Home LifestyleTravel රටම කතාකරන පිදුරංගලටත් කෙහොම හරි යමු

රටම කතාකරන පිදුරංගලටත් කෙහොම හරි යමු

by LADY.LK

පිදුරංගල කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ස්ථානයක්.  දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සචාරකයන් අතරත් ප්‍රසිද්ධියට පත් මෙම ස්ථානය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය පුරාත් සුවිශාල කතාබහක් ඇති කර තිබෙනවා . ඉතිං මේ දවස්වල හැමෝම උත්සාහ කරන්නේ  පිදුරංගල නැගල  සීගිරිය පේන විදිහට ෆොටෝ එකක් ගන්න.

තාමත් පිදුරංගල ගිය නැති ඔබත් මේ අත්දැකීම ලබා ගන්න කොහොම හරි පිදුරංගල යන්න. යන්න ඕන පාර වගේම ඒහි පවතින සුවිෂේශීතා ගැනත් අපි ඔබට කියන්නම්.

කුරුණෑගල දඹුල්ල හබරණ පාරේ කිලෝමීටර් හතක් විතර එනකොට හම්බවෙන ඉනාමලූව හන්දියෙන් හැරිලා කි.මී. 10 විතර යනකොට සීගිරිය වැව හම්බ වෙනවා. එතැනින් වමට හැරිලා තව කි.මී. 3ක් විතර ගියහම අපිට පිදුරංගල රජමහා විහාරය හමු වෙනවා. ඉතින් මෙතනට යන අතරමග අපිට සීගිරිය පර්වතයේ නොදුටු පැති කිහිපයකින් බලාගන්න හැකියාව තියෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය පර්වතයට උතුරු දෙසින් පිහිටි මුහුදු මට්ටමේ සිට අඩි 340ක් පමණ උසකින් යුත් කඳු මුදුනක ඉදිකරනු ලැබූ ඓතිහාසික බෞද්ධ පුදබිමක් තමයි මේ පිදුරංගල කියලා කියන්නේ. සීගිරියට තරම්ම ඉතිහාසයක් තිබුණත් වැඩි දෙනකුගේ අවධානයට ලක් නොවූ පිදුරංගල ගැන නම් කතා බොහොමයි.

ඉතිහාසයේ කියවෙන විදියට කාශප රජතුමා සීගිරිය සොයා ගන්න විට එහි විසූ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා සඳහා පිදුරංගල විහාරය ඉදිකළ බවයි සඳහන් වෙන්නේ.

සමහරවිට ඔබ සිගිරියට ගියත් පිදුරංගල යන්න නැතුව ඇති. ඉතිං තවමත් පිදුරංගල නොගිය ඔබට කෙහොම හරි මේ අත්දැකීමත් ජීවිතේ එකපාරක් හරි විදගන්න අවස්ථාව උදාවෙන්න කියන එක තමයි අපේ ප්‍රාර්ථනය.

 






[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about pidurangala rock in sigiriya srilanka .You can read the article and put your feedback on it.

 

 

Related Articles