Home Health & WellnessMental Wellness & Psychology Stress එක Release කරගමු

Stress එක Release කරගමු

by LADY.LK

අද ලෝකයට මහත් තර්ජනයක්ව පවතින සංක‍්‍රමණික නොවන රෝග හෙවත් බෝනොවන රෝග වලට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ ීඔඍෑීී  නොහොත් මානසික ආතතියයි.

මානසික ආතතිය වැඩිවීම හෙවත් මනස දූෂණය කරන ක්‍රෝධ, ශෝක, භය ආදී සිතුවිලි නිසා මූලිකව සිදුවන්නේ ශරීරගත අග්නිය දුර්වල වීමයි. මේ නිසා අප ගන්නා ආහාර හරිහැටි පැසවීමට හෙවත් ජීර්ණයට භාජනය නොවේ. ඒ හේතුවෙන් හරිහැටි නොපැසුණු ආහාර රසයක් ශරීරයේ ඉතිරිවේ.

මෙය ආමයක් ලෙසට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. මෙම ආම රසය විෂ තත්ත්වයක් ලෙසට ශරීරය තුළ කි‍්‍රයාත්මක වේ. එම ආම විෂ ශරීරය පුරා ගමන්කර විවිධ ස්ථාන වල තැන්පත් වූ විට සන්ධිරෝග පිළිකා රෝග ආහාර මාර්ග ගත රෝග  හෘදයාබාධ, අධික රුධිර පීඩනය, දියවැඩියාව වකුගඩු රෝග හා ඉක්මනින් වයස්ගත වීම ආදි  රෝග  මෙන්ම  මානසික ආතතියද වැලඳිය හැක.
ඔබට මානසික ආතතිය පිළිබඳ මනා අවබෝධයක් ඇතිනම් එයින් අත් මිදීමට ඔබටම කළ හැකිය.
සමාජයේ ජීවත් වන විටකදී අපට හමුවන පුද්ගලයන් මෙන්ම ප‍්‍රශ්නද  විවිධය. මේ නිසා ඔබ මුහුණ දෙන ප‍්‍රශ්න තත්ත්වද විවිධය.
එවැනි අවස්ථාවලදී තමාගේ මනසේ තත්ත්වය කෙසේ වූවාදැයි ආපසු සිතා බලන්න. මේ ලිපිය කියවන අද දවසේ මේ වන විට ඔබ එවැනි අවස්ථා එකකට හෝ කිහිපයකට හෝ මුහුණ දුන්නා විය හැකිය. ආතතිය විවිධ ප‍්‍රමාණවලින් එක් එක් පුද්ගලයාට දැනිය හැක. එක් පුද්ගලයකුට ඉතා සුඵ දෙයකින් වඩා වැඩි මානසික පීඩනයක් ගෙන දුන්නත් එය තව අයෙකුට එතරම් සිතීමට තරම් දෙයක් නොවිය හැක.

යම් අයෙකුට කායික වශයෙන් දැනෙන ආතතිය තව අයෙකුට මානසික චිත්ත වේගයන් දක්වා බලපෑම් ඇති කළ හැක. මානසික චිත්ත වේගයන් පුද්ගලයා තුළ විවිධ ලක්ෂණ පහළ කරයි. එනම් නිතර භය සිතුවිලි පහල වීම, අනුන් පිළිබඳ සැකය පහළවීම, අවිවේකි බවක් දැනීම, අපහසුතාවයෙන් නොසන්සුන් බවෙන් කාලය ගෙවීම, අමතක වන බව, නිතර කලබල ගතිය, සිනහව නැතිවීම, සෘණාත්මක සිතුවිලි පහළ වීම, තීරණ ගැනීමේ හැකියාව නැතිවීම, එසේ නැතහොත් ඉතා තද තීරණ වලට එළඹීම ලිංගික ආශාවන් නැතිවීම, ලිංගික බෙලහීනතාවයට පත්වීම ආදී ලක්ෂණ ඔවුන් අතර සුලභ වේ.
මානසික ආතතියෙන් පෙළෙන්නෙකුට ඉන් සුව වීම ස`දහා ප‍්‍රතිකර්ම අවශ්‍යම නැත. එවැනි අය කළ හැකි ඉතා පහසු කි‍්‍රයාමාර්ග කිහිපයක් මෙසේ දැක්විය හැක.  පි‍්‍රය මිතුරන් ආශ‍්‍රය කිරීම, සිනහවීම, අන්‍යයන්ට උදව් පදව් කිරීම, නිතර තනිව නොගැවසීම, පොත්පත් කියවීම, විවිධ දේට සවන් දීම සහ නැරඹීම ගැටලූව පසුපස හඹා නොයාම, සුදුසු අයගේ උපකාර පැතීම, මනාව දිනය තුළ ඉටුකළ යුතු රාජකාරී ඉටුකිරීම සහ කාලය මනාව කළමනාකරණය කරගැනීම හැකි සෑම විටම ආගමික වතාවත්වල නිරතවීම ආදිය සුදුසු වේ
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පූර්ව කර්ම ප‍්‍රතිකාර පංචකර්ම ප‍්‍රතිකාර රසායන චිකිත්සාව යනාදිය මානසික ආතතියෙන් පෙළෙන්නන්ට මෙන්ම නිරෝගී පුද්ගලයන්ටද නිරෝගී බව තව දුරටත් ආරක්ෂා කර ගැනීමට ඉතා ප‍්‍රයෝජනවත් වේ.  තවත් ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස පූර්ව කර්ම චිකිත්සාව දැක්විය හැක.
එහිදී ශීර්ෂ අභ්‍යංග (හිස තෙල්වලින් ක‍්‍රමවත්ව නැහැවීම) සර්වාංග ධාරා (ශරීරය තෙල් හෝ වෙනත් ද්‍රව්‍ය භාවිත කරමින් ක‍්‍රමවත්ව නැහැවීම) යනාදි ප‍්‍රතිකාර ලබා දෙයි. එ්වා  මානසික සැහැල්ලූව මෙන්ම ශාරිරික සැහැල්ලූවද ලබාදෙන ඉතා හොඳ ප‍්‍රතිකාර ක‍්‍රමයන්ය.
මෙම ප‍්‍රතිකාර වලින් සිදු කරනු ලබන්නේ යම් යම් හේතුන් නිසා විකෘතිතාවයට පත්වූ ශාරීරික දෝෂයන් එනම් වාත, පිත, කප යන දෝෂ 3 හා මානසික දෝෂයන් වන සත්ව, රජස්, සමස්, යන ගුණ 3 ද ප‍්‍රකෘතිතාවයට හෙවත් සමතුලිතතාවයට පත්කරවීමය.
පංච කර්ම ප‍්‍රතිකාර යටතේ සිදුකරනු ලබන විශේෂිත ප‍්‍රතිකාරයන් යෙදවීමේදී රෝගියාගේ ස්වාභාවය රෝග තත්ත්වය ආදිය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. කායික මානසික සුවය සහ නිරෝගි බව ඇතිකරන ඉතා ඉපැරණි යෝග ශාස්ත‍්‍රය මානසික ආතතිය දුරලන තම ජීවිතය වෙනදාට වඩා සතුටින් හා අර්ථවත් ලෙස ගත කිරීමට ඉවහල් වන්නකි.

එබැවින් යෝග ව්‍යායාම වල මනාව යෙදීම සහ දිනපතා විනාඩි 25-30 කාලයක් තම ශරිරයට ගැළපෙන ශාරිරික ව්‍යායාමවල යෙදීම මානසික ආතතිය අඩුකර ගැනීමට හුදෙක් ප‍්‍රයෝජනවත් වේ.
සිත එක අරමුණකට යොමුකරන චිත්ත සමාධි ඒකාග‍්‍රතා වැඩසටහන්වල යෙදීම භාවනා කිරීම පිරිත් ඇසීම ආදි කි‍්‍රයා මානසික ආතතිය වළක්වා ගැනීමට ඉතා ප‍්‍රයෝජනවත් වේ. එමෙන්ම මෘදු සංගීතයට සවන් දීම ගීතිකා ඇසීම යන කාරණාද මානසික ආතතිය මනාව පාලනය කරයි.
මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයන්ට සුව නින්දක් ලැබෙන්නේ ද නැත. ඉහත ප‍්‍රතිකාරවලින් එම තත්ත්වයද මග හරවා ගත හැක.

මෙකී රෝගී තත්ත්වය සඳහාම  විශේෂිත වූ ඖෂධීය ප‍්‍රතිකාරද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන්ව ඇත. එම ඖෂධ බොහොමයක් පිත දෝෂය සමතුලිතතාවයට පත්කිරීම මූලික කොටගෙන සිදුවේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් රසායන ප‍්‍රතිකාර චිකිත්සාව තුළ මානසික ආතතිය සන්සිදුවන විශේෂිත උපක‍්‍රම සහ ඖෂධයෝග ඇවතුම් පැවතුම් පිළිබඳ දක්වා ඇත.

ආයුර්වේදයේ හඳුන්වන ආචාර රසායනය යටතේ සද්භෘත්තයෙහි හැසිරීම පිළිබඳ දක්වා ඇත . මෙය මානසික ආතතියෙන් මිදීමට බෙහෙවින් ඉවහල් වන්නකි.

මානසික ආතතිය සඳහා පුද්ගලයාට ප‍්‍රතිකාර කිරිමේදී ගොටුකොළ, ලූණුවිල, හාතාවාරිය, නෙල්ලි, අමුක්කරා වැනි ඖෂධ යොදා සකස් කරන ලද බොහොමයක් ගෘත වර්ග යොදා ගනී (ගෘත යන්නෙන් අදහස් කරන්නේ එළගිතෙල් මිශ‍්‍ර කර සාදන ලද ඖෂධයන්ය) එළගිතෙල් මනස කි‍්‍රයාකාරිත්වය යථා තත්ත්වයට පත්කරන ඉතා මහගු ඖෂධයකි.
තවද මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයකුට එයින් අත්මිදීම සඳහා වඩා යෝග්‍ය ආහාර රැසක් ඇත.
එනම් නෙල්ලි, දොඩම්, නාරං, දෙහි, ජමනාරං, ලෙමන්, පැණි කොමඩු, මුද්දරප්පලම්, රට ඉඳි, අලිපේර, නිවිති, බතල, සැමන් මාඵ, ආමන් ඇට, කොළ පාට එළවළු හා පලතුරු සියල්ල වට්ටක්කා, පිපිඤ්ඤා, කැකිරි, වැටකොලූ, පතෝල ආදි එළවළු ලබු, පුහුල් මීට අමතරව පිරිසිදු ජලය දිනකට ප‍්‍රමාණවත් පරිදි පානය කිරීම තැඹිලි පොල්වතුර පානය කිරීම ඉතා සුදුසුය.

ඊට අමතරව පිත් දෝෂය සමනය කරන ජලය බහුල පැණි රස මිශ‍්‍ර සහ තිත්ත රසින් යුතු කටට රස සියලූ ආහාර පාන ඉතා ගුණදායකය කරවිල, ගොටුකොළ, ලූණුවිල, පිපිඤ්ඤා, කැකිරි, වට්ටක්කා යනාදිය සුදුසුය. වැල වරකා මානසික ආතතිය දුරලන ඉතා හොඳ පලතුරුය. මී පැණි සහ ගිතෙල් ආහාරයට ගැනීම සහ මීට අමතරව බෙලි කොළ තැම්බූ ජලය, ඉරමුසු, බෙලිමල්, රණවරා මල්, බාර්ලි තම්බා පානයද මෙවැනි අයට ඉතා සුදුසුය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මානසික ආතතියෙන් මිදීමට නම් පිත් දෝෂය වැඩිකරන ලක්ෂණවලින් ඉවත් වීම වැදගත්ය. මෙය ඉතා අලංකාරවත් ලෙස ආයුර්වේදයේද සඳහන්ය. මේවා පිත්ත උපක‍්‍රම ලෙස හඳුන්වා ඇත. දිනකට වරක්් ගිතෙල් ස්වල්පයක් සමඟ ආහාර ගැනීම මේ අයට ඉතා සුදුසු වේ. ගිතෙල් තනිකර ගැනීම අපහසුනම් වෛද්‍ය උපදෙස් මත ගිතෙල් මිශ‍්‍ර ඖෂධයක් ගැනීම උචිත වේ.

එමෙන්ම පැණි රස ශීත ගුණයෙන් යුතු ආහාර ද්‍රව්‍ය ගැනීම ඉතාම සුදුසුය. එහිදී මීපැණි සහ එළකිරි පානය කිරීම ඉතා යහපත් වේ. ඉඳුණු පලතුරු යුෂ හා පලතුරු හොඳින් ආහාරයට ගැනීමෙන් මළ හොදින් ශරීරයෙන් බැහැර වීම සිදුවේ. තවද රඵ ගුණැති සිසිල් සහ බර ගුණයෙන් යුත් ආහාර පාන නිතර ගැනීම ද සුදුසු වේ ඊට අමතරව සුවඳවත් දුම් නිතර ආඝ‍්‍රාණය කිරීම තුළින් මානසික ආතතිය අඩුවන බව සඳහන්ය.

ඒ සඳහා සමන්පිච්ච නිල් මානෙල් මල් ආදිය විශේෂ ස්ථානයක් ගනී. සිසිල් වූ මනසට පි‍්‍රය දේ විඳීම තුළින්ද මානසික ආතතිය අඩුවේ. එනම් මාඵ ටැංකි දෙස බලාසිටීම දිය ඇලි දෙස බලා සිටීම වැව් සහ ගංතෙර ආශි‍්‍රතව සිටීම මල් සහිත උද්‍යානවල සැරි සැරීම යනාදිය ද මීට අමතරව සිසිල් සුළං වැදීම සඳ එළියේ සිටිම කුඩා ළමුන් සමග කතා බහකරමින් ගැවසීම යනාදී කාරණා මෙම මානසික ආතතියෙන් පෙළෙන්නාට පමණක් නොව නිරෝගී පුද්ගලයාටද  නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට දිනපතා හැකි මට්ටමින් මෙවැනි දේ වල යෙදීමට දිනයේ කාලයක් වෙන් කර ගැනීම ඉතා වැදගත්ය.

 

Related Articles