Home #BossladyEntrepreneurship Import කරලා resale කරන්න අදහසක් තියෙනවද

Import කරලා resale කරන්න අදහසක් තියෙනවද

by ladylk

භාණ්ඩ ආනයනයනය සහ නැවත විකිණීම කියලා කියන්නේ ලොව පුරාම සාර්ථකව සිදුවෙමින් පවතින ව්‍යාපාරයක්. හැබැයි Telephone call එකකින් හෝ online order කරලා, භාණ්ඩ පැමිණෙන තුරු බලාහිඳීමත්, භාණ්ඩ පැමිණි පසු විකිණීමට උත්සහ දැරීමටත් වඩා දෙයක් මෙහිදී සිදුවෙනවා. ඉතින් මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් තියෙනවා නම් ඊට පෙර ඔබ දැනුවත් වියයුතු කරුණු කිහිපයක් ගැන තොරතුරු තමයි මේ ලිපියේ අඩංගු වෙන්නේ. බලන්න මේ දේවල් ඔබට කොයි තරම් වැදගත් වෙයිද කියලා.

ගෙන්වන භාණ්ඩ වලට local market එකක් තියෙනවද

භාණ්ඩ ගෙන්වීමට පෙර, ඒ භාණ්ඩ වලට මෙරට තුළ ප්‍රමාණවත් තරම් ඉල්ලීමක් තියෙනවාද කියන කරුණ ගැන අනිවාර්යයෙන් සොයාබැලීමක් කළ යුතු වෙනවා. ඒ අනුව තමන් ගෙන්වන භාණ්ඩවලින් ප්‍රමාණවත් තරම් ලාභයක් උපයන්න පුළුවන්ද කියලා දැනගන්නට නම් marketing research එකක් කරන්නට ඔබට සිදුවෙනවා. ඒ වගේම මෙවැනි survey එකක් කිරීමෙන් තොරව හිතු මනාපයට භාණ්ඩ ගෙන්වුවහොත් පසුව මූල්‍යමය අවාසියකට මුහුණ දීමට ඔබට සිදුවෙන්නට ඇති ඉඩකඩ වැඩියි කියන කාරණයත් අපි මතක් කරනවා. ඊට අමතරව, වෙනත් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්වීමට අදහසක් තියෙනවා නම් අදාළ නිෂ්පාදනයට මෙරට තුළ අඩු නොවන ආකාරයේ ඉල්ලුමක් තිබෙන බවටත් සහතික කරගෙනම අමුද්‍රව්‍ය ආනයනය කළ යුතු වෙනවා.

නීත්‍යානුකූල ද?

අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වන්නට හා ගෙන්වා බෙදාහරින්නට සැළකිව‍ යුතු ශ්‍රමයක්, කාලයක් සහ මුදලක් වැය කරන්නට ඔබට සිදු වෙනවා. මොකද, ඔබ ආරම්භ කරන්නේ ඔබගේම ව්‍යාපාරයක් වන නිසා ඒ වෙනුවෙන් ඇප කැප වීම අනිවාර්ය විය යුතු වෙනවා. නමුත් ඒ සියල්ලටම කලින් ඔබ ගෙන්වන භාණ්ඩ රටේ නීතියට අනුකූලද කියන කාරණය ගැන හොඳින් සොයා බැලීම අත්‍යවශ්‍ය වෙනවා.  විශේෂයෙන්ම භාණ්ඩ ආනයනයට අදාළ නීති රීති වලට අනුව අත්‍යවශ්‍ය සහ හදිසි නොවන භාණ්ඩ, බෙහෙත්, රසායන ද්‍රව්‍ය ආදිය ගෙන්වීම සඳහා සීමා පනවා ඇති නිසා නීතිය හමුවේ ඔබ පත්වන අපහසුතාවලින් වැළකීම සඳහා හොඳින් සොයා බලා ආනයනය සිදු කරන්නට අමතක කරන්න එපා. ඊට අමතරව මෙරට custom requirements සම්බන්ධවත් තොරතුරු සොයා බලා දැනුවත් වී සිටීම ඔබට විශාල පහසුවක් වනවා නොඅනුමානයි.

Cost of importing

භාණ්ඩවල මිලට අමතරව ඔබ ගෙන්වන භාණ්ඩයට අදාළ නීති රීතිවලට අනුව shipping cost, custom duties and levies, storage charges ඇතුළු තවත් ගෙවීම් කිහිපයක්ම කරන්නට ඔබට සිදුවෙනවා. මේ තත්ත්වයට සහනයක් ලැබෙන පරිදි, free delivery සිදුකරන suppliers ලා සොයාගන්නට හැකියාවක් ඇත්නම් ආනයන වියදම් අඩු කරගැනීමට ඔබට අවස්ථාව උදාවෙනවා.

Cost effective ද

සියලු ආනයන වියදම් සහ භාණ්ඩවල එකතු කර ඒ වෙනුවෙන් දරන්නට වන සියලු වියදමත්, ඔබ නැවත විකිණීමට අදහස් කරන මිලත් සළකා බලා ඔබගේ ව්‍යාපාරයේ ලාභය ගැන දළ අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබ නියම කරන මිලට අදාළ භාණ්ඩය මිලට ගැනීමට පාරිභෝගිකයින් සූදානම් නම් නම් පමණක් මෙම කාර්‍යය cost effective කියලා සළකන්න අපිට හැකියාව තියෙනවා.

දරාගන්න පුළුවන් වියදමක්ද

Shipping/ transport cost ඉහළ අගයක් ගැනීම නිසා ආනයන වියදම් වැඩිවන බව ඔබට වැටහෙන්නට ඇති කියලා අපි හිතනවා. මේ නිසා කුඩා orders රාශියක් සිදු නොකර විශාල orders කිහිපයක් සිදු කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. නමුත් එයත් වියදම් අධික කටයුත්තක් විදියට තමයි සළකන්න සිදුවෙන්නේ. Supplier විසින් Letter of credit/ upfront payment/ payment guarantee වැනි ඉල්ලීමක් කිරීම හරහාත් ආනයනය තරමක් වියදම් අධික කටයුත්තක් විදියට ඔබට හඟෙන්නට ඉඩ තියෙනවා. නමුත් තමන්ගේ බැංකුව සමඟ සාකච්ඡා කරලා මේ තත්ත්වයට යම් සහනයක් ලබාගන්නට උත්සහ කරන්නට ඔබට හැකියාව තියෙනවා.

අවදානම ගැන දැනුවත්ද

මෙරටින් තොග මිලට ගෙන නැවත විකිණීමට වඩා ආනයනය කර විකිණිමේ යම් අවදානමක් ඇති බව රහසක් නෙවෙයි. Supplier සහ ඔබ අතර ඇති දුරස්ථභාවය වැඩි නිසා මිලට ගැනීමට පෙර භාණ්ඩවල ගුණාත්මක බව පරීක්ෂා කිරීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ දුරස්ථභාවය නිසා භාණ්ඩ ලැබීමට යන කාලය දීර්ඝ වනවා සහ යම් විදියකින් ඒවායේ ගැටලුවක් ඇත්නම් return කිරීමට ගතවන කාලයත් වැඩිවෙනවා. මෙවැනි හේතු කිහිපයක් නිසා සුදුසු terms and conditions ගණනාවකින් යුතු ගිවිසුමක් supplier සහ ඔබ අතර තිබිය යුතු වෙනවා. ඒ වගේම මේ අපහසුතාවලින් මිදී ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නම් විශ්වාසවන්ත supplier කෙනෙක් සමඟ ගනුදෙනු කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා.

Exchange rates කොහොමද

Exchange rates වල වෙනස් වීමේ අවදානමත් ඔබට දරන්නට වන බව සිහි තබාගත යුතුම කාරණාවක් වෙනවා. අදාළ විකුණුම්කරුවාගේ රටේ මුදල් වර්ගයෙන් මිළ ගණන සඳහන් කරන ලෙස ඉල්ලා අවදානම විකුණුම්කරු වෙත හැරවීම, රටේ සාමාන්‍යයෙන් විචල්‍යය වන මුදලේ අගය සීමාවක් තමන් ම තබාගෙන තමන් විසින්ම අවදානම දරා ගැනීම හෝ purchase forward contract ක්‍රමය අනුගමනය කරමින් ගනුදෙනු කිරීම මඟින් මේ අවදානම තරමක් දුරට මඟහරවා ගන්නට හැකියාව ලැබෙනවා.

Supplier විශ්වාසවන්තද

අඩුම මිලට භාණ්ඩ ලබාදෙන supplier හොඳම ගනුදෙනුකරුවා විදියට සළකන්න අමාරුයි.

මුදල් ලැබීමෙන් පසු භාණ්ඩ සැපයීම මඟ නොහරින, නියම වෙලාවට භාණ්ඩ සපයන සහ late delivery සඳහා සහන ලබාදෙන, උසස් තත්ත්වයේ සහ ඇනවුම් කළ ආකාරයේ භාණ්ඩ පමණක් සපයන, නිරන්තරයෙන් ම නිරවද්‍ය තොරතුරු ලබාදෙන, trading terms ගැන මනා අවබෝධයක් සහිත සහ ඒ අනුව ක්‍රියාකරන ආකාරයේ reputed supplier කෙනෙක් සමඟ ගනුදෙනු කිරීම ඔබට විශාල සහනයක් වනවා නොඅනුමානයි. අදාළ සැපයුම්කරුවාගෙන් භාණ්ඩ මිලට ගන්නා අනෙක් ගනුදෙනුකරුවන්ගෙන් තොරතුරු විමසා බැලීම, samples හරහා භාණ්ඩයේ තත්ත්වය සොයා බැලීම, අදාළ ආයතනය සම්බන්ධ reviews ගැන අවධානය යොමු කිරිම ඔබ අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා.

තවත් ගැටළු

රටවල් අතර පවතින භාෂාව, සංස්කෘතිය වැනි සාධකවල වෙනස්කම් නිසා ගනුදෙනු කටයුතු වලදි ගැටළු ඇති වීමටත් ඉඩ  තියෙනවා. එවැනි තත්ත්වයක් ඇති වීම මඟහරවා ගන්නට නම්, ගනුදෙනු කටයුතු ආරම්භ කිරීමට පළමුව ඉතා හොඳින් අදාළ රට සහ අදාළ ආයතනය පිළිබඳව තොරතුරු සොයාබැලීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. Miscommunication සහ misunderstanding හේතුවෙන් ඇතිවිය හැකි අපහසුතා වළක්වා ගැනීමටත් ව්‍යාපාරයේ සා‍ර්ථකත්වයටත් එය උපකාරයක් වනවා නොඅනුමානයි.

Related Articles