Home EducationToday's World කොරෝනා පාලනය කළ හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියූ කතාව

කොරෝනා පාලනය කළ හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියූ කතාව

by LADY.LK


චීනය මූලික කරගෙන පැතිරෙමින් පවතින කොරෝනා
වෛරසය පාලනය කළ හැකි බවට විශ්වාස කරන
බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානයේ ප‍්‍රධානියා චීනයේ සිදුකළ සංචාරයක්
අතරතුර දී බීජිං නුවරදී මාධ්‍ය අමතමින් මේ බව
පවසා තිබේ.
වෛරසය පාලනය කිරීම සඳහා චීන රජය විසින් මේ
වනතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම
සංවිධානය ප්‍රසාදය පළ කරන බවද ඔහු එහිදී සඳහන්
කළේය.
චීනයෙන් විදේශිකයන් වහා ඉවත් කරගැනීම සහ
හදිසි ක්‍රියාමාර්ගවලට යොමුවීම තම සංවිධාන විසින්
අනුමත නොකරන බවද ඔහු එහිදී තව දුරටත්
පවසයි.

Related Articles