Home FoodRecipes පිට්ටු තෙම්පරාදුව

පිට්ටු තෙම්පරාදුව

by LADY.LK

පිට්ටු කියන්නේ උදෑසන ආහාරට නැතිනම් රාත්‍රී ආහාරයට සුදුසු ඉතාමත් රසවත් සහ ජනප්‍රිය කෑමක්. හැබැයි මෙච්චර කාලයක් අපි පිට්ටු කෑවේ එකම විදිහකට. හැබැයි ඔන්න අද අපි කියලා දෙනවා වෙනස්ම රසයකට පිට්ටු හදන ක්‍රමයක් ගැන. ඒ තමයි පිට්ටු තෙමපරාදුව  හදන විදිහ.

මහ ලොකු දේවල් ටිකක් කරන්න නෑ හදන විදිහ හරිම පහසුයි හදා ගන්නේ මෙන්න මේ විදිහට…

අවශ්‍ය ද්‍රව්‍ය

සාමාන්‍ය ආකාරයට තම්බා ගත් සහල් පිටි පිට්ටු කැබලි 4ක් (සුදු සහල් පිටි පිට්ටු කැබලි 2ක් සහ රතු සහල් පිටි පිට්ටු කැබලි 2ක් නම් වඩාත් සුදුසුයි)

සිහින්ව අඹරාගත් ඉඟුරු සහ සුදු ලූනු මේස හැඳි 01

රම්පේ කැබැල්ලක්

කරපිංචා කිනිත්තක්

එන්සාල් කරල් 2ක්

බටර් හෝ මාගරින් මේස හැඳි 4

සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 100

සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 100

සිහින්ව ලියාගත් ගෝවා ග්‍රෑම් 100

සිහින්ව කපාගත් සෝයා මීට් ග්‍රෑම් 100

(උණුවතුරේ ‍පොඟවා ගත්)

සාදන ආකාරය

දැන් පිට්ටු ටික වෙන වෙනම අතින් ‍පොඩිකර ගන්න. බටර් ටික ළිප තබා රත්වන විට සෝයා මීට් දමන්න. ඒවා රන්වන් පාටට බැදෙන විට අඹරාගත් ඉඟුරු, සුදුලූනු, රම්පේ, කරපිංචා දමන්න. දැන් කපාගත් එළවළු වර්ග, ලුණු එකතු කරන්න. එළවළු වර්ග හොඳින් තෙලෙන් තැම්බිගෙන එනවිට පිට්ටු දමා හොඳින් මිශ්‍ර කරගන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about preparing pittu .You can read the article and put your feedback on it. 

Related Articles