අර්තාපල්, තැම්බූ බිත්තර, නිවිති හා මල්ගෝවා ඔබේ ආහාරයට වැඩියෙන් එක් කර ගන්න. ස්වභාවික ආහාර මඟින් බයෝටීන් සපයා ගැනීමට අමතරව, බයෝටීන් අඩංගු පෝෂණ අතිරේක ලබා ගන්න.

  1. අතපය හිරිවැටීම

මෙවැනි තත්වයක් ඇති වන්නේ ඔබේ සිරුරේ B6, B12 සහ B9 (ෆෝලික් අම්ලය) ආදි පෝෂක වල හිඟතාවය නිසායි. සිරුරේ සෛල වලට රුධිරය මඟින් සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය සීමා වීමක් මෙහිදී සිදු විය හැකියි. බෝංචි, දොඩම්, මාළු ඇතුළු මුහුදු ආහාර සහ කුකුළු මස් ආහාරයට වැඩිපුර එක් කර ගන්න.

  1. උකුලේ සහ අත් මතුපිට ඇති වන තඩිස්සි වීම්

අත් සහ උකුලේ තඩිස්සි වීම් වැනි පලු හට ගැනීම් සිදු වන්නේ සිරුරේ විටමින් A, විටමින් D සහ මේද අම්ලයේ හිඟතාවය නිසයි. මේ සඳහා ඔබ වැඩිපුර සැමන් මාළු හා ඇට වර්ග ආහාරයට ගන්න. විටමින් A බහුල කැරට් ආදී එලවලුත් ඔබේ බත්පතට එක් කර ගන්න.

  1. ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැති වීම

මෙවැනි තත්වයක් ඇති වන්නේ විටමින් B12 අඩු වූ විටයි. මේ සඳහා කුකුල් හෝ හරක් පීකදු, කිරි, සැමන්, බලමාළු සහ එළු මස් ආහාරයට එක් කර ගන්න.

  1. දත් රෝග

දත් රෝග ඇති වීමට හේතුව වන්නේ විටමින් D වල මඳ බවයි. විටමින් D , කැල්සියම් සහ පොස්පරස් අඩංගු ආහාර ලබා ගැනීමෙන් මෙම ගැටළුව විසඳා ගත හැකියි. කිරි ආහාර, රතු සහල්, තක්කාලි, බෝංචි, මාළු, දොඩම් සහ මිදි වර්ග වැඩිපුර ආහාරයට ගන්න.

  1. කට වටා සමේ ඇති වන පැලීම්

මෙසේ වීමට හේතු වන්නේ විටමින් B3, B2, සහ B12 වල හිඟතාවය නිසායි. මේ වෙනුවෙන් කුකුළු මස්, සැමන් මාළු, බිත්තර, බෝංචි සහ ඇට වර්ග ආහාරයට එක් කර ගන්න. මීට අමතරව විටමින් C අඩංගු ආහාරත් ලබා ගන්න. එය සිරුරට යකඩ උරා ගැනීමට උදව් කරනවා.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about illnesses which cause the lack of vitamin  . You can read the article and put your feedback on it. Women are often concerned only with their outer appearance. They do not even know how to identify a illness within there inner body.

Related Articles