Home FoodRecipes පතෝල පුරවලා බැදලා කමු

පතෝල පුරවලා බැදලා කමු

by LADY.LK

ගුණත් නැති අගුනැත් කෑමක් තමයි පතෝල කියන්නේ.  ඉතිං මේ නිසාම ගොඩක් දෙනෙක් පතෝලා කන්නත් අකමැතියි. හැබැයි අද අපි කියලා දෙනවා  පතෝල කන්නම හිතෙන්න හදා ගන්න පුළුවන් ක්‍රමයක්.

පතෝලා උයලා කාලා තිබුණට, සම්බලයක් විදිහට කලා තිබුණට පතෝලා පුරවලා කාලා නැතුව ඇතිනේ. මේ කයින්න යන්නේ ඒ විදිහට කන්නේ කොහොමද කියන එක ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය
අඟල් තුනට පමණ කපාගත් පතෝල කැබලි 10ක්
අල 250g
බී ලූණු 100g
අමුමිරිස් 50g
ඉගුරු (අඹරා ගත්) තේ හැදි 01
සුදුලූනූ (අඹරා ගත්) තේ හැදි 01
රම්පේ/කරපිංචා
ගම්මිරිස් කුඩු තේ හැදි 2
රස අනුව ලූනු
කඩල පිටි 200g
මිටි පොල් කිරි අඩු කෝප්ප 01යි
පොල්තෙල් බෝ. 1/2යි

සාදන ආකාරය 
අල තම්බා හො`දින් පොඩි කරගන්න. තෙල් ස්වල්පයක් ලිපතබා රත් වු පසු ඉගුරු සුදුලූණු බී ලූනූ රම්පෙ කරපිංචා දමා තෙම්පරාදු කර ගන්න. එයට තම්බා පොඩිකරගත් අල හා ලූණු ගම්මිරිස් එක්කොට කලවම් කර ලිපෙන් බා ගන්න. පතෝල එක් පැත්තකින් පමණක් පලා ඇට ඉවත් කර ගන්න. වතුර ටිකක් හො`දින් උතුරවා සුද්ද කරගත් පතෝල එයට දමා විනාඩි තුනක් පමණ තබා වතුර බේරෙන්නට තබන්න.  කඩල පිටි පොල්කිරි කහ සහ ලූ‍ණු ස්වල්පයක් සමග අනා උකු මිශ‍්‍රනයක් සදා ගන්න. හීනියට කපාගත් කරපිංචා හා කුඩු කරගත් සූදුරු කැබලි ස්වල්පයක්ද මෙම මිශ‍්‍රනයට එක් කිරීමෙන් වඩා රසවත් වේ.  දැන් පලාගත් පතෝල කැබලි තුළට අල මිශ‍්‍රණය පුරවා ඉරටු කැබැලි දෙකක දෙපසට ගසා සවි කරගන්න. මෙය පිටි මිශ‍්‍රණයේ ඔබා හොදින් රත්වූ තෙලේ රන්වන් පාට වනතෙක් බැද ගන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about prepairing food  .You can read the article and put your feedback on it. 

Related Articles