Home LifestyleAstrology අතැඟිලි බැඳෙන පොරොන්දුව ලිහන පොරොන්දම

අතැඟිලි බැඳෙන පොරොන්දුව ලිහන පොරොන්දම

by LADY.LK

පෙරොන්දම් බැලීමෙන් ඔබ ආදරය වෙනුවෙන් දුන් ඇතැම් පොරොන්දු ඔබෙන් කඩවී යන්න පුළුවන් ආදරය කරන දෙදෙනෙකුගේ එකම ප්‍රාර්ථනය සුන්දර විවාහ දිවියක්.
මෙහිදි හරස් වෙන ලෙකුම බාධකය තමයි ජ්‍යොතිශ්‍ය. ඔබ කොතරම් අනෙකාට අදරය කළත් පොරොන්දම් බැලීම නිසා ඔබේ ආදරය, විවාහය තුළ විවධ ගැටළු ඇති වෙන්නපුළුවන්.

ඇත්තට පෙරොන්දම් බලනවා කියන්නේ මොකක්ද? මේ පිළිබදව ප්‍රවීණ
ජ්‍යොතීර්යවේදී රවිශංඛ සේනානායකය පුවත්පත් සංවාදයකදී අදහස් දක්වා තිබුණේ
මෙන්න මේ විදිහට…

පොරොන්දම් කියන්නේ මොකක්ද කියන කාරණය ගැන අපි මුලින්ම කතා කරමු
සිංහල සමාජය තුළත් හින්දු සමාජය තුළත් පෙර දිග බොහෝ රටවල විවාහයට පෙර පොරොන්දම් බැලීම සිදුකරනවා.විවාහපත් වන දෙදෙනාගේ ගැලපීම කෙලෙසකද යන්නයි පොරොන්දම් වලින් බලන්නේ.පොරොන්දම් බලන බොහෝ අවස්ථාවල මූලික වන්නේචන්ද්‍රයා .

කෙනෙක් උපන් නැකත ලෙස ජ්‍යෝතිෂයේ දී ගනු ලබන්නේ උපන් වේලාවේදි
චන්ද්‍රයා සිටින නැකත.ඒ චන්ද්‍රයා සිටින ස්ථානය පදනම් කරගෙන තමයි උපදින
කෙනෙක්ගේ උපන් නැකත තීරණය වෙන්නේ.පොරොන්දම් වලදී මූලිකව විමසා බලන්නේ
දෙදෙනෙකුගේ මෙම උපන් නැකත් දෙක.
මෙලොව උපදින ඕනෑම අයෙක් උපදින නැකැත් 27ක් තිබෙනවා.මේ නැකැත් 27න් එකක්
එක් අයෙකුට අයිති වෙනවා.එක් නැකතක් ගෙන අනෙක් නැකත සමග අප සංසන්දනය
කර බලනවා. පොරොන්දම් කියන්නේ ඒ විදියට කාරණා විස්සක් මත පදනම්
කරගනිමින් ගොඩ නැගුණු දෙයක්. මෙතැනින් රාශි, රාශ්‍යාධිපති, දින සහ ග්‍රහ
පොරොන්දම් ඇරුණාම අනෙක් 16 ම පදනම් වෙන්නේ උපන් නැකතට අදාළ කාරණා
සමඟයි. මේ කාරණා විස්සේ ගැලපීම මත ප්‍රතිශතයක් ගණනය කරනු ලබනවා. ඒ
ප්‍රතිශතය මතයි බොහෝ දෙනෙක් දෙදෙනෙක් ගැලපෙනවාද නැද්ද කියා තීරණය
කරන්නේ.එහිදී දස පොරොන්දම විසිපොරොන්දම සහ අෂ්ට කූඨ වැනි ක්‍රම කිහිපයකට
මෙය සලකා බලනවා.

පොරොන්දම් තුළින් දෙදෙනෙකුගේ ගැලපීම සැබෑ ලෙසම සලකා බැලිය හැකිද?

විවාහ වන්නට බලාපොරොත්තු වන දෙදෙනෙකු ගැලපීමේදී බොහෝ දෙනෙක් බලන
ජනප්‍රිය කාරණයක් තමයි පොරොන්දම් සංකල්පය කියන්නේ. වසර පහක් පමණ ප්‍රේම
කළ දෙදෙනෙකු බලන්න.ඒ දෙදෙනා අතර යම් ආකර්ෂණයක් ඇති වෙන්නේ කුමක් හෝ
ගැලපීමක් නිසානේ.බාහිර සාධක වල ගැලපීමක් තිබෙනවා ඒ අයගේ බොහෝ විට. අපි
මේ පොරොන්දම් වලින් කරන්නෙත් ඒ විදියේ බාහිර සාධක වල යම් ගැලපීමක්
කියන්නත් පුළුවන්. මේ කාරණයත් සමග අද සමාජයේ නිවැරදි විවාහ ගැලපීමක්

වෙනුවට අසූව දශකයෙන් අනූව දශකයෙන් පසු බිහිවූ බොහෝ ජ්‍යොතීර්වේදීන්,
දෙදෙනෙක් ගලපන්න උත්සාහ කරන්නේ මේ කියපු විසි පොරොන්දම් වලින්. රාශි
පොරොන්දම,රාශ්‍යාධිපති පොරොන්දම ග්‍රහ පොරොන්දම, දින පොරොන්දම උපන්
නැකතට අදාල කාරණා නෙමෙයි. මේ ටික ඇරුණාම මේ නැකැත් දෙක දෙපසට ලියා
හදන ගැලපීමේ ප්‍රතිශතය නියතයක්. මෙවැනි දෙයක් තමයි පොරොන්දම් වලින් සිද්ද
වෙන්නේ.පොරොන්දම් ප්‍රතිශතය සියයට අසූවක් අනූවක් තිබුණත් මෙහෙම දෙදෙනෙක්
අතර විවාහ වූ දින සිට ගැටළු ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාම විවාහ වෙලා
පසුවන දාම දෙපැත්තට වෙන්න මේ අය යොමුවෙන අවස්ථා බොහොමයි. පොරොන්දම්
මෙතරම් ගැලපෙනවා නම් ඇයි මොවුන් වෙන්වෙන්නේ. නිවැරදි උසස් ජ්‍යෝතිෂය තුළ
තිබෙන හරය තුළදි අපට කියලා නැහැ පොරොන්දම් ප්‍රතිශතයකින් පමණක් දෙදෙනෙක්
ගලපන්න හැකියි කියලා. මේ පොරොන්දම් කියන්නේ ඉන්දියාවේ නොදියුණු බමුණු
මතයක්. ඔවුන්ගේ වාසිය තකා ජ්‍යෝතිෂ කරුණු කිහිපයක් මිශ්‍ර කරගෙන ගොඩනගපු
ප්‍රේම සබදතා පවා බිඳ දමන අශාස්ත්‍රීය ක්‍රමයක්.

ඒ වෙනුවට ඔබ ජ්‍යෝතිෂඥයෙකු ලෙස ගෙන එන යෝජනාව මොකක්ද?

බාහිර ගැලපීමටත් වඩා දෙන්නෙක්ගේ අභ්‍යන්තර ගැලපීම් තමයි විවාහයක්
පවත්වාගෙන යන්න අත්‍යාවශ්‍ය වෙන්නේ. මේ ගැලපීම් බලන්නනම් දෙන්නෙක් උපදින
කොට නැගෙනහිර ක්ෂිතිජය තුළ උදාවී තිබෙන රාශිය තමයි ඔහුගේ ලග්න රාශීය ලෙස
ගණන් ගන්නේ.නමුත් සාමාන්‍යයෙන් පැය දෙකක වගේ කාලයක් එක් රාශියක් උදාවී
තිබෙනවා.උපතේදී රාශි කේන්ද්‍රයක් හැදුවත් එය පමණක් පදනම් කරගෙන නිසි ගණනය
කිරීමක් කරන්නේ කොහෙමද කියලා කියන්න බැහැ.සූක්ෂම ලෙස භාව කේන්ද්‍ර සහ
වර්ග කේන්ද්‍ර සටහන් හදන්න වෙනවා.ග්‍රහ පිහිටීම් නිසියාකාරව ගණනය කරගන්න
වෙනවා. එහෙම නිවැරදිව හදාගෙනයි විවාහ වෙන්න ඉන්න දෙදෙනෙක්ගේ ජන්ම පත්‍ර
දෙපසක ලියාගෙන ගැලපීම් බලන්න වෙන්නේ. අපි පොරොන්දම් කියන දේ පසකින්
තබලා කේන්දර දෙකේ ග්‍රහ පිහිටීම් වල ගැලපීම් කොහොමද කියලා නිරීක්ෂණය කරලා
හදන ක්‍රමය තමයි වඩාත් සාර්ථක වෙන්නේ දෙදෙනෙක්ව ගලපවාගන්න.එහිදි
දෙදෙනෙකුගේ අභ්‍යන්තර ගති පැවතුම් කොහොමද කියලා සිතුම් පැතුම් කොහොමද
කියලා බලනවා.එය මිට වඩා යෝග්‍යයි.

මෙහිදි මුලිකත්වය ලබා දී කටයුතුකරන්නේ කුමන කාරණා නිසාද?

විවාහයක ප්‍රධාන ලෙසම මූලික තැන දෙන්න අවශ්‍ය දෙදෙනෙකුගේ ලිංගික ජීවිතයට
කියන කාරණය මම දකිනවා.විවාහ බැඳීමක් ඇතුලේ ලිංගිකත්වය කියන කාරණය මත
ඇතිවන පරස්පර තැන් හෝ ගැලපිම් මත තමයි බොහෝ දේවල් තීරණය වෙන්නේ.
ඕනෑම ගැටළුවක් පසුවදා එළිවෙනකොට ඉවරයි මේ කියන බැම්ම තදින්ම තිබුණොත්.
හොද බැඳීමක් තියනවා නම් පවුල් පසුබිම උගත්කම සමාජ තලයන් වගේ දේවල් අදාළ
වෙන්නේ එයින් පසුවයි. හරියට කේන්දරයක් භාව සටහනක් හැදුවොත් දෙදෙනෙකුගේ

ලිංගිකත්වය ගැන මැනගන්න පුළුවන්.දෙදෙනාගේ රැචි අරැචිකම් හොඳින් හඳුනා ගන්න
පුළුවන්. පොරොන්දම් වලිදි ලිංග කියන පොරොන්දමෙන්වත්, යෝනි කියන
පොරොන්දමෙන්වත් අපිට මේ දේවල් තීරණය කරන්න බැහැ.දෙදෙනාගේ හත් වැන්න
අටවැන්න ප්‍රධාන කොට ගෙන අපි මේ කාරණා හොඳින් නිරීක්ෂණය කරනවා.
දෙදෙනෙක් අතර සම්බන්ධතාවයට ගොඩක්ම හානි කරනවා දෙන්නම එක්වර කේන්ති
ගන්නවා නම් ඉවසීම නැත්නම් .රවි චන්ද්‍ර ඇතුළු ග්‍රහයෝ උපතේදී පිහිටන ස්වභාවය,
ගෝචරය ආදිය එක්ක අපි ඉදිරි වර්ෂ ගණනාවකට ග්‍රහ ගමන් කොහොමද දශාවන්
උදාවෙන්නේ කොහොමද කියලා අපි හදලා බලන්න ඕනෑ. දශා ක්‍රම කිහිපයක් තිබුණත්
වින්ශෝත්තරී දශා ක්‍රමය තමයි වර්තමානයේ අපි බහුලව භාවිතා කරන්නේ.දෙදෙනෙක්
විවාහ වුණාම අවුරුදු විසිපහක් තිහක් පමණ කාලසීමාවක් අපි ඉදිරියට හදලා බලන්න
අවශ්‍යයි.ඉදිරි කාලසීමාවේ මේ දෙන්නාගේ අපල කාල නරක කාල තිබෙනවා ද කියලා
බලන්න ඕනෑ .අනෙක් කාරණය අඟහරු දෝෂ විෂ කන්‍යා යෝග, කඩහන්දි මාරක
දෝෂය තිබෙනවාද බලනවා(දෙදෙනාටම එකම කාලයේ එකම මහදශා උදාවෙනවද
කියලා.) එලෙස එකම කාලයේ එකම මහදශා එනවා නම් එකම වහලක් යට එකට ගත
කරන එකට විවිධ බාධා ඇති විය හැකියි. නාශාංශක දෝෂය ගැන බලන්න ඕනෑ.
නාශාංශක තත්වයට පත්වූ ග්‍රහයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න
බැහැ. විශේෂයෙන් අත්දැකීම් අනුව කියන්නේ ග්‍රහයින් තැන්පත් නැකත්, බාධක තත්වයට
වැටුණු ග්‍රහයින්, 22 දෙකර්ණාධිපති සහ 64 නවාංශකාධිපතිගේ ස්වභාවයන් බලන්න
ඕනෑ. විවාහ කාරකත්වයට ඒ අය හානි පමුණුවන පිහිටීම් තියනවද බලන්න ඕනෑ.
වැන්දඹු දෝෂ තිබෙනවාද? දෙන්නෙක් වෙන් වෙන දික්කසාද වන පිහිටීම්, මර යෝග
තිබෙනවද වැනි කාරණා සුක්ෂම ලෙස බලන්න ඕනෑ. ලිංගිකත්වය ගැන බලද්දි අති
ධාවන කාම යෝග, විකෘති කාම යෝග, අභිචාරිකා යෝග,සරාගි යෝග, බහු විවාහ
යෝග වගේ දේවල් ගැන හොඳ අවධානයක් යොමු කරන්නම ඕනෑ. මේවා එක්
කෙනෙකුට තිබේනම් එයට පරස්පර විරෝධී දෙයක් අනෙක් කෙනාගේ තියනවා නම්
එහෙම නැත්නම් මේවා අනෙක් කෙනාගේ නැත්නම් ඒ සබදතාව අහසට පොළොව වගේ
වෙන්න පුළුවන්. ප්‍රධානම කාරණය විවාහයක අවසන් ප්‍රතිඵලයවෙන්නේ දරුවන්. මිනිස්
සංහතියේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ මත. එහිදි දෙදෙනෙක්ගේ දරුඵල ප්‍රධාන කොට
සලකනවා. පොරොන්දම් වල ඇති වෘක්ෂ පොරොන්දම මඟින් මේ දේ තීරණය කරන්න
බැහැ. වෘක්ෂ පොරොන්දමේදී හර වෘක්ෂ කිරි වෘක්ෂ ලෙස වර්ග කරගෙන ගැලපීම්
කරනවා. මේකත් අර කලින් කීවා වගේ නැකතට අදාළ කාරණයක්. සමහර නැකත් හැර
වෘක්ෂ නැකත් සමහර ඒවා කිරි වෘක්ෂ. මේකත් නියතයක්. කේන්දරයේ ප්‍රධාන ලෙස
පස් වැන්න සහ පිරිමි කෙනෙක්ගේ නම් රවි ග්‍රහයාගේ පිහිටීම හා දෙදෙනාගේම
පුත්‍රකාරක ගුරැගේ ඇති බලදුබලතා බලන්න ඕනෑ .කේන්දරවල පිළිසිද ගැනීමේ දෝෂ
සර්ප දෝෂ ප්‍රසූත දෝෂ,කළු කුමාර දෝෂ තිබෙනවාද කියන දේ හොඳින් බලන්න ඕනෑ,
සමහර අයගේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය අධිකයි. ඩිම්බයක් ශුක්‍රාණුවක් එක්ක
සංසේචනය වන ප්‍රශස්ත උෂ්ණත්වයක් තිබෙනවා. ගර්භාෂයක් වුණත් කලලයක්
පිහිටන්න තිබිය යුතු තත්වයන් තිබෙනවා. මේ කියන කාරණා කෙලින්ම විද්‍යාව සමඟ
ඒකාබද්ද වෙනවා. මේ සියළු දේවල් අපිට කේන්දරයකින් බලාගන්න පුළුවන්.
දෙදෙනාගේම තත්වය හරියට පරීක්ෂා කරගන්න පුළුවන්.

පොරොන්දම් වෙනුවට ඔබ සදහන් කරන කාරණය අවසන් ලෙස කෙටියෙන් සදහන්
කලොත්?

පොරොන්දම්මේ ප්‍රතිශතයකින් දෙදෙනෙක්ව ගැලපෙනවද තීරණය කරන්න බැහැ. සූක්ෂම
ලෙස කේන්ද්‍ර සටහන් පරීක්ෂා කරගෙන වර්ග කේන්ද්‍ර භාව සටහන් ගොඩ නගාගෙන
පොරොන්දම් සංකල්පය මත්තේම නොගිහින් නිවැරදි ගැලපීමක් කරගන්න පුළුවන් නම්
කිසිම ගැටළුවක් නැහැ. සියයට සියයක්ම ගැලපෙන කවුරුත් මේ ලෝකේ නැහැ. ඒ
නිසයි අපි මේ විදියට ගැලපීම් නිවැරදිව බලාගන්නේ. අනික් කාරණය බොහෝ ගැටළු
වලට පිළිතුරු සහ ප්‍රතිකර්ම ජ්‍යෝතිෂය තුලම සඳහන් වෙනවා. වසර ගණන් තියෙන
සම්බන්ධතා පොරොන්දම් නිසා කඩා බිඳ දාගන්නේ නැතුව මේ සියල්ල සංයමයකින්
පරීක්ෂා කරගත්තොත් බොහෝ දේවල් නිවැරදි වේවි.

හෙළ ඇස්ට්‍රොලොජි නිර්මාතෘ, ඩිජිටල් අලෙවිකරණ උපදේශක ජ්‍යෝතිෂ ශාස්ත්‍රශූරී
රවිශංඛ සේනානායක

Related Articles