Home #BossladyEntrepreneurship ස්ව්‍යං රැකියාවලට උරදෙන රාජය ආයතන

ස්ව්‍යං රැකියාවලට උරදෙන රාජය ආයතන

by ladylk

අමතර ආදායමක් ලැබෙන ආකාරයේ ස්වයං රැකියාවක් ආරම්භ කරන්න අවශ්‍යතාවය තිබුණත් ඒ දේ කරන්නේ කොහොමද කියලා මූලික අදහසක් නැතිවීම බොහෝ දෙනෙකුට මුහුණ පාන්නට සිදුවන ගැටළුවක් විදියට හඳුනා ගන්නට ලැබෙනවා. හැබැයි තමන් තුළ ඇති හැකියාව දියුණු කරගන්නට ප්‍රමාණවත් තරමේ දැනුමක්, පුහුණුවක් සහ ණය පහසුකම් ලැබෙනවා නම් මේ කාර්‍යය එතරම් අපහසු වෙන්නේ නැතිවෙයි කියලා අපි හිතනවා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඔබට මෙවැනි සහයෝග ලබාදෙන්න සූදානම් රජයට අනුබද්ධිත ආයතන ගණනාවක් මෙරට තුළ පිහිටුවලා තියෙනවා. ඉතින් අපි මේ ලිපියෙන් කතා කරන්නේ එවැනි ආයතන කිහිපයක් සම්බන්ධවයි.

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

කාර්මික ආධ්‍යාපනය ලබාදීම සහ පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතනයක් වන මේ හරහා ඔබේ අවශ්‍යතාවය සහ හැකියාව අනුව පූර්ණ කාලීන සහ අර්ධ කාලීන වැඩසටහන් තෝරාගැනීමේ හැකියාව තියෙනවා.

ලිපිනය:- අංක 557, ඕල්කට් මාවත, කොළඹ 10

දු.ක:- 0112421580

Web:- https://www.dtet.gov.lk

කාර්මික සංවර්ධන මණ්ඩලය

පුහුණුව හා වැඩමුළු, ඉංජිනේරු සේවා, අලෙවිකරණය, ව්‍යවසායක සංවර්ධනය, කර්මාන්ත තොරතුරු, ප්‍රාදේශීය සංවර්ධන, තාක්ෂණය, යටිතල පහසුකම්, සම්භාණ්ඩ හා පාවහන්, රබර් නිෂ්පාදන සංවර්ධන යන අංශවලට අදාළ සේවාවන් මෙම ආයතනය මඟින් සම්පාදනය කරනු ලබනවා.

ලිපිනය:- 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව

දු.ක:- 0112 605 323/ 0112 605 326/ 0112 605 394/ 0112 624 846

Web:- https://www.idb.gov.lk

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතනනය

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව, රැකියා මාර්ගෝපදේශනය, දෙස් විදෙස් රැකියා අවස්ථා සහ ණය ආධාර පහසුකම් ලබා දෙමින් නූතන ලෝකයට ගැළපෙන ආකාරයේ රැකියා අවස්ථා සඳහා සූදානම් කරවීම තමයි මේ ආයතනය මඟින් සිදු කෙරෙන්නේ. ආයතනයට අනුබද්ධිතව සමස්ත මධ්‍යස්ථාන 216කින් සමන්විත වීම ඔබට විශාල පහසුවක් වනවා නොඅනුමානයි. විෂය ක්ෂේත්‍ර 18 කට පමණ අදාළව පාඨමාලා 81ක් පමණ ක්‍රියාත්මක වන අතර ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව හැදෑරීම අනිවාර්යය නිසා පුහුණුවේ ඉහළ ගුණාත්මක බව ගැන සැකයක් ඇතිකර ගන්නට අවශ්‍යතාවයකුත් නැහැ. ජාතික වෘත්තිය සුදුසුකම් (NVQ) මට්ටම දක්වාම අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබීම සුවිශේෂම කාරණාව වනවා.

ලිපිනය :- ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, 354/2. නිපුණතා පියස, ඇල්විටිගල මාවත, නාරා‍හේන්පිට,‍‍ කොළඹ 05.

Fax:- +94-11-2505123

E-mail:- vtajpcg@yahoo.com

දුරකථන:- 011-7270270

Web:- https://www.vtasl.gov.lk

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:- ප්‍රධාන කාර්යාලයේ රැකියා ස්ථාපන හා වෘත්තීය මාර්ගෝපදේශන අංශයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාල මගින් (ගාස්තු රහිතයි)

ජාතික සමාජ සංවර්ධන ආයතනය

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු කිරීමේ අංශය මගින් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවන්, වෘද්ධ විද්‍යාව හා වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ළමා ආරක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ඇතුළුව තවත් ඩිප්ලෝමා කිහිපයක්ම හා සම්බන්ධ පාඨමාලා සිංහල, ඉංග්‍රීසි සහ දමිළ කියන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැත්වෙනවා. ඊට අමතරව කෙටිකාලීන සහ දිගුකාලීන පුහුණු වැඩසටහන් සංවිධනය කිරීමත් මෙමඟින් සිදු කෙරෙනවා.

ඒ වගේම, ආතති කළමනාකරණය, ගැටුම් කළමනාකරණය සහ සාමය පිලිබඳ අධ්‍යාපනය, ළමා සංවර්ධනය, ළමා අපයෝජන සහ ළමා අපචාර, ව්‍යාපෘති යෝජනා පත්‍ර සැකසීම, ආපදා කළමනාකරණය, නිවස පදනම් කරගත් පූර්ව ළමාවිය සංවර්ධනය, නායකත්වය සහ සන්නිවේදන කුසලතා, සිද්ධි කලමනාකරණය කියන අංශ ගැනත් විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා.

ලිපිනය:- ජාතික සමාජ සංවර්ධන ආයතනය‍, ලියනගේමුල්ල, සීදූව

දු.ක:- 0112 882 506/ 0112 882 507

E-mail:- info@nisd.ac.lk

Web:- https://www.nisd.ac.lk

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

තරුණ ව්‍යවසායක හැකියාවන් වර්ධනය කිරීම, නව රැකියා අවස්ථාවන් හදුනා ගැනීම සහ ස්වයං රැකියා ආරම්භ කිරීමට මග පෙන්වීම, ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම හරහා තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ලබා දීම සහ ආදායම් වර්ධනය කිරීම, කුඩා ව්‍යාපාරවල ඵලදායීතාව සහ පැවැත්ම සහතික කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීම කියන සේවාවන් මෙම ආයතනය මඟින් ලබාදෙනවා.

ලිපිනය:- 420, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

දුරකථන:- 011-2662002

ෆැක්ස්:- +94 11 2665291/ +94 11 2665241

E-mail:- sed.gov.lk@gmail.com

Web:- http://www.sed.gov.lk

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA)

රැකියා වෙළඳපිළට ගැළපෙන ආකාරයේ නිපුණතා වැඩිදියුණු කිරීම සඳහා පුහුණුව සහ දැනුම ලබාදීම මෙම ආයතනය මඟින් සිදු කරනවා.

ලිපිනය:- ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය අංක 971, ශ්‍රී ජයවර්ධනපුර මාවත, වැලිකඩ, රාජගිරිය

e-mail: info@naita.gov.lk

දු.ක:- 011 288 8782 – 5

Web:- http://www.naita.gov.lk/

සමාජ සේවා දෙපාර්තමේන්තුව

ශාරීරික ආබාධ සහිත පුද්ගලයින්ට තමන් වෙනුවෙන් ආදායම් මාර්ගයක් සකසා ගැනීමට අවශ්‍ය හැකියාවන් දියුණු කර අභිමානවත් පුරවැසියෙක් ලෙස සමාජගත කිරීම තමයි මේ ආයතනයෙන් මූලික වශයෙන් සිදුවෙන්නේ.

ලිපිනය:- සමාජ සේවා දෙපාර්තමේන්තුව, 2 වන මහල, සෙත්සිරිපාය II අදියර, බත්තරමුල්ල

දුරකථනය: 0112 187 050 / 0112 186 275

Related Articles