Home #BossladyEntrepreneurship රෙදි පින්තාරු කිරීමේ ව්‍යාපාරයක් අරඹන්න කැමතිද

රෙදි පින්තාරු කිරීමේ ව්‍යාපාරයක් අරඹන්න කැමතිද

by ladylk

නිවසට වී කල් ගත කරන හෝ රැකියාවෙන් ලබන වැටුපට අමතරව ආදායමක් ඉපයීමට කැමති ඕනෑම කෙනෙක්ට ආරම්භ කරන්න පුළුවන් ස්වයං රැකියාවක් ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ගැළපෙන උපකරණ භාවිතා කිරීම මඟින් සාර්ථක ප්‍රථිපල ලබාගන්නට හැකි මේ කාර්ය සඳහා විශේෂ කලා හැකියාවක් අවශ්ය වෙන්නෙත් නෑ. ඉතින්, T- shirts, bags හෝ සාරි පින්තාරු කිරීම ව්යාපාරයක් වශයෙන් සිදු කරන්නට අදහසක් තියෙන ඔබට මේ ලිපිය වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

Paint
උසස් ම තත්ත්වයේ brand එකකින් fabric paint තෝරා ගැනීමෙන් වඩා අලංකාරවත් සහ කල්පැවැත්මෙන් යුතු නිර්මාණ සිදු කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. වෙන වෙනම හෝ 6, 12 packs ආකාරයට මිලට ගත හැකි මෙම වර්ණ තනි පැහැයක් වශයෙන් ආලේප කරනවාට අමතරව එකිනෙක හා මිශ්‍ර කර තවත් අලංකාර වර්ණ නිර්මාණය කරගැනීමටත් අවස්ථාව තියෙනවා.

රෙදි වර්ග
මේ සඳහා වඩාත්ම සුදුසු රෙදි වර්ගය වන්නේ අමු රෙදි වන අතර poplin, linen, cotton සහ denim, muslin, canvas කියන වර්ගත් පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. Paint කරන්න කලින් අදාළ රෙදි වර්ගයේ කැඳ ගතිය ඉවත්වෙන තුරු හොඳින් සෝදා, වියළා, iron කරගන්න අමතක කරන්න එපා. මුල්ම වතාවට සෝදන්නේ නිර්මාණය අවසන් කිරීමෙන් පසුව නම් රෙද්ද ඇකිළී නිර්මාණය සාර්ථක නොවීමට ඉඩ ඇති නිසා මුලින්ම සේදීම සහ iron කිරීම අනිවාර්ය වෙනවා. හැබැයි සේදීමේදී fabric softener වර්ග යෙදීමත් සුදුසු කටයුත්තක් වන්නේ නැහැ. ඒ වගේම, ඔබ silk හෝ rayon වැනි රෙදි වර්ගයක පින්තාරු කරනවා නම් එවැනි රෙදි වර්ග සඳහාම සඳහාම වන fabric paint වර්ග මිලට ගතයුතු වෙනවා. කොහොම වුණත් tightly woven fabric වර්ගවල වඩා සාර්ථකව පින්තාරු කිරීම සිදු කළ හැකි බව ඔබ දැනගත යුතුම කාරණයක් වෙනවා. ඒ වගේම නූල් තරමක් දුරින් පිහිටා ඇති වෙනත් fabric වර්ගවල (jute වැනි) පින්තාරු කිරීමේදී විශේෂ techniques භාවිතා කිරීමට සිදු වෙනවා. මුලින්ම කුඩා කොටසක් වර්ණ ගන්වා සුදුසුම රෙදි වර්ගය තෝරා ගෙන තමන්ගේ කාර්ය ආරම්භ කිරීම තමයි සුදුසුම දේ වන්නේ. ඒ වගේම නිර්මාණය සිදු කිරීමට පෙර රෙදි මතට වතුර ස්වල්පයක් spray කිරීමෙන් වර්ණ හොඳින් රෙද්දට උරා ගැනීමක් වෙන බවත් කිව යුතුම කරුණක් වෙනවා.

අවශ්‍ය දේවල්
Fabric painting සඳහා විවිධ ප්රමාණයේ paint brushes ඔබට අවශ්ය වෙනවා. තමන්ගේ කාර්ය ආරම්භ කිරීමට පෙර අවශ්යතාවය අනුව nylon කෙඳි සහිත පින්සල් මිලට ගැනීම සිදු කළ යුතු වෙනවා. කොහොම වුණත් විවිධ painting techniques සඳහා එකිනෙකට වෙනස් ප්රමාණවල පින්සල් අවශ්ය නිසා ඒ පිළිබඳවත් හොඳින් දැනුවත් වී පහත සඳහන් පින්සල් සහ අනෙකුත් උපකරණ මිලට ගැනීමට යොමුවෙන්න කියලා අපි සිහිපත් කරනවා. Flat සහ round tips සහිත විවිධ ප්රමාණයේ පින්සල්, foam brushes, sponges, tooth brushes, වතුර දැමීමට කුඩා භාජන, වැඩ කරන ස්ථානය පිරිසිදුව තබා ගැනීමට අවශ්ය plastic covers, apron, paint palette, paper towels, dress- making carbon (රෙදි මත අඳින carbon කඩදාසි), hb වර්ගයේ පැන්සල්, නිර්මාණය සිදු කරන රෙදි කැබැල්ලට යටින් තැබීමට rigifoam board/ ඝනකම් cardboard, drawing pins, සේදූ පින්සල් පිසදැමීමට රෙදි කැබලි, tracing papers, stencils, outlines, palette knife, spray bottles වගේ දේවල් ඔබ විසින් සූදානම් කරගැනීම අවශ්ය වෙනවා.

Fabric painting techniques
රෙදි පින්තාරුව සඳහා යොදා ගන්නට හැකි ක්රම ගණනාවක් තියෙනවා. එයින් කිහිපයක් පහතින් සඳහන් කර ඇති අතර හැකියාවක් ඇත්නම් මේ ක්රම සියල්ලම අත්හදා බලා වඩා සාර්ථක ක්රම හෝ ක්රමය සොයාගැනීමට ඔබට හැකියාව තියෙනවා.
Wet into Wet Technique
Salt Technique
Roller Painting
Filling Colors
Tie and Dye
Block Printing / Stamping
Spraying
Using Stencils
Screen Printing
Sun Painting
Marbling
Dyeing
Batik Technique

Heat setting and fabric care
Acrylic paints වලින් නිමවූ පින්තාරුවක් වියළීමෙන් පසුව නැවත ඉවත් වන්නේ නැති අතර මේ නිසා එයට විශේෂ heat setting කිරීමක් ඊට අවශ්ය වන්නෙත් නැහැ. නමුත් සමහර paint වර්ගවලින් කරන ලද නිර්මාණ වඩා හොඳින් ස්ථීරවීමට නම් ඒ මත iron කිරිම අවශ්ය වෙනවා. මෙය ස්ථීරවම දැන ගැනීමට නම් මුලින්ම කුඩා රෙදි කැබැල්ලක් භාවිතා කර අත්හදා බැලීම සිදුකළ යුතු වෙනවා. ඒ වගේම සමහර paint වර්ග භාවිතයෙන් පසුව hand wash කළ යුතු අතර තවත් සමහර paint වර්ග දැමීමෙන් පසුව washing machine දමා සේදීම වුණත් සිදු කළ හැකි වෙනවා. ඒ සම්බන්ධ තොරතුරු ඇසුරුමේ සඳහන් වෙලා තියෙන නිසා මුලින්ම ඒ කරුණු කියවා දැනුවත් වීම ඔබට පහසුවක් වන්නට ඉඩ තියෙනවා. පින්තාරු කළ රෙදි උණු වතුරේ පෙඟවීම හෝ සේදීම කිසි සේත්ම සුදුසු වන්නේ නැති අතර මේ රෙදි හිරු එළියේ වේලා ගන්නා විට පින්තාරුව සහිත පැත්ත නොව අනෙක් පස පිටතට හිටින ආකාරයට වේලා ගැනීමටත් අමතක කරන්න එපා.

Related Articles