Home FoodRecipes බිම්මල් කලු පොල් මාලුව

බිම්මල් කලු පොල් මාලුව

by LADY.LK

බිමමල් කලා තිබුණටසමහරවිට ඔබ බිම්මල් කලුපොල් මාලුවක් කාල නැතුව ඇති.. ඔන්න අද අපි කියලා දෙනවා බිම්මල් කලුපොල් මාලුවක් හදා ගන්න විදිහ ගැන.. ඒ සදහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ සාදන ආකාරය පහතින්

බිම්මල් පැකට් 1
ලොකු ලූනු ගෙඩි 1
අමුමිරිස් කරල් 2
සුදු ලූනු බික් 5
රම්පා /කරපිංචා
උම්බලකඩ ටිකක්
කහ කුඩු/තුනපහ කුඩු/
මිරිස් කුඩු/ලුනු කුඩු
කැකුලු හාල් මේස හැන්දක්
පොල් මිටක්
අබ ඇට ටිකක්
පොල් කිරි කොප්ප 1/2
තක්කාලි ගෙඩියක්
පොල් තෙල් ටිකක්

මුලින්ම මල් ටික ඉරාගෙන හොදින් සොදා මිරිකා හරින්න.
එයට කහ කුඩු,තුනපහ කුඩු,මිරිස් කුඩු,ලුනු කුඩු දමා අනා පැත්තකින් තබන්න.
**හාල්,පොල්,එකට දමා කබලේ බැදගන්න.එය බැදීගෙන එනවිට අබ ඇට ටික දමා ටිකක් නිවෙන්න හැර කුඩු කර ගන්න.
** බාජනයකට තෙල් දමා රත්වෙන්න තබා එයට ලූනු,සුදු ලූනු,අමු මිරිස්,රම්පා,කරපින්චා, උම්බලකඩ දමා බැදෙන්නට හරින්න.
**එය හොදින් බැදීගෙන එන විට එයට බිම්මල් ටික දමා කලවම් කරන්න.
** ඉන් පසු පොල් කිරි කොප්ප 1/2 දමා තක්කාලි කැබලි දම කලවම් කර මුලින්ම කුඩු කරගත් හාල් පොල් මිශ්‍රණය එකතු කර රස අනුව ලුනු බලා මද ගින්නෙ පිසගන්න.

Related Articles