Home FoodRecipes පාන් වගේද පාන් රෝල්ස් – කාලම බලමු

පාන් වගේද පාන් රෝල්ස් – කාලම බලමු

by LADY.LK

මීට කලින් පාන් කාලා තිබුණට පාන් රෝල්ස් කාලා නැහැනේ. ඔන්න අද අපි කියන්න යන්නේ පාන්වලින් කොහොමද රෝල්ස් හදන්නේ කියන එක ගැනයි. පොඩ්ඩෝ නම් මේ කෑමට වඩාත්ම කැමති වෙයි. ලොක්කොන්ට පොඩ්ඩොන්ට හැමෝටම රහට කන්න පාන් රෝල්ස් හදා ගන්නේ මෙන්න මෙහෙමයි…

වශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව කපාගත් පාන්පෙති 6ක්

සිහින්ව ග්‍රේට් කරගත් කැරට් අලයක්

තම්බා ‍පොඩිකරගත් අල ගෙඩියක්

සිහින්ව ගා ගත් චීස් ග්‍රෑම් 25

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

ලුණු රසට අනුව

කිරි අඬු කෝප්පයක්

බටර් ග්‍රෑම් 50

බිස්කට් කුඩු

‍පොල්තෙල්

සාදන ආකාරය

කැරට්, අල, චීස්, ගම්මිරිස්, ලුණු එකතු කර බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් පාන් පෙතිවල බටර් තවරා ගන්න. පාන් පෙත්ත බැගින් ගෙන එහි මැද දිගට එළවළු මිශ්‍රණය රේඛාවක් ලෙස දමාගන්න. දැන්පාන් පෙති අතින් තද කොට රෝල් කරගන්න. එය රඳවා ගැනීමට අසීරු නම් කරපිංචා නැට්ටක් ගසා ගන්න. දැන් මේ පාන් රෝල් කිරිවල ‍පොඟවා බිස්කට් කුඩු මත පෙරළා රත්වූ ගැඹුර තෙලට දමා රන්වන් පාටට බැදගන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about preparing bread roles .You can read the article and put your feedback on it. 

Related Articles