Home Health & Wellness සුන්දර පෙනුමක් සඳහා ජලය පානය කරන්න

සුන්දර පෙනුමක් සඳහා ජලය පානය කරන්න

by ladylk

සුන්දර බවත්, නිරෝගිකමත් කියන්නේ හරියට එකම කාසියේ දෙපැත්ත වගේ. ඒ කියන්නේ අපි අපේ පෙනුම ලස්සන කරගන්න යම් යම් දේවල් කරනකොට, ඒ දේවල් අපේ සෞඛ්‍යට හිතකරද කියන කාරණය ගැනත් අනිවාර්යයෙන් සැළකිලිමත් වියයුතු වෙනවා. ඉතින් තමන්ගේ සිරුරේ පෙනුම වගේම නිරෝගිකම ගැනත් සැළකිලිමත් වන ඔබට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම සහ පහසුම දේ තමයි ප්‍රමාණවත් තරමට පිරිසිදු ජලය පානය කිරීම. මේ නිසා lady.lk අපි හිතුවා ජලය පානය කිරීම, අපේ පෙනුම වැඩි දියුණු කරන්නට කොයි තරම් වැදගත්ද කියන කාරණය ගැන ඔබව දැනුවත් කරන්න.

කොච්චර වතුර අවශ්‍යයි ද?

පුද්ගලයෙකුගේ ශරීරයට අවශ්‍ය වන ජලය ප්‍රමාණය, ඒ පුද්ගලයාගේ ශරීරයේ බර අනුව සාපේක්ෂ අගයක් ගන්නවා. හැබැයි සාමන්‍යයෙන් මෙය ජලය වීදුරු 6-8 අතර ප්‍රමාණයක් වන බවත් කියන්නට හැකියාව තියෙනවා. ට්‍රිලියන 30 කට අධික සෛල සංඛ්‍යාවකින් නිර්මාණය වෙලා තියෙන මිනිස් සිරුරේ මනා ක්‍රියාකාරීත්ව සඳහා ජලය කියන දේ අත්‍යවශ්‍ය වන අතර ජලය පානය කිරීම ඔබේ සුන්දරත්වයට බලපාන්නේ කොහොමද කියන කාරණය ගැන අපි දැන් හොයලා බලමු.

Glowing skin

අපේ ශරීරයේ ඇති විශාලතම අවයවය විදියට හඳුන්වන සමේ වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන්නේ ජලය යි. ඉතින් ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නේ නැත්නම් සම වියළි, රළු සහ ඉරිතැළුණු ස්වභාවයක් ගන්නවා. මෙය නොඅනුමානවම වයසට වඩා මහළු පෙනුමක් ගෙන දෙන්නට හේතුවක් වන අතර ඔබ කොයි තරම් cream වර්ග ආලේප කලත් සම වියළි නම් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නැහැ. හැබැයි ඔබ උනන්දුවෙන් ජලය පානය කරනවා නම්, ඔබට මෘදු, දීප්තිමත් සහ බොහොම සුන්දර පෙනුමැති සමක් ලබාගන්නට හැකි බව අපි විශ්වාස කරනවා.

elasticity of the skin

සමේ තෙතමනය වැඩිවෙනකොට ඇදෙනසුළු බවත් වර්ධනය වීම සිදු වෙනවා. මේ නිසා wrinkles සහ fine lines නොපෙනි යාමත්, සමේ තරුණ පෙනුම රැකීමත් ඔබට ලැබෙන අමතර වාසි විදියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා.

ඒ වගේම හොඳින් ජලය පානය කිරීම මඟින් සමට මනාව රුධිරය ගලායෑම, ආහාර ජීර්ණ පද්ධතිය හොඳින්  ක්‍රියාකාරී වීම, සිරුරට අහිතරකර අපද්‍රව්‍ය පහසුවෙන් සිරුරෙන් ඉවත් වීම, සමේ pH අගට balance වීම වාසි දායක තත්ත්වයන් ඇතිවෙනවා. ඉතින් මේ හැමදෙයකම අවසාන ප්‍රතිඵලය වන්නේ කුරුලෑ, ලප කැළැල් ආදියෙන් තොර සුන්දර සමක් ඔබට උරුමවීමයි.

Nails

නියපොතු දුර්වල වීම, පහසුවෙන් කැඩීයෑම සහ ගැළවීම සඳහා සමේ වියළි බව ප්‍රධනම හේතුවක් වෙනවා. ඔබ ඔබේ පෙනුමට දක්වන සැළකිලිමත් බව කොයි තරම්ද කියලා පැහැදිලිවම පෙන්නුම් කරවන එක් නිර්නායකයක් තමයි නියපොතු කියලා කියන්නේ. මේ නිසා නියපෙළ ශක්තිමත්ව සහ නිරෝගිව තබා ගන්නට නම් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න ම සිදුවෙන බවත් අපි මතක් කරන්නට කැමතියි.

Weight

බොහෝ දෙනෙක් තමන්ගේ සිරුරේ තරබාරු කම, එහෙමත් නැත්තන් බර ගැන පීඩාවට පත්වෙනවා. හැබැයි ඔබ නිසියාකාරව ජලය පානය කරනවා නම් සිරුරේ බර නිසි පරිදි පවත්වාගෙන යෑම එතරම් අසීරු කාරණයක් වන්නේ නෑ. සිරුරට හොඳින් ජලය ලැබෙන්නේ නැති වෙනකොට වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩාල වෙලා අක්මාවට අමතර වැඩ කොටසක් එකතුවෙනවා. සිරුරේ මේදය දහනය වීමට සුවිශේෂී සහයක් ලබාදෙන අක්මාවට මේ නිසා තමන්ගේ කාර්‍යය හරිහැටි ඉටු කිරීමට අපහසු වෙලා මේදය දහනය වීම හරි හැටි සිදු වෙන්නේ නැතිව යනවා. මේ ක්‍රියාවලියේ අවසාන ඵලය තමයි මේදය තැන්පත් වී සිරුරේ බර ඉහළයාම. මේ නිසා වකුගඩු, අක්මාව සහ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාකාරී වීමටත්, බර අඩුවෙලා සිරුර හැඩ වීමටත් ජලය හොඳින් පානය කිරීම අත්‍යවශ්‍යයි කියලා අපි සිහිපත් කරනවා.

Hair

සිරුරට නිසි පරිදි ජලය ලැබෙන්නේ නැති නම් හිස් කබල වියළී යාමට පටන් ගන්නවා.ඊට අමතරව හිසකෙස් වියළීම, තුනී වීම, පහසුවෙන් කැඩීයාම සහ ගැළවීම වගේ තත්ත්වයන් ඇති වෙන්නටත් මෙය හේතු වෙන්න පුළුවන්. හැබැයි ඔබ සිරුරට හොඳින් ජලය ලබාදෙනවා නම් කෙස්කලඹේ ඝනකම, හිසකෙස් වර්ධනය වගේම keratin මට්ටමත් හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යන්න  අවස්ථාව හිමි වෙනවා.

Eyes

දීප්තිමත් සහ සුන්දර නෙත් යුවලක් ලබාගැනීම ඔබේ සිහිනයක් නම් වැඩි වැඩියෙන් ජලය පානය කිරීම ඒ සඳහා ඔබට උපකාරයක් වේවි. ඒ විතරක් නෙවෙයි, විජලනයේ ලක්ෂණයක් වන ඇස්වල ගිලී ගිය ස්වභාවය, වියළි සහ රත් පැහැති ගතිය අඩු කර ගැනීමටත් මෙය උපකාරී වනවා නොඅනුමානයි. විශේෂයෙන්ම ඔබගේ මුහුණට, වයසට වඩා වැඩි පෙනුමක් ලබාදීමට හේතුවන දුර්වල පෙනුමැති නෙත් යුවළට ප්‍රාණවත් බවක් සහ සුන්දරත්වයක් එක් කිරීමටත් මෙය සමත්වන බව අමතක කරන්න එපා.

Related Articles