Home FoodRecipes කෙසෙල් මුව මිශ්‍ර බැදුම

කෙසෙල් මුව මිශ්‍ර බැදුම

by LADY.LK

කිසිම උයලා කනවා වගේම කෙසෙල් මුව බැදුම හදලා කන්නත් පුළුවන්.එක පාරක් හදලා කාලා බලන්නකෝ. අවශ්‍ය ද්‍රව්‍ය සහ සාදන ආකාරය පහතින්

අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් මුව
රට කජු
හාල්මැස්සන්
මැගී නූල්ඩස්
කරපිංචා
කෑලි මිරිස්
සුදු ළූණු
කහ කුඩු ස්වල්පයක්
ලුනු.

සාදන ආකාරය

ගැඹුරු තෙලේ වෙන වෙනම රට කජු, හාල්මැස්සන්, මැගී නූල්ඩස්, කෙසෙල් මුව (කෙසෙල් මුව ගොඩක්ම පොඩිවට කපා ගන්න එපා.සාමාන්‍ය කුට්ටි ප්‍රමාණයට කපා ගන්න කහ, ලුනු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න.) සුදු ළූණු, කරපිංචා බැද ගන්න..ඊට පස්සෙ කලින් බැදපු තෙල් ටික මම නම් අයින් කලා..ඒකට වෙන තෙල් ටිකක් දාලා රත් වී ගෙන එද්දි තාච්චිය ලිපෙන් බාලා (නැත්නම් කෑලි මිරිස් පිච්චෙනව)කෑලි මිරිස්, කහ කුඩු ,ලුනු අවශ්‍ය ප්‍රමාණයට දාලා කලින් බැද ගනිපු දේවල් ටික ඒකට එකතු කරලා කවලම් කරගන්න.මම හැදුවෙ මේ විදියට ඔයාලත් හදලා බලන්න ගොඩක් දවස් තියගෙන කන්නත් පුලුවන්..

Related Articles