Home FoodRecipes කරපිංචා සහ ගොටුකොල කැදක් හරියටම හදා ගන්න විදිහ

කරපිංචා සහ ගොටුකොල කැදක් හරියටම හදා ගන්න විදිහ

by LADY.LK

කරපිංචා සහ ගොටුකොළ කියන්න ඉතාමත් ගුණදායි දෙයක්. ගොඩක් දෙනෙක් බොන්න අකමැති වුණාට කරපිංචා සහ ගොටු කොළ කැඳ කියන්නේ ඔබේ ශරීරයට ඉතාමත් හොඳ දෙයක් ඔන්න ඉතින් අද කියල දෙන්නේ කරපිංචා සහ ගොටුකොළ කැඳත් හදාගන්න විදිය ගැන.අවශ්‍ය ද්‍රව්‍ය 
කරපිංචා මිටි 2ගොටුකොල මිටක්ගා ගත් පොල් ගෙඩියක්තලාගත් අගලක පමන ඉගුරු කැබැල්ලක්තලාගත් සුදුලූනු බික් 15 පමනබත් කෝප්ප 2 ක් හෝ 3 ක්
සදා ගන්නා විදිහ
කරපිංචා සහ ගොටුකොල හොදින් සෝදා පිරිසිදු කරගන්න.
ගාගත් පොල් සහ කොල වර්ග දෙකම බ්ලෙන්ඩර් එකට දමා වතුර කෝප්ප 3 පමන දමා බ්ලෙන්ඩ් කරගන්න.
දැන් මෙය පෙරා වෙනම බාජනයකට දමන්න.
පෙරනයේ ඉතුරු වූ මිශ්‍රණයට නැවත වතුර කෝප්ප දෙකක් පමන දමා බ්ලෙන්ඩ් කරගෙන එයද පෙරා අයින් කරගන්න
දැන් බත් සහ දෙවනි වර පෙරා අයින් කරගත් කොල හා පොල්කිරි මිශ්‍රණය නැවත බ්ලෙන්ඩ් කර තලාගත් ඉගුරු සුදුලූනු සමග medium flame එකේ ලිප තබා දිගටම හැදිගාමින් උතුරුවා ගන්න.
දැන් පලවෙනියට පෙරාගත් කොල පොල්කිරි මිශ්‍රණය එකතු කර අවශ්‍ය ප්‍රමානයට ලුනුද එකතු කර විනාඩියක් පමන හැදිගා ලිප නිවන්න

Related Articles