Home FoodRecipes ඉස්සන් බත

ඉස්සන් බත

by LADY.LK

ඉස්සන් විවිධාකාරයෙන් ඔබ රස විද ඇති. ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ ඉස්සන් බතක් හදා ගන්න විදිහ ගැනයි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය..

අවශ්‍ය ද්‍රව්‍ය :-

 

බාස්මතු සහල් කිලෝ ග්‍රෑම්1

ඉස්සන් ග්‍රෑම් 500
ලොකු ලූනු ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
ලුණු රසට අනුව
කොත්තමල්ලි කොළ ඉති 2ක්
බටර් මේස හැඳි 3

සාදන ආකාරය :-

ඉස්සන් ‍පොතු, ඔළු ඉවත් කර හොඳින් සෝදා ගන්න. සහල් ගරා සෝදා විනාඩි 10ක් පමණ පෙඟෙන්නට තබා දිය බේරා ගන්න. දැන් බඳුනක් ලිප තබා එයට බටර් දමා රත් කරන්න.

සිහින්ව කපාගත් ලූනු දමන්න. කොත්තමල්ලි කොළ කුඩාවට කපා දමන්න. ලුණු එකතු කරන්න. තක්කාලි කපා දමන්න. දැන් ඉස්සන් දමා යන්තමට තෙම්පරාදු කරන්න.

සහල්  ද එකතු කර ටික වේලාවක් කූරු ගාමින් තෙම්පරාදු කර ගෙන, වතුර එකතු කර බෙරි නොවන සේ බත පිසගන්න.

Related Articles