Home FoodRecipes චිකන් පැටිස්

චිකන් පැටිස්

by LADY.LK

 

අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් ග්‍රෑම් 200
අල ග්‍රෑම් 100
තරමක ලූනු ගෙඩියක්
අමුමිරිස් කරල් 5-6ක්
කරපිංචා කිනිත්තක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
සුදුලූනු බික් 2යි කුරුඳු කැබැල්ලක්
පැටිස් ඩෝ එක අවශ්‍ය තරමට
බැඳගැනීමට තෙල්

සාදන ආකාරය
කුකුල් මස් කැබැල්ල ලුණු දමා තම්බා ගන්න. දැන් කුඩා කොටුවලට කපා ගන්න. අල තම්බා ‍පොඩි කරගන්න. ලූනු, අමුමිරිස්, සුදුලූනු, කරපිංචා කුඩාවට කපාගන්න. දැන් තෙල් ටිකක් භාජනයකට දමා රත්කරන්න. රත්වන විට කුරුඳු කැබැල්ල දමන්න. ලූනු, සුදුලූනු, කරපිංචා, අමුමිරිස් දමන්න. කුකුල්මස් කැබැලිද දමන්න. මේවා තෙම්පරාදු වන්නට හරින්න. එයට ලුණු, ගම්මිරිස් ද එකතු කරන්න. දැන් අල ටිකද දමා මදගින්දරේ ටික වේලාවක් මලවා ගන්න. දැන් කුරුඳු කැබැල්ල ඉවත් කරගන්න.
ඩෝ එක තුනී කර අවශ්‍ය තරමට රවුම් කපාගෙන මිශ්‍රණය ටික ටික තබා දෙකට නවා වටේට බිත්තර සාරු ගා අලවමින් රත්වූ තෙලට දමා රන්වන් පාටට බැදගන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to make chicken patis . You can read the article and put your feedback on it. 

Related Articles