Home FoodRecipes මිල්ක්මේඩ් කොෆි කේක්

මිල්ක්මේඩ් කොෆි කේක්

by LADY.LK

ගොඩක් අය මිල්ක් රසට වගේම කොෆි රසටත් කැමතියි. ඉතින් ඔන්න අද අපි කියලා දෙනවා මිල්ක්මේඩ් කොෆි කේක් එකක් හදාගන්නෙ කොහොමද කියලා ඒ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය වගේම සාදන ආකාරය පහතින්

අවශ්‍ය ද්‍රව්‍ය

මිල්ක්මේඩි ග්‍රෑම් 50

බටර්ග්‍රෑම් 250

සීනිග්‍රෑම් 200

බිත්තර4

පාන්පිටිග්‍රෑම් 280

බේකින් පවුඩර්ග්‍රෑම් 05

වැනිලාතේ හැඳි 01

මිල්ක් – මිල්ක්මේඩ්ග්‍රෑම් 12.5 ක්

උණුවතුරමිලි ලීටර් 12.5 ක්

icon

නෙස්කැෆේග්‍රෑම් 12 

සාදන ආකාරය

බටර් හා සීනි බීට් කරන්න. එයට වරකට බිත්තරය බැගින් එක් කර හොඳින් බීට් කරන්න.දැන් එයට මිල්ක්මේඩ් (ග්‍රෑම් 50) සෙමින් වත් කරමින් බීට් කරන්න.

පාන් පිටි වලට බේකින් පවුඩර් මිශ්‍ර කර හලා ගන්න. හලා ගත් පිටි ද ඉහත මිශ්‍රණයට එක් කරන්න.දැන් උණු වතුරට නෙස්කැෆේ හා මිල්ක්මේඩ් එක් කර හොඳින් මිශ්‍ර කර එය ද ඉහත මිශ්‍රණයට එක් කරන්න. පසුව වැනිලා ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න.170°C කින් මිනිත්තු 25 – 30 ක් බේක් කරන්න.ඔබ මෙයටත් කැමති වනවා ඇත

Related Articles