Home FoodRecipes වෙනස්ම රසයකින් ඉස්සෝ කමු

වෙනස්ම රසයකින් ඉස්සෝ කමු

by LADY.LK

ඉස්සෝ බැඳුමක රස බලන්න කව්ද අකමැති. ඒත් ඒ හැමදාම කන ඉස්සෝ බැඳුමක් වගේ නම් නෙමෙයි. වෙනස්ම රසයකින් ඉස්සන් බැඳුමක රස බලන්න පුළුවන් විදිහක් ගැනයි මේ කියන් යන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන්නෙ මෙන්න මේ දුව්‍ය….

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක් ලොකු ඉස්සන් ග්‍රෑම් 250
රසට අනුව ලුණු
කහ ස්වල්පයක්
ගම්මිරිස් රසට අනුව
පාන්පිටි අවශ්‍ය තරමට
බිත්තරයක්
උකු ‍පොල් කිරි ටිකක්
සිහින්ව ගා ගත්
‍පොල් අඬු කෝප්ප 1/2 පමණ
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය 
ඉස්සන්ගේ ඔළුව අයින් කර ‍පොත්ත තිබියදීම හොඳින් පිලී යන ලෙස දෙහි මිශ්‍ර වතුරෙන් සෝදා දිය බේරා තෙත මාත්තු කර ගන්න. ඉන් ඉස්සන්ට හොඳින් ගෑරුප්පුවකින් ඇන සිදුරු කර ලුණු, ගම්මිරිස් කහ දමා අතගා සීසන් වන්නට හරින්න. පාන්පිටි වලට බිත්තරයක් ලුණු ඉතාම ස්වල්පයක් දමා ‍පොල් කිරි ටික ටික දමමින් ඉතාම උකු බැටරයක් සාදා ගන්න.
දැන් පාන්පිටි ටිකක් තැටියකට දමන්න. ‍පොල් ද තැටියකට දමා ගන්න. දැන් ඉස්සා බැගින් ගෙන උකු බැටරයේ ගිල්වා පාන්පිටි සහ ‍පොල් මත පෙරළමින් අතින් තදකරමින් ඉස්සා වටා හොඳින් පිටි සහ ‍පොල් තවරා
ගන්න. දැන් රත්වූ තෙලට දමා මදගින්දරේ රන්වන් පාට වනතුරු බැද ගන්න.

Related Articles