Home FoodRecipes පැෂන් කොළ මැල්ලුම

පැෂන් කොළ මැල්ලුම

by LADY.LK

අවශ්‍යය ද්‍රව්‍යය

පැෂන් කොල මිටක් ( තුන් දෙනෙක්ට)
ගා ගත් පොල් ටිකක්
රතු ලූනු හෝ ලොකු ලූනු
අමුමිරිස් කරල් 3
රස පමනට ලුණු
කහ කුඩු ස්වල්පයක්
එලවලු තෙල් හෝ පොල් තෙල් මේස හැදි 1 1/2

සාදන විදිය.
පැෂන් කොල ටික සෝදා වතුර පෙරෙන්න තියල හීනියට කොල පොඩි නොවන සේ ලියා ගන්න.(කොල පොඩි උනොත් තිත්ත ගතියට එනව .ඒ නිසා .මම නම් කැමති තිත්ත රසට.ඒ නිසා අවුලක් නෑ.අවශ්‍යය කොල ටික හීනියට ලියා ගන්න ).ඉට පස්සෙ ඒකට පොල් ටිකයි හීනියට ලියාගත් අමුමිරිස් ලූනූ දාල ලුණුත් දාල කහ කුඩු ටිකත් දාල හොදට මික්ස් කරන්න.(මැල්ලුම අනා ගන්න ).ඊට පස්සෙ තෙල් ටික දාල තෙම්පරාදු කරගන්න.අඩු ගින්දරේ වතුර නොදා මැලවෙන්න දෙන්න.ඊට පස්සෙ ඔයාල රස බලන්න.

Related Articles